හොරුන්ට පලදීම

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන අදහන රටවල්


    Image result for highly religious countries


    ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන සිටින රටවල් තුන්වන ලෝකයේ පසුගාමී මෙන්ම සදා සොත්තී වූ රටවල් වෙති. එවැනි රට වල පොදු සාධක කීපයකි
    1) සමාජය තුල නූගත්කම මෙන්ම දරිද්‍රතාව ඉහවහ ගොස් තිබේ
    2) උගතුන් කියන මිනිසුන් තුල වූවද මිත්‍යා මත බොහෝ තිබේ. ඒවා හිස් මුදුනින් පිලි ගනිති
    3)සමාජයේ උගතුන් කියා ගන්නා පුද්ගලයෝ ජන මාධ්‍ය ඉදිරියට පැමිණ මිත්‍යා මත ප්‍රවර්ධනය කරති. ඒවාට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන තරම් ය
    4) මිනිසුන් තුල විචාර බුද්ධිය අඩුය ; ඔවුන්ව රැවටීම පහසුය
    5) මිනිසුන් බොහෝ විට යහපත් දෙයක් කරන්නේ මානව භක්තියෙන් නොව මරණින් පසු පර ලෝකය සඳහා ඉන්වෙස්මන්ට් එකක් සඳහාය
    6) සමහර විට සත පණහක් පිනට දී කෝටි ගනනක දිව්‍ය ලෝකයේ සැප බලාපොරොත්තු වෙති
    7) ආගමික පූජකයෝ පරලොව පෙන්වා මෝඩ ජනතාවගේ තුට්ටු දෙකට විදිති
    8) ආගමික පූජකයන් සුර සැප විඳිමින් ජනතාවගේ එදිනෙදා ජීවිතද පාලනය කිරීමට උත්සහ දරති
    9) ආගමික පූජකයෝ මානව සාරාර්ථ වලටද අභියෝග කරති
    10) මේ රට වල සාර්ථක දේශපාලකයෙකු වීමට නම් බොරුවට ආගමික භක්තිය පෙන්විය යුතුය
    11) දේශපාලකයෝ සියළු මජර වැඩ කරන්නේ ආගමික පූජකයන් ගේ ආශිර්වාදය මැදය
    12) දේශපාලකයන් ගේ ඕනෑම ජරා කුපාඩි වැඩකට සුදු හුණු ගෑමට ආගමික පූජකයන් ඉදිරිපත් වෙති
    13) මේ රටවල මිත්‍යාව ආගම හරහා මෙන්ම ජනමාධ්‍ය හරහා ජනතාවට පොවති
    14) බොහෝ මිනිසුන් කුසීතය. තම ස්වයං උත්සහයෙන් දියුණු වීම වෙනුවට වාලම්පූරි , විශ්ව ශක්ති මගින් දියුණු වීමට වෑයම් කරති.
    15) තම ස්වයං උත්සහයෙන් දියුණු වීමට යන එකාට කෙල කිරීමට අනෙක් එවුන් නිරන්තර උත්සහයක යෙදෙති
    16) දේශපාලකයෝ ජනතාවගේ මුදල් හොරකම් කරන අතර ඔවුන් දහම්ද දෙසති , ආගමික සිද්ධස්ථාන වෙත නිරන්තරයෙන්ම යති.
    17) ආගම් අතර ආරවුල් වාද නිසා සුළු සිදුවීමකදී වූවද මරා ගනිති
    18) ආගම යනු ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උදේ සවස ජනතාවට කාවැද්දිය යුතු දෙයක් බව සිතති. නිතරම ආගමේ නාමයෙන් ශබ්ද දූෂණය කරති
    19) ආගමික සංකේත පාරවල් පුරා ඉදි කල යුතු බව විශ්වාස කරති. ඒවාට ගරු නොකරුවොත් කඩු පොලු උස්සාගෙන එති
    20) මේ රට වල බීමත්කම , සියදිවි නසා ගැනීම් , කාන්තා හා ළමා හිංසනයන් ඉතා අධිකය
    21) ආගමික කම නාමික වන අතර බොහෝ මිනිසුන් තුල ආධ්‍යාත්මික බවක් විනයක් නොමැත.

    http://transyl2014.blogspot.com/2018/09/blog-post_28.html
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    මහින්ද හොරා කෑවත් කමක් නැහැ රට හැදුවානෙ කියන තැනට මිනිස්සු වැටුණ.
    හාමුදුරු ගොල්ලොත් උන්ව රකින්නම බණත් කියනවා .

    දුප්පත් මිනිහෙක් නැති කමට පිං කැටෙට විද්දොත් උගෙ චරිතෙත් ඝාතනය කරලා සාපත් කරලා පොලිසියටත් අල්ලාලා දෙවි ඔය සිවුර දාගත්ත රස්තියාදු උන්නාන්සෙලා.

    ඔය දන් දුන්නහම පින කියන කාරණෙ මෙහෙමයි .

    ගොඩක් ඔය දාන පිං ආදිය පස්සෙ යන්නෙත් වැඩියෙන්ම මොනවගෙ මිනිස්සුද ? මොකක් හරි ගිල්ටි ෆීලිං එකක් තියෙන මිනිස්සුම තමා .
    අපි කියමු කොච්චර සල්ලි තිබ්බත් තමන් ලෙඩකින් දුක් විඳිනවානම් හෝ තමන්ගෙ දරුවෙක්ගෙ ප්‍රශ්නයක් නම්
    හෝ තමන් කරපු වැරැද්දක ප්‍රශ්නයක් නම් තමන්ට හිතෙ ඇතිවෙන ගිල්ටි ෆීල් එක නැති කරගන්න ඔනිවට වඩා පිං කරන්න පෙළඹෙනවා.

    ඔය ඔනිවට වඩා පන්සල් යන්නෙ බණ දහමට නැඹුරු වෙන්නෙ හිතෙ කැ* කම තියෙන උන්.

    රජවරුන්ට උනත් කරපු කැ* වැඩ හීනෙන් පේන්න ගන්නවා
    යුද්ද වලදි කරපුවා ,මිනිස්සු විලාප තියන හඬ එහෙම ඇහෙන්න ගන්නවා .
    ඔන්න එතනදි තමා රාජා උනත් හොඳ දෙවල් කරනන් නැඹුරු වෙන්නෙ.
    දාගැබ් හදනවා ,වැව් හදනවා ලොවෙත් නැති දෙවල් කරනවා.
    හිතෙ අමාරුව යවා ගන්න .
    රජවරු කියන්නෙත් අමු ඩස්පියො නෙ ?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,133
    113
    ඉස්සර luxury දේවල් දැන් මුලික අවශ්‍යතා වෙලා. දැන් insta ගියාම කෙල්ලෝ, car දැකල ආසාව ඇති උන වගේ එකලෙත් අනික් මිනිස්සුන්ගේ ගෑනු, කුබුරු, වතුපිටි, ඇඳුම් දැක්කම ආසාව හිතෙන්න ඇති. ඒකාලේ තිබ්බ දේට අනුකුල්වය් ආසාව ඇති වෙන්නේ.

