imhotep කියන එළකිරි මෙම්බර් ගැන වචනයක් කියන්න ඕනේ කියලා හිතුවා. මම පහු ගිය දවස් වල 3COM network switch එකක් ගත්තා. මම ගත්ත switch එක ගැන එළකිරි එකෙත් දැම්මා. මේ 3COM switch ප්‍රොඩක්ෂන් එක නවත්වලා ගොඩක් කල්. මේ සමාගම දැන් වහලා. ඒක නිසා මේකේ මැනුවල් හොයා ගන්න විදිහක් නැතුව හිටියේ. මම නෙට් එක පෙරලා පෙරලා හෙවුවා. ඒත් හම්බ උනේ නැහැ. මැනුවල් එක නැත්නම් මේ switch එකෙන් වැඩක් නැතුව යනවා. නමුත් මම එළකිරි එකේ කිසිම කෙනෙක්ගෙන් ඇහුවේ නැහැ මට මැනුවල් එකක් හොයලා දෙන්න කියලා. නමුත් එදා දාපු ත්‍රෙඩ් එකෙන් imhotep සහෝදරයා තේරුම් අරන් තිබ්බා මේ මනුස්සය අමාරුවක වැටිලා කියලා. එයා බොහොම අමාරුවෙන් මැනුවල් එක හොයලා අද මට එවලා තිබ්බා. මම ඉල්ලනේවත් නැතුව. අඩුම තරම මම ඔහුගේ මිත්‍රයෙක්වත් නෑදෑයෙක්වත් නොවෙයි. අපේ එකිනෙකට කවුද කියලවත් දන්නේ නැහැ. අද කාලේ කවුද මෙහෙම තමන්ගේත් නොවන දෙයකට මහන්සි වෙලා හොයලා එවන්නේ.
මේ වගේ හොඳ අය ලෝකේ ඉන්නවා කියල අහන්නත් සතුටුයි. අපි හැමෝටම එකිනෙකට උදව් කර ගැනීම තමයි නියම මනුස්සකම. එතකොට තමා මේ ලෝකේ ලස්සනට දුවන්නේ.
imhotep උබ නියම මනුස්සයෙක් මචන්. මම සැහෙන මැනුවල් එක හෙවුවා. ලැබුනේ නැහැ. ගොඩක් ස්තුතියි. Thanks macho. I really appreciate your help greatly.
Guys Just watch out this video

Last edited: