උඹට සීරියස් උත්තරයක් දෙන්නම් මොකද මේක ඇත්තටම රට ගැන ප්‍රශ්නයක් නිසා.
IT policy එකක් හරි, වෙන policy එකක් හරි හදන එක ඇවිල්ලා සමාජ අධ්යනට වගේ හිතට එන මගුල් ලියන එකක් නෙවී. ඇත්තට research කරලා, ඒවා debate කරලා හදන්න ඕන එකක්. ඒ කියන්නෙ ඒ subject එකට expert වෙන උන්ව එකතුකරගන්න ඕනා. ඉතින් එහෙම කට්ටියක් සෙට් උනාම එතන english writting skills තියෙන ඩයල් නෑ කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. මොකද IT industry එකේ mid level ඉඳන් top level එක වෙනකන් ඉන්න 95%ට වැඩි දෙනාට English හැකියාව තියෙනවා.
එතකොට අපිට එන ප්‍රශ්නේ තමා මේක ඇත්තට ලිව්වේ මේ ගැන දැනුමක්වත්/experience එකක්වත් නැති කට්ටියක්ද කියන එක. එහෙමනම් ඒක භයානකයි මොකද දන්නේ නැති/තේරෙන්නෙ නැති දේවල් රටකට කරන්න යනවා කියන්නෙ recipe for disaster එකක් කියන එක.
එයාලට ග්‍රැමර් ප්‍රශ්නයක්නම් තිබ්බෙ grammly වගේ එකක් පාවිච්චි කරන්න තිබ්බා. ඒක සාධාරනයි. ඒත් ගෙඩි පිටින් මෙහෙම generate කරන එක නම් ලොකු අවුලක්.
තව දෙයක්,
අරයා එහෙම කලා, මෙහෙම කලා ඉතින් අපි කලාට මොකද කියන එක මෙතනට වැඩක් නෑ බන්.
"අපි අනිත් අය වගේ නෙවී. ඒ නිසා අපිට චන්දේ දෙන්න" කියලනේද ජෙප්පො හැමතැනම කියන්නෙ? ඉතින් බන් උනුත් අරුන් වගේ නම් ඇයි ජෙප්පන්ට ඡන්දේ දෙන්නෙ?
එකම වැඩේ කරන්න හදන පලපුරුද්දක් තියෙන උන් ඉන්නකොට ඒ වැඩෙම කරන්න හදන පලපුරුද්දක් නැති උන්ට දීලා නාන්නේ ඇයි?