මචෝ මං දන්න දෙයක් කියන්නම් ලංකාවේ වැඩියෙන්ම විකිනෙන්නේ වටවල (වැඩක් නෑ ඒකත්) දෙවැනියට ලාඕජි ඊලගට සිලෝන්ටා (මේ දෙකම කරන්නේ යුනිලිවර්) දැන් මැලිබන්/ කොටගල /අපේ තේ/සෙස්ටා/රන්තේ කියලා ගොඩක් වර්ග තියනවා ගොඩක් අය පොඩියට හොදතේ පැකට් කරලා විකුනන්න හදනවා ඒති ලංකාවේ ඒවැඩේ සාර්තක නෑ මොකද ලුස් හොද තේ කොල ගන්න සොප් තියනවා ලංකාවේ හොද ඒවා තෝරන අය ඒවාගෙන් හොද ඒවා ගන්නවා( මට හොද ලොකු කොල තියන නියම තේ හම්බවෙනවා කිලෝව රැ 1100ට මං ගෙදර පාචිචිචයට ගන්නේ එවා)
ක්රමය 1
1 උබ බිස්නස් කරන්න හිතනවා නම් ඉස්සල්ලා උබ හොදම තේ එක්ක ගනන් අඩුම තේ එකක් කඩවලට ගෙනියපන් (හොද ලස්සනට පැකට් කරලා තිබීම අනිවාර්්යයි)
2 ලොකු ලොකු පැකට් ගහන්න එපා ඉස්සල්ලා ගෑම් 20 / 50 / 100 විතරක් ගහපන්
3 සාමානයෙන් වැඩියෙන්ම යන්නේ ගෑම් 20 පැකට් ඒක නිසා ඒවා වැඩියෙන් ගෙනියපන් (එක පාරට අලුත් වර්ගයක් ආවම ලොකු පැකට් කවුරැවත් ගන්න කැමති නෑ)
4 ගනන් වැඩි හොද තේ කොල එකට එකනමක් දාලා පැකට් කරපන් අනෙක් ගනන් අඩු එක වෙන නමක් දාපන් ගෑම් 20 එකෙන් කඩේට තියෙන්නේ රැ 2ක් විතර උබ මුලින් ලාබේ වැඩිය හිතන්නේ නැතිව රැ 4ක් විතර දියන් මුදලාලිව අල්ල ගන්න එතකොට මුදලාලි ගනියි අනිවා උබෙන් ඒ අතර අර උබේ හොද තේකොල බෑන්ඩ් එකත් පුරැදු කරපන් (මැලිබන් ග්රෑම් 20 රැ 20යි 18ට කඩේට වැටෙන්නේ)(පස්සේ බඩුවලට පුරැදු උනාම ගනන් වැඩි කරන්න පුළුවන්)
ක්රමය 2 (උබට සල්ලි තියනවා නම් වියදම් කරන්න)
ආයේ දෙකක් නෑ ටීවි කොමර්ෂල් එකක් දාලා ලෝන්ජ් කරපන් මිනිස්සු කඩ හොයාගෙන ගිහින් අහන්නේ (ඔය වටවල ලාඔජි මැලිබන් සිලෝන්ටා කොටගල මාකට් ඇල්ලුවේ එහෙම තමා)
Thank you very much for valuable advice brother... It's really helpful.![]()
මං ගැනත් උබ අහලා තිබ්බනේඅඩේ මේ පිටින් පේන මුණ නෙමෙයි ඇතුලාන්නේ දන්නෝ දනියි මං ගැන
![]()


කඩවල විකුනන්න තියන තේ වර්ග කිසිම එකක වෙනසක් මම නම් දකින්නේ නැහැ . ඒවා ඔක්කෝම එකම කොලිටියේ තේ, වෙනස් වෙනස් ලේබල් යටතේ වෙළඳපොළට එවනවා කියලයි මට හිතෙන්නේ. දිල්මා කියන්නේ "'හොඳම"' ඇඩ්වර්ටයිසිං කැම්පේන් එක කරන කොම්පැනිය මිසක් හොඳම තේ නොවෙයි. 1970 හා 80 දශක වලදී 'මැද රට තේ' ලෙස හැඳින්වෙන (බුත්කන්දේ හේස් සහ දෙනියායේ දෙනියාය වතුයාය දෙකෙන්) අපනයන තත්වයේ තේ කොළ යම් ප්රමාණයක් (මසකට රාත්තල් කිහිපයක් ) ඉතාම අඩු මුදලකට අපට ලැබුනා. ඒ එවකට අප සතුව තිබු තේ ඉඩමක දළු, එම වතු වලට ලබාදීම නිසා යම් දිරිගැන්වීමක් ලෙසටයි. මේ තේ කොළ කෙලින්ම ෆැක්ටරියේ පැකිං ලයින් එකෙන් අරගෙන ඇලුමිනියම් ලයිනර් සහිත බෑග් එකේ දමා දෙන්නේ අප ඉදිරිපිටදීමයි. පසුකාලයේ එම ඉඩම විකුණා දැමූ නිසා අපේ තේ කෝටා එක නැති උනා. අපේ පාවිච්චිය හැර අපේ නෑදෑ හිතමිතුරන්, අසල්වැසියන් විශාල ප්රමාණයකටත් මේ තේ කොළ ඉතාම සාධාරණ මිලකට අපි විකුණුවා. මේ තේ සහිත බෑගය (රාත්තල් කිහිපයක් කියන්නේ විශාල බෑගයක් ) ගෙදර තියන තාක් කල් මුළු ගෙදරම තේ කොළ සුවඳයි. ඒක පිටින් ගෙදරට එන කෙනෙකුට එකවරම දැනෙනවා. ඒ තේ කොළ වල රස විඳි මමත් , අනිකුත් උදවියත් වසර තිහ හතළිහකට පසුවත් එහි රසය මතක හිටින්න නම්, ඒවා කොපමණ හොඳට තියෙන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන් නේද?
ලාබෙටම හොඳම රස තියෙන්නේ George Steuart tea. තේ බෑග් 100 රුපියල් 360 යි.
ඊළඟට සෙස්ටා. බෑග් 100 450 යි![]()
Lifebuoy wage tama. Kadeta gihin illanne watawals :|
Bump තමා
Bump
ජෝන්ස් බ්ලැක් ටී කියලා එකක් තියනවා නේද 100g රුපියල් 250ක්ද කොහෙද? ඒකනං පට්ට. මං කියන්නේ අපි නුවර එළියෙන් අරං එන BOP ටින් එක තරං පට්ට කියලා නෙමෙයි. අනිත් ඒවාට වඩා පට්ට. හැබැයි ඒක හුළං වදින්නෙ නැතිවෙන්න තියාගන්න ඕන. නැත්තං සතිදෙකක් විතර යද්දි රස ගතිය යනවා.
මචං පහතරට tea factory වලින් හොඳම black tea ගන්න පුලුවන් අඩුවට bop,bopf කියන්නෙ තේ වල ග්රේඩ් දෙකක් Bop 500g පැකට් එකක් රුපියල් 350ක් වගේ වෙන්නෙ ඩස්ට් එක නෙවෙයි ගම්මිරිස් ඇට සයිස් එකට අඹරලා තියෙන්නෙ නියම තේ රස තියෙනවා අපි බොන්නෙ ඒක
bump
if it's a good product for a good price people will buy.. that's a given
are you looking to sell some here?
ow yes 
ආර්පිකෝ - සෙන්ට් ක්ලෙයාර් තේ හොඳයි
ජෝර්ජ් ස්ටුවර්ට් තේ හොඳයි
හේලීස් - මැබ් රොක් තේ හොඳයි
ඩිල්මා හොඳයි, හැබැයි ගණන්
යුනිලීවර් සිලෝන්ටා, වටවල සෙස්ටා, වටවල කහට රසයෙන් අඩුයි.
Another factor for Tea taste depend on the water taste
100bags wala weight kochcharada mcho ?
350 ට තිබ්බේ ගිය මාසෙ මේ මාසෙ 360 වෙලා 
200g බන්. පාඩු නෑ නේ 360 ට350 ට තිබ්බේ ගිය මාසෙ මේ මාසෙ 360 වෙලා
![]()