    ඉස්සර ගම්වල ඕන තරම් අසදරනකම් වෙනවා, දැන් වගේ human rights, social media මුකුත් නැහැනේ. අසාදරණේ විඳගෙන කට වහන් ඉන්න තියෙනේ.
    ඒකාලේ රජ්ජුරුවෝ අන්තප්පුර තියන්, ඔකොම සැප විඳගෙන මිනිස්සුන්ට එක එක කුල වලට බෙදල අනිවාර්ය වැඩ දුන්නම මිනිස්සු රජ්ජුරුවන්ගේ තියන දේවල් බලල ආසාව ඇති කර ගන්නේ නැද්ද? ඉස්සර රජය් normal පුරවසියයි අතර කොච්චර ලොකු ගැප් එකක් තියනවාද සැප සම්පත් අතර. දැන් දේශපාලකයට වඩා සැප විඳින නොර්මල් මිනිස්සු ඉන්නවා ඕන තරම්.
    මම නම් හිතන්නෙ නෑ ඒ කාලෙ සාමාන්‍ය මිනිස්සු අන්තක්පුර ප්‍රාර්තනා කලා කියල. Dan Bilzerian ගෙ අන්තක්පුරේ ඉන්ස්ට වල දානව වගේ රජා ඒ කාලෙ ඒව ප්‍රසිද්ධ කලෙත් නෑ දැක දැක හුල්ලන්න දකින්න ඕනෙනෙ. යන්න දුන්නෙත් බලාගන්න එකාට විතරයි. සාමාන්‍ය මිනිස්සු නම අහල ඇති. සරල අවශ්‍යතා වලට වතු පිටි ඉඩ කඩම් බහුතරයකට තිබුණ. සම්පත් වැඩියි ජනගහණය අඩුයි. ඒ ගැනත් ආසාවක් ඇතිවෙන්න විදියක් නෑ. වැඩිය ඕන නෑ අපේ හැම පවුලකම වගේ පාරම්පරික ඉඩම් තියනව. ඒ කාලෙ බීජ නියාමය හෝ කර්ම නියාමය අනුව රොඩී හෝ දුරාවෙ ඉපදුන අයට ඒ පව තියෙන්න ඇති. සමාජයේ පව සහ පින අඩු වැඩි වශයෙන් බෙදෙන්නෙ. සරල රේකාවක නෙමෙයි. ඒ කාලෙ තමන්ගෙ අවශ්‍යතා ලැබුන පිරිස 80%ක් නම් අද කාලෙ ඒ පිරිස ප්‍රභූ ලෙස හඳුන්වන 1%කට බැහැල. මම කියන්නෙ ඔබ කියන දේශපාලකයාට වඩා සැප විඳින පිරිස. අනිත් අපි හැමෝම රෝල ගගහ ණය වෙවී හූල්ල හූල්ල නෙමෙයිද ජීවත් වෙන්නෙ.
     
    • Like
    Reactions: DGN and Ragna_SL

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    But both action and reaction act simultaneously, at once, Not in another life.
    Don't know.
    But as I felt yet, this whole system is mesh. Each other interconnected. I don't believe another life but another session, which uses cookies already stored somewhere. Cookies waiting till right time come. I don't know all statements of this system. If I knew I'm not here. What I know is all of us in a flexible Jail, we have to follow it's rules to get rid. We can't fight & get rid. If not

    Who are us?
    What are we doing here?
    Why can't we do what we want?
    Why we've to search for food?
    Why we work this much to understand this platform?

    @GTRZ yours ideas also appreciated 🙂
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එක මනුස්සයෙක් හිටියා දෙවියෝ ගැන ලොකු බක්තියකින් හිටපු. දවසක් මෙයා ගගක ගිලෙන්න ගියා. ඉතින් මෙයා දෙයියන්ට ප්‍රාර්තනා කලා තමාව බේරගන්න කියලා.
    මේක දැකපු මිනිහෙක් පීනගෙන ආවා මෙයාව බේර ගන්න. ඒත් අර මිනිහා ඒකට කැමති උනේ නැහැ. ඊට පස්සෙ බෝට්ටුවක මනුස්සයෙකුත් ආවා ඒකත් ප්‍රතික්ශේප කලා දෙවියොම ඇවිත් බේර ගන්න කල්. අන්තිමට මැරිලා දිව්ය්‍ය ලෝකේ ගියාම දෙවියන්ගෙ ඇහුවා ඇයි මාවා බේර ගත්තෙ නැත්තෙ කියලා. එතකොට දෙවියෝ කිව්වා ඒකට තමයි.පීනගෙන මනුස්සයෙකුයි, බෝට්ටුවකුයි එව්වෙ කියලා.

    මම කියන්නෙ කර්මය කියලා මැජික් වගේ පහල වෙන්නෙ නැහැ. කර්මය එන්නෙත් අපේ එදිනෙදා ජිවිතේම සමන්‍ය දෙයක් විදියට වෙන්න පුලුවන්. (මම කර්මය තියේ කියා හෝ නැහැ කියන්නෙ නැහැ. මම ඒක ගැන දන්නෙ නැහැ. Dark tv series එක බලන්න ඒකේ හොදට පේනවා මම කියන එක. හැම දේම එකට බැදිලා තියෙන්නෙ.)

    මේ ලෝකේ වෙන්න පුලුවන් දේවල් 3 යි මට අවබෝද උනේ.

    1.ෆේට් එක අනුව කලින් හැමදේම ප්‍රෝග්‍රෑම් වෙලා වගේ

    2. රැන්ඩම්නස් :හැමදේම වෙන්නෙ අහඹුව

    3 රැන්ඩම්නස්+ ෆේට් = කර්මය

    ඔය තුනෙන් එකක් තමයි. ෆ්‍රී විල් එකක් නම් නැහැ කාටවට්. ඔව් යම් මට්ටමකට සමහර දේවල් අවම කරන්න පුලුවන්. ඒත් කාටවත් ෆ්‍රී විල් එකක් නැහැ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    Dan ehema hithuwoth pin paw kiyala deyak na... Okkoma minissuwa control karaganna agam walinda
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    දැන් දේශපාලකයට වඩා සැප විඳින නොර්මල් මිනිස්සු ඉන්නවා ඕන තරම්.
    එහෙම කියන්න බෑ නේද.. ඒකාලෙත් රජවරු ගානටම සැප වින්ද අය හිටිය. මහෞෂධ පඬිතුමා, චූලසෙට්ඨි සිටුවරයා, අනේපිඬු සිටුතුමා
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එහෙම කියන්න බෑ නේද.. ඒකාලෙත් රජවරු ගානටම සැප වින්ද අය හිටිය. මහෞෂධ පඬිතුමා, චූලසෙට්ඨි සිටුවරයා, අනේපිඬු සිටුතුමා
    සිටුවරු රජවරු කියන්නේ ලෙවෙල් 2ක්. කොහොම නමුත් ඉස්සර සාමාන්‍ය මනුස්සයි රජතුමය් අතර ඉස්සර ගැප් එක දැනට වඩා ගොඩක් වැඩි. ඒවගේම රජතුමාට තීරණයට අබියෝග කරන්න සාමාන්‍ය මිනිහෙක්ට බැහැ, චන්ද නැහැ. පරම්පරාවෙන් පත්වෙන්නේ. දැන් ඕන කෙනෙක්ට චන්දෙ ඉල්ලන්න පුළුවන්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mamath sahenna unandu wechcha deyak oya guilty feeling kiana eka. Kotinma mama oka gana chithrapatiyak karanna inna yaluwekutath kiwwa oka theme ekata ganna kiala chithrapatiyakata.

    samajayak hatiyata horakam wancha wage ewata guilty wena widihata samajaya hadanna hamoma hithanna ona.
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    පොඩ්ඩක් අපේ හමේ වර්ග අගලක ඉන්න ක්ෂුද්‍රජීවීන් සංඛ්‍යාව net එකේ හොයලා බලන්න.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    ඔයා මට කියන්නේ මගේ ex-bitch මට කරපු කැරි වැඩ වලට ඒකිට එව්වා පඩිසන් දෙන්නේ නෑ කියලද?

    hDdvjhf.png
    U kiyanne umba action ekak gaththoth patisan denewa kiyela....
    Umba action ekak ganna ekath karmayada nadde kiyela kawde danne? 🙃
     
    • Wow
    Reactions: Heshan Daminda

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මං මේ නිකමට අහන්නෙ සින්හල්ලු, මේ ත්‍රෙඩ් එක ජීටී නොදා වෙන කොහෙවත් ඉන්න එකෙක් දැම්ම නං, මේ වෙද්දි ත්‍රෙඩ් එකට කී දෙනෙක් බැහැල, අඩෝ තම්බියා, කුරුසයා අවජාතකයා, ටොයියා, ජෙප්පා, ආගමක් ජාතියක් නැති නිකම්මු, සිංහල ජාතියට වින කරන සුද්දට දාව ඉපදුනු පරයො, එන් ජී ඕ කාක්කො වගේ කීයක් ජාති අහගෙනද 😂😂😂
    මටත් ඕකම හිතුන .
    අම්ම තාත්තගේ ඉදන් හත්මුතු පරම්පරාවටම බැනලා නවතින්නේ .

    මේ ජීටී දීල තියෙන උදාහරණ සහ අප අවට තියෙන තවත් සංසිද්දීන්
    සරල වීජ ගණිතය බාවිත කරලා අපිටම පුළුවන්
    කර්මය කියල එකක් තියෙනවද කියන කාරණේ පොඩ්ඩක් මොලේ වෙහෙසල හොයාගන්න.
    එත් ගොඩක් අය ඇත්ත පිළිගන්න කැමති නැහැ .
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔකේ කෙටියෙන් කියන්නේ කර්මය සංකීර්ණය්, තර්ක කරන්න එපා. කියන දෙය ශාද්ධාවෙන් පිලිගන්න.
    ඒවගේම බුදුන්ම කිව්ව "තමන් විසින් විමසා සත්‍ය බව වටහුනොත් පමණක් පිළිගන්න" කියන එක හැම තැනටම අදාළ නැහැ කියලත් තියනවා.
    ඔහොම එකක් බුදුන් කිව්වද කියලත් මට සැකය්. මොකද ඕක නිකන් දෙවියෝ අදහන ආගම් වල කියන දෙයක් වගේ.

    අපි ඕක බුදුන් කිව්වා කියල හිතුවොත් මේ කියන විදියට කර්මය කියන්නේ සංකීර්ණ දෙයක් අපිට හරියට වටහා ගන්න බැරි.
    එකියන්නේ කර්මය පල දෙන්නේ අපි විස්වාස කරන විදියට නොවෙන්න ගොඩක් ඉඩකඩ තියනවා.

    එකය් මම මුලින් කිව්වා වගේ කර්මයට හැමදේම බාර නොදී අපිම අපේ සමාජයේ ප්‍රශ්න විසදගන්න ඕන.
     
    • Like
    Reactions: UB9002

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    මටත් ඕකම හිතුන .
    අම්ම තාත්තගේ ඉදන් හත්මුතු පරම්පරාවටම බැනලා නවතින්නේ .

    මේ ජීටී දීල තියෙන උදාහරණ සහ අප අවට තියෙන තවත් සංසිද්දීන්
    සරල වීජ ගණිතය බාවිත කරලා අපිටම පුළුවන්
    කර්මය කියල එකක් තියෙනවද කියන කාරණේ පොඩ්ඩක් මොලේ වෙහෙසල හොයාගන්න.
    එත් ගොඩක් අය ඇත්ත පිළිගන්න කැමති නැහැ .
    මන් බුදුන් ඇත්ත කෙනෙක්ද කියලා අහලා හොඳට අහගත්තා .
    රුවන්වැලි සෑය රජෙක්ගෙ ආතල් එකක් නියම බුද්ධාගම එතන නෙමෙ තියෙන්නෙ කියලා
    මගෙ අම්මගෙ මුත්තාගෙ ඉඳලා අහගත්තා .
     
    • Like
    Reactions: BadBlueGenius