හොඳම බූට් සින්දුව...මොකක්ද ?

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ


    උඹ එක්ක තනිවෙද්දි
    තනිකමට සමුදෙද්දි
    අපි ළඟම අපි හිටියේ
    ප්‍රේමය නිසාමයි..

    හිස උරහිසේ ඉද්දි
    උඹෙ නින්ද මගෙ වෙද්දි
    ඇ‌හැරන්න නො‌‌සිතූවේ
    ප්‍රේමය නිසාමයි...

    උඹෙ නළල සිපගද්දි
    තො‌ල් අතර සැඟවෙද්දි
    උඹ මා වෙළාගත්තේ
    ප්‍රේමය නිසාමයි..

    සතුටින්ම අපි ඉද්දි
    ලොව එරෙහි වී යද්දි
    වෙන් වෙන්න වූයේම
    ප්‍රේමය නිසාමයි...

    මගෙමමයි පිලිගද්දි
    උඩු සිතම සැනසෙද්දි
    යටි හිතින් නෑ කීවේ
    ප්‍රේමය නිසාමයි...

    අපි යන්න සැරසෙද්දි
    වෙන්වෙමුද පවසද්දි
    වෙන්වෙන්න නොසිතූවේ
    ප්‍රේමය නිසාමයි..

    පෝරුවට උඹ යද්දි
    වෙනකෙකුගෙ අතගද්දි
    හිතින් උඹෙ අත ගත්තේ
    ප්‍රේමය නිසාමයි..

    ඉරණමට බිළිවෙද්දි
    සිහිසුන් වෙලා යද්දි
    හිනැහීම සමු දුන්නේ
    ප්‍රේමය නිසාමයි..

    ඈතින්ම උඹ ඉද්දි
    මගෙ මතක වියැකෙද්දි
    මට උඹව සිහි වෙන්නේ
    ප්‍රේමය නිසාමයි...

    අපි දැන් දුරින් ඉද්දි
    මතකයට උඹ එද්දි
    හිත මාව රිද්දන්නේ
    ප්‍රේමය නිසාමයි...

    පිලිවෙලට සමු ගද්දි
    මම අපිළිවෙල වෙද්දි
    විස වතුර ගිල දැම්මේ
    ප්‍රේමය නිසාමයි...

    ප්‍රේමයෙන් තනිවෙද්දි..
    තනිකමට හුරුවෙද්දි..
    උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි..

    ප්‍රේමයෙන් තනිවෙද්දි..
    තනිකමට හුරුවෙද්දි..
    උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි.
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ab67616d0000b273dc6291c5814dfa5d35a09dae.jpeg
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113


    "රිදෙන බව දැන දැනම අපමණ, උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ"..
    ------ Post added on Nov 17, 2023 at 9:41 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,067
    1
    15,872
    113




    මේලඟදි ඇහුනේ මේක..

    ඉද හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද
    සෙවනැල්ල වගේ ළගින් උන්න ඔබේ හිතට
    පාළු රැයක මා තනිකර යන්න තරම් දුරක
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය

    මේ මාවත් දිගේ ඇවිද එකතු කරපු මතක
    තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිණි ගොඩක
    හදාගන්න ඔයාගේ හිත අමතක කර මාව
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය

    මෙ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුවද
    මහා සැනසුසක් ගෙන එයි කදුුල පිරැන නෙතට
    වරදක්වත් නොවි මගෙන් රිදවන්නට මෙහෙම
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
     
    • Sad
    Reactions: S_M_S