මේක "එක්ටැම් ගේ " film එකේ එන සින්දුවක් බන් . රවින්ද්‍ර රන්දෙනිය මේකේ සෙල්ලක්කාර ආදරවන්තයෙක් . උ මාලනීට love කරනවා . නමුත් උට boot එකක් තාම වදින්නේ . මේක මුට කොචර වැදුනද කිවොත් මු ඔක්කොම අත් ඇරලා එක්ටැම් ගේ කට වෙලා සමාජයෙන් ඇත් වෙලා පිස්සෙක් වගේ කාලේ ගෙවනවා . මේක ආරංචි උන මලානි උව බලන්ඩ යන සීන් තම ඔය රූපරාමු වලින් පෙන්නන්නේ , හ්බ්බ්යි රවින්ද්රව් ආයි ගොඩ ගන්ඩ ලැබෙන්නේ නැ . පුලුවනම් මේ ෆිල්ම් එක බලපල්ලා ,බැලිය ය්තු ෆිල්ම් එකක්
උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වළා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ
අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම් ගේ
උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වළා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ
Music
දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම් ගේ
උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වළා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම් ගේ
තනිවේවි එක්ටැම් ගේ
තනිවේවි එක්ටැම් ගේ
තනිවේවි ,,,,,
උන්මාද සිතුවම් මැවේ බිඳේ- මේකේ කියන්නේ පිස්සු චිත්‍ර මැවෙනවා නැතිවෙලා යනවා කියලා. සින්දුවේ අනිත් ටික තේරෙනවා ඇති කියලා හිතනවා . නැත්නම් කියපන් පැහැදිලි කරලා දෙන්නම්