හොද තේ වර්ගයක් අතේ ඇති මුදලට නැද්ද ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොද තේ වර්ගයක් අතේ ඇති මුදලට නැද්ද ?

    කඩවල් වල ලිප්ටන්, වටවල, ලාඕජී,රස පදම,සෙස්ට.කොටගල වගෙ නොයෙක් පන්නයේ තේ කොළ වර්ග විකුණන්න තියෙනවනෙ. එව අරගෙන බීලත් ඇති මේකෙ අය.. මම කියන්නේ ඩිල්මා වගේ සුපිරි බ්‍රැන්ඩ් ගැන නෙවෙයි.. එදිනෙදා කඩෙ විකුණන්න තියන සාමාන්‍ය තේ ගැන... :yes::yes:
    මේ මොන නමින් තිබ්බත් ඒ තේ වල රහ අඩුයි. ගොඩක් වෙලාවට ඉහත නම් කියපුවයින් බහුතරේක කසල තේ රසමයි එන්නේ... :confused::confused:

    හොද තේ කොළ එකක් ආවොත් හොද ස්වාභාවික රස තියන ඔබතුමාල ඒක ගන්නවද ?

    මොකක්ද මේ තේ මාකට් එක ගැන ඔබේ අදහස ?
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Tea Tang hill Crest ela den thiyenne tea Tang orange lable eke ena eka witharai. Kohomada danne nehe
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Tea Tang hill Crest ela den thiyenne tea Tang orange lable eke ena eka witharai. Kohomada danne nehe

    හොද හොද ඒව පට්ට ගනන්. මම් කියන්නේ රුපියල් 200කට ග්‍රැම් 100ක් වගෙ ගන්න පුලුවන් හොද තත්වයේ තේ කොළ

    Rep+++
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ගන්න පුලුවන් මිලකට දෙනව නම් ගන්නවා. දැනට සෙස්ටා තමයි බොන්නේ. අනිත් ඒවට වඩා ඒකේ රසයක් තියෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් තේ බොන එක අතඇරියා තුන්වේලටම තෙලිජ්ජ හම්බවෙනවා මේ දවස්වල ඒක පට්ට:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරනවා නෙමෙයි. ඔෆිස් එකෙන් මැබ්රොක් ටී සල්ලි දීලා ගත්ත කාලයක් තිබුනා. ග්‍රෑම් 500 පැකට් තිබුනේ. ගෙදර මිනිස්සු පුදුම කැමැත්තක් තිබුනේ ඒ තේ එකට. දැන්නම් තියෙනවද දන්නෙත් නෑ..... කාලෙකින් රහට තේ එකක් බිව්වේ නෑ. සිලෝන් ටී ඔක්කොම හොරට ගහනවා /කලවන්කරනවා:baffled::baffled:
     
    • Like
    Reactions: D_Mad

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    mama uk vala ona taram hodama tea harrods eken aragena tea hadanava.oya kiyana tea taste eka kavadavath avilla naha.tea hadana eka kalavak.samahara kello ona kahala tea ekakin hena rasa tea ekak hadanava.samahara kello bop nevei moka dunnath tea hadanna baha
     
    සිරාම කතාව. මම තේ එකක් හැදුවොත් පොල්කොළ රහයි. බල්ලෙක්ට බොන්න බෑ. ලංකාවේ ඉද්දි ඔය මම කියපු බ්‍රෑන්ඩ් එකෙක් තේ හැදුවත් ගෙදර එක එක අය හදනකොට එක එක රසයි

    ++
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    subscribed

    :cool: thanks bro

    ගන්න පුලුවන් මිලකට දෙනව නම් ගන්නවා. දැනට සෙස්ටා තමයි බොන්නේ. අනිත් ඒවට වඩා ඒකේ රසයක් තියෙනවා.

    ela mchn. count on you. :cool:

    දැන් තේ බොන එක අතඇරියා තුන්වේලටම තෙලිජ්ජ හම්බවෙනවා මේ දවස්වල ඒක පට්ට:P

    මහජන මුක්තා අස්සේ ඉන්න ඇත්ත එකා බලාගන්න පුදුම ආසවක් තියනව බං, කොල්ලො ගහන්න නෙවෙයි මේ දෙන ආතල් වල අයිතිකරුව බලාගන්න.. අනිව හොද ගං කුකුළෙක් වෙන්න ඕන​

    මම මේ බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරනවා නෙමෙයි. ඔෆිස් එකෙන් මැබ්රොක් ටී සල්ලි දීලා ගත්ත කාලයක් තිබුනා. ග්‍රෑම් 500 පැකට් තිබුනේ. ගෙදර මිනිස්සු පුදුම කැමැත්තක් තිබුනේ ඒ තේ එකට. දැන්නම් තියෙනවද දන්නෙත් නෑ..... කාලෙකින් රහට තේ එකක් බිව්වේ නෑ. සිලෝන් ටී ඔක්කොම හොරට ගහනවා /කලවන්කරනවා:baffled::baffled:

    කලවම් කිරීම කරන්නේ ඉල්ලුම පාලනය කිරීමට සහ තේ විවිධත්වයක් ඇති කිරීමට. නමුත් මට්ටකුලියේ පෑලියගොඩ පැත්තේ තම්බියො කරන ටහිකෙන කලවම් කිරිල්ල නිසා ඔය මාකට්1 තියන බහුතරේම පච වෙලා තියෙන්නෙ ඩිල්මා, අක්බාර් වගෙ උඩ ලෙවල්1 ඇරෙන්න.​

    :cool:

    mama uk vala ona taram hodama tea harrods eken aragena tea hadanava.oya kiyana tea taste eka kavadavath avilla naha.tea hadana eka kalavak.samahara kello ona kahala tea ekakin hena rasa tea ekak hadanava.samahara kello bop nevei moka dunnath tea hadanna baha

    ඕක නම් ඇත්ත.. කහල තේ වලින් සුපිර් තේ දාන උන් ඉන්නවා. නමුත් මම කතා කරන්නේ පීඩිතම පන්තිය නෙවෙයි ඉහලම පන්තියත් නෙවෙයි මධ්‍යම අයගේ හැකියාව එක්ක දැරියහැකි ගානකට දෙයක්...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචෝ මං දන්න දෙයක් කියන්නම් ලංකාවේ වැඩියෙන්ම විකිනෙන්නේ වටවල (වැඩක් නෑ ඒකත්) දෙවැනියට ලාඕජි ඊලගට සිලෝන්ටා (මේ දෙකම කරන්නේ යුනිලිවර්) දැන් මැලිබන්/ කොටගල /අපේ තේ/සෙස්ටා/රන්තේ කියලා ගොඩක් වර්ග තියනවා ගොඩක් අය පොඩියට හොදතේ පැකට් කරලා විකුනන්න හදනවා ඒති ලංකාවේ ඒවැඩේ සාර්තක නෑ මොකද ලුස් හොද තේ කොල ගන්න සොප් තියනවා ලංකාවේ හොද ඒවා තෝරන අය ඒවාගෙන් හොද ඒවා ගන්නවා( මට හොද ලොකු කොල තියන නියම තේ හම්බවෙනවා කිලෝව රැ 1100ට මං ගෙදර පාචිචිචයට ගන්නේ එවා)
    ක්‍රමය 1
    1 උබ බිස්නස් කරන්න හිතනවා නම් ඉස්සල්ලා උබ හොදම තේ එක්ක ගනන් අඩුම තේ එකක් කඩවලට ගෙනියපන් (හොද ලස්සනට පැකට් කරලා තිබීම අනිවාර්්‍යයි)
    2 ලොකු ලොකු පැකට් ගහන්න එපා ඉස්සල්ලා ගෑම් 20 / 50 / 100 විතරක් ගහපන්

    3 සාමානයෙන් වැඩියෙන්ම යන්නේ ගෑම් 20 පැකට් ඒක නිසා ඒවා වැඩියෙන් ගෙනියපන් (එක පාරට අලුත් වර්ගයක් ආවම ලොකු පැකට් කවුරැවත් ගන්න කැමති නෑ)

    4 ගනන් වැඩි හොද තේ කොල එකට එකනමක් දාලා පැකට් කරපන් අනෙක් ගනන් අඩු එක වෙන නමක් දාපන් ගෑම් 20 එකෙන් කඩේට තියෙන්නේ රැ 2ක් විතර උබ මුලින් ලාබේ වැඩිය හිතන්නේ නැතිව රැ 4ක් විතර දියන් මුදලාලිව අල්ල ගන්න එතකොට මුදලාලි ගනියි අනිවා උබෙන් ඒ අතර අර උබේ හොද තේකොල බෑන්ඩ් එකත් පුරැදු කරපන් (මැලිබන් ග්‍රෑම් 20 රැ 20යි 18ට කඩේට වැටෙන්නේ)(පස්සේ බඩුවලට පුරැදු උනාම ගනන් වැඩි කරන්න පුළුවන්)

    ක්‍රමය 2 (උබට සල්ලි තියනවා නම් වියදම් කරන්න)

    ආයේ දෙකක් නෑ ටීවි කොමර්ෂල් එකක් දාලා ලෝන්ජ් කරපන් මිනිස්සු කඩ හොයාගෙන ගිහින් අහන්නේ (ඔය වටවල ලාඔජි මැලිබන් සිලෝන්ටා කොටගල මාකට් ඇල්ලුවේ එහෙම තමා)

    මං ගැනත් උබ අහලා තිබ්බනේ:P:P අඩේ මේ පිටින් පේන මුණ නෙමෙයි ඇතුලාන්නේ දන්නෝ දනියි මං ගැන:P:P:P
     
    • Like
    Reactions: D_Mad and EvilEye

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    කඩවල් වල ලිප්ටන්, වටවල, ලාඕජී,රස පදම,සෙස්ට.කොටගල වගෙ නොයෙක් පන්නයේ තේ කොළ වර්ග විකුණන්න තියෙනවනෙ. එව අරගෙන බීලත් ඇති මේකෙ අය.. මම කියන්නේ ඩිල්මා වගේ සුපිරි බ්‍රැන්ඩ් ගැන නෙවෙයි.. එදිනෙදා කඩෙ විකුණන්න තියන සාමාන්‍ය තේ ගැන... :yes::yes:
    මේ මොන නමින් තිබ්බත් ඒ තේ වල රහ අඩුයි. ගොඩක් වෙලාවට ඉහත නම් කියපුවයින් බහුතරේක කසල තේ රසමයි එන්නේ... :confused::confused:

    හොද තේ කොළ එකක් ආවොත් හොද ස්වාභාවික රස තියන ඔබතුමාල ඒක ගන්නවද ?

    මොකක්ද මේ තේ මාකට් එක ගැන ඔබේ අදහස ?

    කඩවල විකුනන්න තියන තේ වර්ග කිසිම එකක වෙනසක් මම නම් දකින්නේ නැහැ . ඒවා ඔක්කෝම එකම කොලිටියේ තේ, වෙනස් වෙනස් ලේබල් යටතේ වෙළඳපොළට එවනවා කියලයි මට හිතෙන්නේ. දිල්මා කියන්නේ "'හොඳම"' ඇඩ්වර්ටයිසිං කැම්පේන් එක කරන කොම්පැනිය මිසක් හොඳම තේ නොවෙයි. 1970 හා 80 දශක වලදී 'මැද රට තේ' ලෙස හැඳින්වෙන (බුත්කන්දේ හේස් සහ දෙනියායේ දෙනියාය වතුයාය දෙකෙන්) අපනයන තත්වයේ තේ කොළ යම් ප්‍රමාණයක් (මසකට රාත්තල් කිහිපයක් ) ඉතාම අඩු මුදලකට අපට ලැබුනා. ඒ එවකට අප සතුව තිබු තේ ඉඩමක දළු, එම වතු වලට ලබාදීම නිසා යම් දිරිගැන්වීමක් ලෙසටයි. මේ තේ කොළ කෙලින්ම ෆැක්ටරියේ පැකිං ලයින් එකෙන් අරගෙන ඇලුමිනියම් ලයිනර් සහිත බෑග් එකේ දමා දෙන්නේ අප ඉදිරිපිටදීමයි. පසුකාලයේ එම ඉඩම විකුණා දැමූ නිසා අපේ තේ කෝටා එක නැති උනා. අපේ පාවිච්චිය හැර අපේ නෑදෑ හිතමිතුරන්, අසල්වැසියන් විශාල ප්‍රමාණයකටත් මේ තේ කොළ ඉතාම සාධාරණ මිලකට අපි විකුණුවා. මේ තේ සහිත බෑගය (රාත්තල් කිහිපයක් කියන්නේ විශාල බෑගයක් ) ගෙදර තියන තාක් කල් මුළු ගෙදරම තේ කොළ සුවඳයි. ඒක පිටින් ගෙදරට එන කෙනෙකුට එකවරම දැනෙනවා. ඒ තේ කොළ වල රස විඳි මමත් , අනිකුත් උදවියත් වසර තිහ හතළිහකට පසුවත් එහි රසය මතක හිටින්න නම්, ඒවා කොපමණ හොඳට තියෙන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන් නේද?
     
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,452
    113
    මම මේ බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරනවා නෙමෙයි. ඔෆිස් එකෙන් මැබ්රොක් ටී සල්ලි දීලා ගත්ත කාලයක් තිබුනා. ග්‍රෑම් 500 පැකට් තිබුනේ. ගෙදර මිනිස්සු පුදුම කැමැත්තක් තිබුනේ ඒ තේ එකට. දැන්නම් තියෙනවද දන්නෙත් නෑ..... කාලෙකින් රහට තේ එකක් බිව්වේ නෑ. සිලෝන් ටී ඔක්කොම හොරට ගහනවා /කලවන්කරනවා:baffled::baffled:

    I am with you on that. I have the same suspicion....They are mixing with low quality Indian or Kenyan tea.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    ලාබෙටම හොඳම රස තියෙන්නේ George Steuart tea. තේ බෑග් 100 රුපියල් 360 යි.

    ඊළඟට සෙස්ටා. බෑග් 100 450 යි :yes: