හොද තේ වර්ගයක් අතේ ඇති මුදලට නැද්ද ?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජෝන්ස් බ්ලැක් ටී කියලා එකක් තියනවා නේද 100g රුපියල් 250ක්ද කොහෙද? ඒකනං පට්ට. මං කියන්නේ අපි නුවර එළියෙන් අරං එන BOP ටින් එක තරං පට්ට කියලා නෙමෙයි. අනිත් ඒවාට වඩා පට්ට. හැබැයි ඒක හුළං වදින්නෙ නැතිවෙන්න තියාගන්න ඕන. නැත්තං සතිදෙකක් විතර යද්දි රස ගතිය යනවා.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මචං පහතරට tea factory වලින් හොඳම black tea ගන්න පුලුවන් අඩුවට bop,bopf කියන්නෙ තේ වල ග්‍රේඩ් දෙකක් Bop 500g පැකට් එකක් රුපියල් 350ක් වගේ වෙන්නෙ ඩස්ට් එක නෙවෙයි ගම්මිරිස් ඇට සයිස් එකට අඹරලා තියෙන්නෙ නියම තේ රස තියෙනවා අපි බොන්නෙ ඒක
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචෝ මං දන්න දෙයක් කියන්නම් ලංකාවේ වැඩියෙන්ම විකිනෙන්නේ වටවල (වැඩක් නෑ ඒකත්) දෙවැනියට ලාඕජි ඊලගට සිලෝන්ටා (මේ දෙකම කරන්නේ යුනිලිවර්) දැන් මැලිබන්/ කොටගල /අපේ තේ/සෙස්ටා/රන්තේ කියලා ගොඩක් වර්ග තියනවා ගොඩක් අය පොඩියට හොදතේ පැකට් කරලා විකුනන්න හදනවා ඒති ලංකාවේ ඒවැඩේ සාර්තක නෑ මොකද ලුස් හොද තේ කොල ගන්න සොප් තියනවා ලංකාවේ හොද ඒවා තෝරන අය ඒවාගෙන් හොද ඒවා ගන්නවා( මට හොද ලොකු කොල තියන නියම තේ හම්බවෙනවා කිලෝව රැ 1100ට මං ගෙදර පාචිචිචයට ගන්නේ එවා)
    ක්‍රමය 1
    1 උබ බිස්නස් කරන්න හිතනවා නම් ඉස්සල්ලා උබ හොදම තේ එක්ක ගනන් අඩුම තේ එකක් කඩවලට ගෙනියපන් (හොද ලස්සනට පැකට් කරලා තිබීම අනිවාර්්‍යයි)
    2 ලොකු ලොකු පැකට් ගහන්න එපා ඉස්සල්ලා ගෑම් 20 / 50 / 100 විතරක් ගහපන්

    3 සාමානයෙන් වැඩියෙන්ම යන්නේ ගෑම් 20 පැකට් ඒක නිසා ඒවා වැඩියෙන් ගෙනියපන් (එක පාරට අලුත් වර්ගයක් ආවම ලොකු පැකට් කවුරැවත් ගන්න කැමති නෑ)

    4 ගනන් වැඩි හොද තේ කොල එකට එකනමක් දාලා පැකට් කරපන් අනෙක් ගනන් අඩු එක වෙන නමක් දාපන් ගෑම් 20 එකෙන් කඩේට තියෙන්නේ රැ 2ක් විතර උබ මුලින් ලාබේ වැඩිය හිතන්නේ නැතිව රැ 4ක් විතර දියන් මුදලාලිව අල්ල ගන්න එතකොට මුදලාලි ගනියි අනිවා උබෙන් ඒ අතර අර උබේ හොද තේකොල බෑන්ඩ් එකත් පුරැදු කරපන් (මැලිබන් ග්‍රෑම් 20 රැ 20යි 18ට කඩේට වැටෙන්නේ)(පස්සේ බඩුවලට පුරැදු උනාම ගනන් වැඩි කරන්න පුළුවන්)

    ක්‍රමය 2 (උබට සල්ලි තියනවා නම් වියදම් කරන්න)

    ආයේ දෙකක් නෑ ටීවි කොමර්ෂල් එකක් දාලා ලෝන්ජ් කරපන් මිනිස්සු කඩ හොයාගෙන ගිහින් අහන්නේ (ඔය වටවල ලාඔජි මැලිබන් සිලෝන්ටා කොටගල මාකට් ඇල්ලුවේ එහෙම තමා)




    Thank you very much for valuable advice brother... It's really helpful. :yes:



    මං ගැනත් උබ අහලා තිබ්බනේ:P:P අඩේ මේ පිටින් පේන මුණ නෙමෙයි ඇතුලාන්නේ දන්නෝ දනියි මං ගැන:P:P:P

    :D:D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කඩවල විකුනන්න තියන තේ වර්ග කිසිම එකක වෙනසක් මම නම් දකින්නේ නැහැ . ඒවා ඔක්කෝම එකම කොලිටියේ තේ, වෙනස් වෙනස් ලේබල් යටතේ වෙළඳපොළට එවනවා කියලයි මට හිතෙන්නේ. දිල්මා කියන්නේ "'හොඳම"' ඇඩ්වර්ටයිසිං කැම්පේන් එක කරන කොම්පැනිය මිසක් හොඳම තේ නොවෙයි. 1970 හා 80 දශක වලදී 'මැද රට තේ' ලෙස හැඳින්වෙන (බුත්කන්දේ හේස් සහ දෙනියායේ දෙනියාය වතුයාය දෙකෙන්) අපනයන තත්වයේ තේ කොළ යම් ප්‍රමාණයක් (මසකට රාත්තල් කිහිපයක් ) ඉතාම අඩු මුදලකට අපට ලැබුනා. ඒ එවකට අප සතුව තිබු තේ ඉඩමක දළු, එම වතු වලට ලබාදීම නිසා යම් දිරිගැන්වීමක් ලෙසටයි. මේ තේ කොළ කෙලින්ම ෆැක්ටරියේ පැකිං ලයින් එකෙන් අරගෙන ඇලුමිනියම් ලයිනර් සහිත බෑග් එකේ දමා දෙන්නේ අප ඉදිරිපිටදීමයි. පසුකාලයේ එම ඉඩම විකුණා දැමූ නිසා අපේ තේ කෝටා එක නැති උනා. අපේ පාවිච්චිය හැර අපේ නෑදෑ හිතමිතුරන්, අසල්වැසියන් විශාල ප්‍රමාණයකටත් මේ තේ කොළ ඉතාම සාධාරණ මිලකට අපි විකුණුවා. මේ තේ සහිත බෑගය (රාත්තල් කිහිපයක් කියන්නේ විශාල බෑගයක් ) ගෙදර තියන තාක් කල් මුළු ගෙදරම තේ කොළ සුවඳයි. ඒක පිටින් ගෙදරට එන කෙනෙකුට එකවරම දැනෙනවා. ඒ තේ කොළ වල රස විඳි මමත් , අනිකුත් උදවියත් වසර තිහ හතළිහකට පසුවත් එහි රසය මතක හිටින්න නම්, ඒවා කොපමණ හොඳට තියෙන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන් නේද?

    උදේම නැගිටල හුජ්ජ කරන්න පිළිකන්නට ගියාම හේස් වත්ත තමා පේන්නේ මටත් සහෝදරයා.. ඔව් හිතාගන්න පුලුවන්. ඔයිට සමාන අත්දැකීමක් මමත් විදිනවා. ඒකයි හිතුවේ වැඩේ පටන් ගන්න...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආර්පිකෝ - සෙන්ට් ක්ලෙයාර් තේ හොඳයි
    ජෝර්ජ් ස්ටුවර්ට් තේ හොඳයි
    හේලීස් - මැබ් රොක් තේ හොඳයි
    ඩිල්මා හොඳයි, හැබැයි ගණන්

    යුනිලීවර් සිලෝන්ටා, වටවල සෙස්ටා, වටවල කහට රසයෙන් අඩුයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලාබෙටම හොඳම රස තියෙන්නේ George Steuart tea. තේ බෑග් 100 රුපියල් 360 යි.

