හොරුන්ට පලදීම

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    සමාජවාදය ප්‍රශ්න තියන නිසානේ එක ලෝකෙන් බොහෝ දුරට තුරන් වෙලා ගියේ.

    මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳය් නමුත් තවත් බොහෝ දේවල් තව විනිවිද දකින්න පුළුවන් වෙන්න ඕන.
    එතකොට තම සාදාරන සමාජයක් බිහි වෙන්නේ.
    මිනිස්සු නොපෙනෙන නොදන්නා දේවල් වලට අපේ අනාගතය බාර දෙනවා වෙනුවට අපිම තම අපිට ඉන්න එකම සරණ කියල තෙරුන් අරන් හැමෝටම පොදු නීතියක් සමාජයක් හදන්න ඕන.
    එතකොට හොරකම, බොරුව, මිනීමැරුම් ආදී හැම දේම අපි අපිවම පාලනය කර ගන්න තැනට එන්නේ.
    අගාම් වලින් මිනිස්සු පාලනය කරන්න පුළුවන් කාලය ඉවරය් දැන්. වැරදි කලොත් මේ ලෝකේ මිනිසුස්න්ගෙන් ම ලැබෙන දඬුවමටය් මිනිස්සු බය.

    මමත් සමාජවාදය 100% අනුමත කරන්නෙ නැහැ
    හැබැයි සමාජවාදය බයානක බිල්ලෙක් කරල පෙන්නුවෙ ලෝකයේ මුලු සම්පත් වලින් 99%ක් බුක්ති විඳින ලෝක ජනගහනයෙන් සීයට එකකටත් වඩා අඩු සුපිරි සල්ලි කාරයො සෙට් එක කියන එකත් අමතක කරන්න හොඳ නැහැ (මීඩියා ඔක්කොම තියෙන්නෙ මේ ගොල්ලන්ගෙ අතේ)
    සම්පත් සාධාරනව බෙදිල ගියානං ලෝකෙ ප්‍රශ්න හුඟක් අඩු වෙයි කියල මම හිතනව (ලෝකෙ කට්ටියක් වැඩිම හොට් ඩෝග් කන්න පුලුවන් එක්කෙනාව හොයන්න තරඟ තියනකොට තව ලක්ශ ගානක් සති ගානකට වතුර පොදක්, කෑම ටිකක්, බෙහෙත් පෙත්තක් නැතුව මැරිල යනව)
    GT කිව්ව වගේ නීතිය සමානව සහ දැඩිව ක්‍රියාත්මක කිරීම සහ මිනිස්සුන්ගෙ ආකල්ප සංවර්ධනය අත්යාවශ්යයි දැං තියෙන ක්‍රමය අනුව... මොකද ඒකෙ ප්‍රතිපල ඉක්මන් සහ විනිවිදබාවයෙන් යුක්ත නිසා
     
    • Like
    Reactions: Lokuaiya_123

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මිනිස්සු නොදියුනු කාලෙ ආගම් තමයි මිනිස්සු මේ වෙනකල් හරි එකතු කරල තියාගෙන ඇදගෙන ආවෙ. දැන් තියන දියුනුවත් එක්ක ඒවලින් අයින්වෙන්න කාලෙ හරි.

    අවුරුදු දහස්ගනන් පරණ කෙහෙල්මල් ඉස්කෝලවල් වල උගන්නන එක නවත්තලා දාන්න ඕනෙ
     
    • Like
    Reactions: Sathira529

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    මේවගෙ ඒවට රිප්ලයි කරලා වැඩක් නෑ කියලා තේරුම්ගත්තෙ ගොඩකාලෙකට කලින්.
    මොකද මේ කියලා තියන දේවල්වලට මිලින්ද ප්‍රශ්නයෙත් උත්තර තියනවා , බුදුහාමුදුරුවොත් උත්තර දීලා තියනවා.
    මේ වගේ ත්රෙඩ්දාන අය බුද්ධාගම කියලා දන්නෙ පොඩි කාලෙ ඉස්කොලෙදි කියලා දුන්න ජාතක කතාටිකයි සුනීත සෝපාක කතාටිකයි විතරයි.
    සියලු වේදනා හට ගන්නේ පෙර කල කුසල් අකුසල් නිසා යැයි යමෙක් පවසන්නේ නම් එය වැරදි මතයකි.
    --කර්මක්ෂය ප්‍රශ්නය

    හොරකම්, වංචා වැඩ අනංමනං නොකර ඉන්න එක තියෙන්නේ අපේ අතේ කියන එකට එකඟ වෙනවා.. හැබැයි මම අහල තියනවා මෙහෙම එකක්..

    ගෞතම බුද්ධ ශාසනය අවුරුදු 5000ක් පවතිනවා, ඒකෙන් 2500ක් පින් කරන්න ලේසි, මිනිස්සු පිනට යොමු වෙනවා වැඩි.. ඊට පස්සේ එන්නේ මාරයාගේ බලය වැඩි අවුරුදු 2500ක්, ඒ කාලේ මිනිස්සු පිනට යොමු වෙනවා අඩුයි, පවු කරන්න ලේසි වෙනවා, මිනිස්සු නරකට යොමු වෙනවා, එන්න එන්නම සමාජය පිරිහිලා මිනිස්සුන්ගේ ගතිගුණ නැති වෙලා යනවා කියලා.. (මේක මම අහල තියෙන්නේ කවදද කොහොමද කියල නම් මට දැන් මතක නෑ.. පොතක දැක්කද, බණක ඇහුවද කියල වත් මතක නෑ.. දන්නා කෙනෙක් ඉන්නවා නම් දාන්න ඒ ගැන..) මට නම් හිතෙන්නේ අපි දකින්නේ මේ ඒ දේවල් වෙන්න ඇති කියලා.. නරක වැඩක් හරි කරලා ගොඩ යන එක තමයි දැන් option එක විදියට අපිට පේනවනේ දැන්.. නරක වැඩ කරන මිනිස්සුන්ට කිසි හෙනයක් නෑ.. හොඳ මිනිස්සුන්ට හරිම අමාරුයි, උන්ට තමයි කෙලවෙන්නේ කියල.. මට නම් හිතෙන්නේ එන්න එන්නම පිනක් කරන්න අමාරු වෙන එකයි මේ හැමදේකින්ම වෙන්නේ.. මිනිස්සුන්ට ඒවා තේරුමක් නැති වැඩ වෙලා අන්තිමට මිනිස්සු සංසාරේ ඇලෙනවා.. ලෞකික දේවල් පස්සේ දුවනවා.. අපිට තවම නිවන් යන්නවත් මේකෙන් ගැලවෙන්න වත් තරම් පිනක් නැති නිසා අපිට පෙන්නේ අපේ මේ ජිවිතේ සැපවත් කරගන්න, ලෞකික සැප වලට තව ඇලෙන්න හොඳ විදිය මිසක් මේ හැමදේකින්ම ගැලවිලා නතර වෙන්න නෙවෙයිනේ.. ඉතින් හොඳට ඉන්නවා කියල අපිට පේන මිනිස්සු කරන කියන දේවල් හරි කියල අපිට පේනවා ඇති.. අන්තිමට වෙන්න ඕනි මේ හැමදේකින්ම ගැලවිලා අයින් වෙන එකනේ.. ඒකට ඇත්තටම මේ ලෝකේ ඉන්නකන් අපි පෝසත් වෙනවද, දුප්පත් වෙනවද, ලස්සන වෙනවද, වගේ දේවල් අදාළ වෙන්නේ නැනේ.. ඒ හැමදේම කොහොමත් නැති වෙන දේවල් නේ.. මම කියන්නේ කම්මැලිකමට ඉන්න නෙවෙයි.. හැබැයි පව් කරන්න ලේසි වෙන එක, මේ හැමදේම බොරු කියල හිතෙන එක, ධර්මයෙන් ඈත් වෙන එක ලේසි වෙන එක මට හිතෙන්නේ උගුලක් කියල.. අපිව තවත් මේ හැමදේටම අලවලා තියන්න මාරයාගේ උගුලක් කියල..

    මම මේ ටික කීවේ මම මේවා ගැන මහා දෙයක් දැනගෙන නෙවෙයි.. මම අහල තියන සමහර දේවල්, කාලයක් තිස්සේ මට හිතුන දේවල් වල එකතුවක්.. හොඳම වැඩේ මම නම් කියන්නේ කරන කියන දේවල් තව කෙනෙක්ට කරදර නොවෙන්න, තමන්ට වෙනවට අකමැති දේවල් අනිත් යට නොකර, හොඳ විදියට අදායමක් උපයාගෙන තමන්ට යන්න ඕනි goal එකට යන එක තමයි හොඳ.. පින් පව් නෑ, කර්මයක් නෑ කියල හිතාගෙන තියන බලු වැඩ ඔක්කොම කරලා ගොඩ එන්න try කරන මිනිස්සු වැඩි උනොත් ගොඩක් ඉක්මනට මේ ලෝකේ ඉන්න බැරි තැනක් වෙනවා..
    ශාසනායු ප්‍රශ්නය මිළිඳු රජු..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මමත් සමාජවාදය 100% අනුමත කරන්නෙ නැහැ
    හැබැයි සමාජවාදය බයානක බිල්ලෙක් කරල පෙන්නුවෙ ලෝකයේ මුලු සම්පත් වලින් 99%ක් බුක්ති විඳින ලෝක ජනගහනයෙන් සීයට එකකටත් වඩා අඩු සුපිරි සල්ලි කාරයො සෙට් එක කියන එකත් අමතක කරන්න හොඳ නැහැ (මීඩියා ඔක්කොම තියෙන්නෙ මේ ගොල්ලන්ගෙ අතේ)
    සම්පත් සාධාරනව බෙදිල ගියානං ලෝකෙ ප්‍රශ්න හුඟක් අඩු වෙයි කියල මම හිතනව (ලෝකෙ කට්ටියක් වැඩිම හොට් ඩෝග් කන්න පුලුවන් එක්කෙනාව හොයන්න තරඟ තියනකොට තව ලක්ශ ගානක් සති ගානකට වතුර පොදක්, කෑම ටිකක්, බෙහෙත් පෙත්තක් නැතුව මැරිල යනව)
    GT කිව්ව වගේ නීතිය සමානව සහ දැඩිව ක්‍රියාත්මක කිරීම සහ මිනිස්සුන්ගෙ ආකල්ප සංවර්ධනය අත්යාවශ්යයි දැං තියෙන ක්‍රමය අනුව... මොකද ඒකෙ ප්‍රතිපල ඉක්මන් සහ විනිවිදබාවයෙන් යුක්ත නිසා
    මිනිස්සුන්ගේ හැකියවන් වෙනස් එනිසා කවදාවත් හැම දේම සමානව බෙදෙන්නේ නැහැ. බෙදන්නත් බැහැ.
    මිනිස්සු අතර තියන තරඟය නිසා තම ලෝකේ දියුණු වෙන්නේ. කොච්චර කලත් හැමෝටම එකම දේ ලැබෙනවා නම් කව්රුත් මහන්සි වෙන්නේ නැහැනේ.

    වෙන්න ඕන අරයට මට වඩා ලැබෙන්නේ මේ හේතුව නිසය් කියල හැමෝටම පිළිගන්න පුළුවන් විනිවිද පෙනන system එකක් තියෙන්න ඕන. එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ, තමන්ටත් දෙයක් ලබා ගන්න ඕන නම් කරන්න ඕන දේ හැමෝටම පැහැදිලිව පේනවා. වංගු ගහන්න හොර කරන්න බැහැ
     
    • Like
    Reactions: THE-X

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    FB_IMG_1617532677339.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113

    මිනිස්සුන්ගේ හැකියවන් වෙනස් එනිසා කවදාවත් හැම දේම සමානව බෙදෙන්නේ නැහැ. බෙදන්නත් බැහැ.
    මිනිස්සු අතර තියන තරඟය නිසා තම ලෝකේ දියුණු වෙන්නේ. කොච්චර කලත් හැමෝටම එකම දේ ලැබෙනවා නම් කව්රුත් මහන්සි වෙන්නේ නැහැනේ.

    වෙන්න ඕන අරයට මට වඩා ලැබෙන්නේ මේ හේතුව නිසය් කියල හැමෝටම පිළිගන්න පුළුවන් විනිවිද පෙනන system එකක් තියෙන්න ඕන. එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ, තමන්ටත් දෙයක් ලබා ගන්න ඕන නම් කරන්න ඕන දේ හැමෝටම පැහැදිලිව පේනවා. වංගු ගහන්න හොර කරන්න බැහැ
    මම සම්පත් සාධාරනව බෙදී යායුතුයි කියල අදහස් කරේ විවිධ හැකියාවන් තියෙන අයගේ පඩිය / ආදායම සමාන විය යුතුයි කියන එක නෙමෙයි

    ලෝකයේ මුලු සම්පත් වලින් 99%ක් බුක්ති විඳින්නෙ අසාධාරණව ඒ සම්පත් එකතු කරගත් සුලුතරයක් (ඉස්සර මේක කරේ යුද්ධ වලින්)

    "හැමෝටම පිළිගන්න පුළුවන් විනිවිද පෙනන system එකක්" ආවොත් හරි.
    අර කලින් කියපු සීයට එකට අඩු කට්ටිය එහෙම සිස්ටම් එකක් එනවට කැමති වෙයිද කියන එක ප්‍රශ්නයක්
    ------ Post added on Apr 4, 2021 at 4:12 PM
     
    • Like
    Reactions: supun_sg

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේ කාලේ මිනිස්සුන්ට සල්ලි ඇති යාන වහන ඇති ඒත් ඒ හැමදේම තිබ්බ කියල පින් වැඩි කියල කියන්න පුලුවන්ද අවුරුදු 100 කට කලින් ජීවත් උන මිනිස්සුන්ට වඩා. මොකද මේ කාලේ මිනිස්සු කොච්චර සල්ලි හෙව්වත් ආසාවන් ඇති වන්න හේතු කාරනා වැඩියි. ආසාවන් වෙත් ලන් වෙන්න තියන ඉඩ වැඩියි. ඒ හරහා හිතින් වෙන දුක් ප්‍රමාණය වැඩ්යි. තමන් ලබාගන්න ඉන්න ආසාවන් ලබාගන්න බැරි උනාම. අවුරුදු 100කට කලින් තිබ්බෙ සරල ජීවිතයක්. ඒ කාලේ මිනිස්සු මේ කාලෙට වඩා පින්වන්තයි. ඒක බලන්න ඕනෙ තනි තනි වශයෙන් අරගෙන. මොකද පව පින බලපාන්නේ තනි තනි වශයෙන් මිස හියුමන් ඩිවලප්මන්ට් ඉන්ඩෙක්ස් එක බලල නෙමෙයි. ආයුෂ අඩු උනත් තමන් ලද දෙයින් සතුටු වෙලා හැම අත්දැකීමක්ම අරන් සතුටින් මැරිල යන මිනිස්සු ඒ කාලෙ හිටියෙ. අද කාලේ cඔර් අයි 7 ලැප් එකක් තියන එකා යූ ටියුබ් එකේ මක් බුක් එයාර් බලල හූල්ලනව. කොරොල්ල තියන ඒකා යූ ටියුබ් එකේ බී එම් ඩබ්ලිව් රිවිව් බල බල හූල්ලනව. ඒ නිසා තාක්ෂණය දියනුවත් එක්ක ආසාව වැඩි වෙලා. ජණගහන වර්ධනය වැඩි වෙනවත් එක්කම සම්පත් හීන වෙල. අඩු සම්පත් බෙදාගන්න බෙරුව තව කාලෙකින් මිනිස්සු ඇණ කොටාගනීවි.ඒ නිසා ඇත්තටම බැලුවොත් අවුරුදු 100කට කලින් හිටියේ අදට වඩා පින්වන්ත මිනිස්සු. අඩු ආසාව සරල ජීවිතය වැඩි සතුට වැඩි පින.

    බුද්ධ ධර්මයේ කියල තියනව ලෝකේ අවසානය වෙද්දි මිනිසුන් තිරිසනුන් මෙන් වෙනව කියල. ඔව් ඒකත් එහෙම වෙනව.

    කල් යද්දි යද්දි මිනිසාගේ සාමාන්‍ය ශක්ති මට්ටම අඩු වෙන්නෙ මොකද වැඩි වන ආසාවන් නිසා. සංකීර්ණ වන මනසේ රටාව නිසා.

    අපි හිතන්න ඕනෙ ශක්තිය පැත්තෙන්. පින කියන්නෙ අපේ ජීවිත කාලයේදේ අපේ විඤාණය හෝ එවැනි දෙයක ශක්තිය වැඩි කරගැන්නීම. පව කියන්නෙ අඩු කරගැනීම. මිනිස් ජීවිතයක් ලබන්න ඕන කරන ශක්ති මට්ටමට සමාන ශක්ති මට්ටමක් අපි ලබාගෙන තිබ්බොත් අපි මිනිසුන් ලෙස උපදිනව. අපි පව් කරල කරල ඒක හීන කරගෙන තිබ්බොත් අපිට ඊට පහල තිරිසන් මට්ටමක ඉපදෙන්න වෙනව. කල් යද්දි ජණගහන වර්ධනය වැඩි වෙද්දි මිනිසත් බව ලබන්න ඕන කරන අවම ශක්ති මට්ටම අඩු උනාම වෙන්නෙ තිරිසන් විදියට උපදින්න ඕන කෙනෙක්ට හැකියාව ලැබෙනව මිනිස් ආත්මෙක උපදින්න. අද බැලුවොත් පෙනේවි මිනිස් ජණගහනය වැඩි වෙනවත් එක්කම තිරිසන් ගහනය අඩු වෙනව කියල. මෙහෙම මිනිසාගේ ශක්ති මට්ටම තිරිසන් මට්ටමට සමාන වේවි. ඒ කාලයේ තමයි ව්‍යසනයකින් මිනිස්සු මිනිස්සුම එකිනෙකා මරාගෙන ලෝකෙ විනාසෙට එන්නෙ. විනාස වෙලා මේකෙ නැවතත් චක්‍රයක් විදියට මේ ක්‍රියාදාමයම වේවි නැවත පරිණාමනයෙන් පටන්ගෙන.


    චේතනාව අනුවයි පව වෙන්නෙ. පව කරන කෙනා හිතින් පවක් විදියට දකින්නෙ නැත්තම් විඳවන්නෙ නැත්තම් මම හිතන්නෙ නෑ ඒක ලොකුවටම පවක් විදියට ශක්තියට බලපානව කියල. පවක් කලත් ඒ ගැන ගානක් නැති උන් තමයි ඔය කියන විදියට කිසි අව්ලක් නැතුව ඉන්නෙ.

    ඔන්න ඕකයි මගේ කල්පිතය.



    හිනාවෙන්න එපා මට හිතුන දෙයක්.

    කෙටියෙන් කිව්වොත් ඉස්සර මිනිස්සුට අපිට වඩා ආශාවන් අඩුය් කියන එකම මම පිලි ගන්නේ නැහැ bro. ඔය විදියටම තව අවරුදු 50කින් එන මිනිස්සු කියය් අපිට අසාවන් අඩුය් සරලය් කියල.
    අපි දැන් අපිට තියන දේවල් වලට වඩා දේවල් වලට අසා කරනවා. ඉස්සර මිනිස්සුත් ඒගොල්ලන්ට තිබ්බට දේවලට වඩා වැඩි දේට අසා කළා.

    අනික් දේ ඉස්සර මිනිස්සු දැන් මිනිස්සුන්ට වඩා සාමකාමී කියන එකත් වැරදි.
    එදවස් වල එකිනෙකා මරා ගන්න, ම්ලේච්ච විදියට හැසිරෙන, බලවත් මිනිහ නීතිය දැනටත් වඩා අතට අරන් හිටියේ. අසරන මිනිස්සු වහල්ලු වගේ වැඩ කලේ.
    ඇත්තටම බැලුවොත් දැන් ලෝකේ ඉස්සරට වඩා සදාරනය්.
     

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.

    මම දන්නා ගොඩක් අය ඉන්නව හොරකමෙන් පගාවෙන් දියුණු වෙච්ච. එකාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
    ඒවගේම කිසිම වැරද්දක් නොකරපු මිනිස්සු බහුතරයක් එක්කෝ සල්ලි, health, law ප්‍රශ්නයකට මැදි වෙලා.
    හැමෝම කියනවා වගේ හොරකම් කරලා වැරදි කරලා ලොකු ලෙඩ රෝග හැදිලා දුක් විඳලා මැරිච්ච මිනිස්සු ඉන්නවා, හැබය් ඊට ගොඩක් වැඩියෙන් වැරදි නොකරපු මිනිස්සු දුක් විඳලා මැරෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතලකෙට ගියාම එක හොඳට පේනවා. කොය් කට්ටියද වැඩි කියල.

    මට හිතෙන මේ හැම දේටම කර්මය අරව මේවා වලට වඩා physics, ලෝකයේ පොදු ධර්මතාවය බලපාන්නේ.
    හොඳ කෑම, බෙහෙත්, සැප පහසුකම්, සතුට තියනවා නම් ලෙඩරෝග, ජීවිතේ ප්‍රශ්න අඩුය්, ඒවා නැති වෙනකොට ප්‍රශ්න වැඩි. ඒවා ලබා ගත්තේ හොරකන් කරලද නැද්ද කියන එක අදාලත්වය ඉතාම ඇඩුය්.

    සත්තුන්ගේ ලෝකේ ගත්තොත් ඕක හොඳට පේනවා. Survival of the fittest. මිනිස්සු කියන්නේ තවත් එක සතෙක් විතරය්.
    අපිට අමුතු ධර්මතාවයක් නැහැ.

    අපි දැන් හැමෝම කියන එන ආත්මේ පල දෙන කතාව ගැන බලමු.

    වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට, සත්තු වෙනවා etc..වගේ කියන එකට හොඳ උදාහරණයක් තමා දැන් එන්න එන්න ලෝකේ මනුස්ස ආත්මේ ලබල ඉපදෙන මිනිස්සු වැඩි, අපිට ජනගහනය පාලනය කරන්න ගන්න බැරුව ඉන්නේ. එකියන්නේ පව්කාරයෝ අඩු වෙලා පින් කරන උන් වැඩි වෙලාද මෙච්චර මනුස්ස ආත්ම ලැබෙන්නේ?
    මිනිස්සු එන්න එන්න පව් කරනවා වැඩි, එත් මනුස්ස ආත්මේ ලබල ඉපදෙන එකේ වැඩි වීමක් මිස අඩු වීමක් නැහැ.
    ඇත්තටම බැලුවොත් මනුස්ස ආත්ම ලැබෙන එක control කරන්නේ පින් පව් දෙවියෝ නෙමෙය් අපිමය් birth control කරලා. control නොකළ නම් දැන් ලෝකෙට දරා ගන්න බැරි තරම් මනුස්ස ආත්ම ලැබිල.

    හැබය් තව කෙනෙක්ට කියන්න පුළුවන් මනුස්ස ආත්ම ලැබෙන්නේ පව් ගෙවන්න කියල. එත් අවරුදු 100කට ඉස්සෙල්ල ලෝකේ මිනිස්සු ප්‍රමනේ අඩු කාලෙට වඩා දැන් මිනිස්සු වැඩි වෙලත් පොදුවේ මිනිස්සු සැපවත් ජීවිතයක් ගත කරනවා. අවරුදු 100කට ඉස්සෙල්ල life expectancy එකට වඩා දැන් expectancy එක ගොඩක් වැඩිය්.
    මේ වගේ තව උදාහරණ ඕන තරම් තියෙනවා.

    පව් හොරකම් කිරීමේ අනිසි ප්‍රතිපල විදියට කැපිලම පෙන්නේ ඔය හොරක් කරන්න කරන්න ඔයාව අහුවෙන්න තියන සම්බවිතාවය, රිසක් එක වැඩි වෙන්ව. ඔයාට විරුද්ධ වාදියෝ වැඩි වෙන්ව. ඒවගේම ඔයාගේ හිතේ මම හොරකන් කරලා මෙහෙම දියණු උනේ කියන guilty feel එක එනවා.

    හැබය් මම දැකපු දේ නම් දැන් ගොඩක් හොරුන්ට ඔය මම වැරද්දක් කරන්නේ කියන guilty feel එක, මානසික වාදය එන්න එන්න අඩුය්. එක උන් හේතු කියල සාදාරනීකාරණය කරගන්නවා.
    හොරකම අහුවෙන්න තියන සම්භාවිතාවය, දඬුවම් ලැබීමේ සම්භාවිතාවය, විරුද්ධ වාදියෝ වැඩිවෙලා අවැඩක් වීමේ සම්භාවිතාවය දේශපාලන බලය, නිලතල වල බලය වගේ දේවල් එක්ක ඉතාම අඩු වෙනවා.

    එනිසා මට තේරෙන්නේ මොනම ආගමක කියන දේවල වලටවත්, දෙවියන්ටවත් මිනිස්සුන්ගේ හරි හෝ වැරදි දේ කරන්න තියන හැකියාව අබිභවා යන්න අමරුය්.
    ඒවාට දඬුවම් දෙන්න, වලක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඕන අපිමය්. අපිට අපිම හැර වෙන සරණක් නැත.
    100% correct
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    එතකොට හරක් වෙලා උපදින්නේ ගිය ආත්මේ නයට සල්ලි අරං ගෙවපු නැති උංට කියන්නේ බොරුද?🤔
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,138
    113
    කෙටියෙන් කිව්වොත් ඉස්සර මිනිස්සුට අපිට වඩා ආශාවන් අඩුය් කියන එකම මම පිලි ගන්නේ නැහැ bro. ඔය විදියටම තව අවරුදු 50කින් එන මිනිස්සු කියය් අපිට අසාවන් අඩුය් සරලය් කියල.
    අපි දැන් අපිට තියන දේවල් වලට වඩා දේවල් වලට අසා කරනවා. ඉස්සර මිනිස්සුත් ඒගොල්ලන්ට තිබ්බට දේවලට වඩා වැඩි දේට අසා කළා.

    අනික් දේ ඉස්සර මිනිස්සු දැන් මිනිස්සුන්ට වඩා සාමකාමී කියන එකත් වැරදි.
    එදවස් වල එකිනෙකා මරා ගන්න, ම්ලේච්ච විදියට හැසිරෙන, බලවත් මිනිහ නීතිය දැනටත් වඩා අතට අරන් හිටියේ. අසරන මිනිස්සු වහල්ලු වගේ වැඩ කලේ.
    ඇත්තටම බැලුවොත් දැන් ලෝකේ ඉස්සරට වඩා සදාරනය්.
    මූලික අවශ්‍යතා ඇරෙන්න අද වගේ විවිධ දේවල තියන ආශාව ඒ කාලෙ නෑනෙ. අදකාලෙ ඉන්ස්ට ගියහම එක එක කෙල්ලො දකිනව. කාර් ගෙවල් හැමදේම. දුටු සැනින් ආශාවක් ඇති කරගන්නව. ආශාවත් එක්කම පව ට මුල්ග්ල් තියල ඉවරයි. ඒ කාලෙ වැඩවසම් ක්‍රමය තිබ්බ. ඒත් තමන්ගෙ තැන ගැන සෑහීමකට පත්වෙලා හිටියෙ. ඒ නිසයි අපේ ඉතිහාසයේ සිවිල් යුද්ධ තිබිල නැත්තෙ. අන්තිමට තිබ්බ දමිල සිවිල් යුද්ධයයි 71 කැරැල්ලයි ඇරුණාම. ඒව මෑතකාලීනයි. ඒකෙන් කියන්නෙ සමාජ පීඩනයක් අතීතයේ නොතිබ්බ බව. මොකද රජවරුත් රජමාලිගේට වඩා තැන දුන්නෙ මිනිස්සුන්ට ඕන වතුර ටිකට. ඒ නිසයි අද මාලිගා වලට වඩා වැව් ඉතුරු. අනික දෙයක් වෙන්න නියාම ධර්ම 5ක් බලපානව. කර්මය එකක් විතරයි. ඒ කාලෙ විවිධ දඬුවම් ගැන කියවල සමාජය ගැනම ඒකෙන් Conclusion එකකට ඇවිල්ල වගෙයි මට පේන්නෙ. ඒ දඬුවම් ලැබුනෙත් අර නියාම ධර්ම 5න් එකකට අනුව. බොහෝ විට යුද්ධයකට මැදි උනාම. යුද්ධ හැම කාලෙම නෑ. ඒ නිසා ඒ කර්ම නියාමය නොවෙන්නත් පුළුවන්. සමස්තවක් විදියට අඩු ආශාවන් සරල අවශ්‍යතාවයන් සතුට වැඩි කලා.පව අඩු කලා
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Nature law eke good or bad kiyala deyak ne.cause and reaction tiyenne.horakaran karoth salli hambenawa.hebei ahu wennath puluwan.ahu nowenna wede karoth sape inna puluwan.dupath unama suffer wediy eka tamai atta.hebei reaction eka koi wele eida kiyanna be.mae life eke nowenath puluwan.danata tiyena economic situation ekath ekka horakan karoth mae life eke sepata inna puluwan dupath ekekta wada.