    ඊළඟට සෙස්ටා. බෑග් 100 450 යි :yes:

    100bags wala weight kochcharada mcho ?


    Lifebuoy wage tama. Kadeta gihin illanne watawals :|

    ow mchn.. purudu wela..


    Bump තමා

    thanks sis



    thanks bro

    ජෝන්ස් බ්ලැක් ටී කියලා එකක් තියනවා නේද 100g රුපියල් 250ක්ද කොහෙද? ඒකනං පට්ට. මං කියන්නේ අපි නුවර එළියෙන් අරං එන BOP ටින් එක තරං පට්ට කියලා නෙමෙයි. අනිත් ඒවාට වඩා පට්ට. හැබැයි ඒක හුළං වදින්නෙ නැතිවෙන්න තියාගන්න ඕන. නැත්තං සතිදෙකක් විතර යද්දි රස ගතිය යනවා.

    hulan wadunama nam sawuththu wenawa mchn... thanks mchn info walata..​

    මචං පහතරට tea factory වලින් හොඳම black tea ගන්න පුලුවන් අඩුවට bop,bopf කියන්නෙ තේ වල ග්‍රේඩ් දෙකක් Bop 500g පැකට් එකක් රුපියල් 350ක් වගේ වෙන්නෙ ඩස්ට් එක නෙවෙයි ගම්මිරිස් ඇට සයිස් එකට අඹරලා තියෙන්නෙ නියම තේ රස තියෙනවා අපි බොන්නෙ ඒක

    pm kala bro


    tnaks bokka
     
    • Like
    Reactions: ChoraKolla

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    if it's a good product for a good price people will buy.. that's a given
    are you looking to sell some here?

    mchn wade patan ganna kalin podi research 1tath ekka damme meka.. patan gaththata passe :) ow yes :)
    Thanks mcho
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආර්පිකෝ - සෙන්ට් ක්ලෙයාර් තේ හොඳයි
    ජෝර්ජ් ස්ටුවර්ට් තේ හොඳයි
    හේලීස් - මැබ් රොක් තේ හොඳයි
    ඩිල්මා හොඳයි, හැබැයි ගණන්

    යුනිලීවර් සිලෝන්ටා, වටවල සෙස්ටා, වටවල කහට රසයෙන් අඩුයි.

    ස්තුතියි මචං

    Another factor for Tea taste depend on the water taste

    ස්තුතියි මචං


    thanks bro


    rep iwarayi adata. heta denawa kaatath sure
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Zenra ganin.. supiri

    ZENRA-TEA-100G1449916528.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113

    100bags wala weight kochcharada mcho ?

    200g බන්. පාඩු නෑ නේ 360 ට :yes: 350 ට තිබ්බේ ගිය මාසෙ මේ මාසෙ 360 වෙලා :sorry:

    1Nks4hc.jpg
     
    Last edited:

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    අපි නම් ඩිරෙක්ට්ලි ෆැක්ටරියකින් ගන්නෙ. කඩේ තියන ඒවට වඩා නම් රසයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    200g බන්. පාඩු නෑ නේ 360 ට :yes: 350 ට තිබ්බේ ගිය මාසෙ මේ මාසෙ 360 වෙලා :sorry:

    1Nks4hc.jpg

    ඔව් මචං ඔබ හරි. පොඩි පැකට් නැතිව නෝමල් විදියට 100g බැග්1ක් දුන්නොත් එක කරදරයි නේද ? මේක ලේසි. දැම්ම ගත්ත.​
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    පහතරට තේ මෙයාලගෙන් ගන්න පුළුවන් වෙයි. good quality tea:yes:
    Nandana Tea Factory (Pvt) Ltd., Akuressa, Sri Lanka
    Tel-: 041-5677444, 041-5620712, 077-7920019

    JN7Cb29.png
    xEg9SeX.png