    Manussa athama wedi wena eka nan earth eke idan decide karala kiyanna be.wediy kiyala kiyanne adui kiyala sapekshayakata aranne.samaharawita dan inna gana adu wenna puluwan wena kalpayak ekka compare karaddi

    Paw karapu Pitasakwala jeevin pruthuwiye Manushya Aathmayak Labuwa wennath puluwan. :D lol
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    එත කොට අල්ලට ඔනේ විදිහට නෙවෙයිද ලෝකය පවතින්නේ... එයාගේ කැමැත්ත අදාල නැද්ද?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මූලික අවශ්‍යතා ඇරෙන්න අද වගේ විවිධ දේවල තියන ආශාව ඒ කාලෙ නෑනෙ. අදකාලෙ ඉන්ස්ට ගියහම එක එක කෙල්ලො දකිනව. කාර් ගෙවල් හැමදේම. දුටු සැනින් ආශාවක් ඇති කරගන්නව. ආශාවත් එක්කම පව ට මුල්ග්ල් තියල ඉවරයි. ඒ කාලෙ වැඩවසම් ක්‍රමය තිබ්බ. ඒත් තමන්ගෙ තැන ගැන සෑහීමකට පත්වෙලා හිටියෙ. ඒ නිසයි අපේ ඉතිහාසයේ සිවිල් යුද්ධ තිබිල නැත්තෙ. අන්තිමට තිබ්බ දමිල සිවිල් යුද්ධයයි 71 කැරැල්ලයි ඇරුණාම. ඒව මෑතකාලීනයි. ඒකෙන් කියන්නෙ සමාජ පීඩනයක් අතීතයේ නොතිබ්බ බව. මොකද රජවරුත් රජමාලිගේට වඩා තැන දුන්නෙ මිනිස්සුන්ට ඕන වතුර ටිකට. ඒ නිසයි අද මාලිගා වලට වඩා වැව් ඉතුරු. අනික දෙයක් වෙන්න නියාම ධර්ම 5ක් බලපානව. කර්මය එකක් විතරයි. ඒ කාලෙ විවිධ දඬුවම් ගැන කියවල සමාජය ගැනම ඒකෙන් Conclusion එකකට ඇවිල්ල වගෙයි මට පේන්නෙ. ඒ දඬුවම් ලැබුනෙත් අර නියාම ධර්ම 5න් එකකට අනුව. බොහෝ විට යුද්ධයකට මැදි උනාම. යුද්ධ හැම කාලෙම නෑ. ඒ නිසා ඒ කර්ම නියාමය නොවෙන්නත් පුළුවන්. සමස්තවක් විදියට අඩු ආශාවන් සරල අවශ්‍යතාවයන් සතුට වැඩි කලා.පව අඩු කලා
    ඉස්සර luxury දේවල් දැන් මුලික අවශ්‍යතා වෙලා. දැන් insta ගියාම කෙල්ලෝ, car දැකල ආසාව ඇති උන වගේ එකලෙත් අනික් මිනිස්සුන්ගේ ගෑනු, කුබුරු, වතුපිටි, ඇඳුම් දැක්කම ආසාව හිතෙන්න ඇති. ඒකාලේ තිබ්බ දේට අනුකුල්වය් ආසාව ඇති වෙන්නේ.

    ඉස්සර ගම්වල ඕන තරම් අසදරනකම් වෙනවා, දැන් වගේ human rights, social media මුකුත් නැහැනේ. අසාදරණේ විඳගෙන කට වහන් ඉන්න තියෙනේ.
    ඒකාලේ රජ්ජුරුවෝ අන්තප්පුර තියන්, ඔකොම සැප විඳගෙන මිනිස්සුන්ට එක එක කුල වලට බෙදල අනිවාර්ය වැඩ දුන්නම මිනිස්සු රජ්ජුරුවන්ගේ තියන දේවල් බලල ආසාව ඇති කර ගන්නේ නැද්ද? ඉස්සර රජය් normal පුරවසියයි අතර කොච්චර ලොකු ගැප් එකක් තියනවාද සැප සම්පත් අතර. දැන් දේශපාලකයට වඩා සැප විඳින නොර්මල් මිනිස්සු ඉන්නවා ඕන තරම්.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,210
    113
    Thread eka maruwata yanawa.

    Karmaya wiswasa kran nathi Aya thawa aurudu 20kin balanna hora wada Jada wada krana ayata wenne mokakda kiyala.ita kalin wennath puluwan.

    Apita pen nathi godak dewal me loke kriyathmaka wenawa machanla.eka apita hadissiyata wen na.