හොර බොරු නැති ජෝතිෂ්‍ය සීන්

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉන්දියාවෙනම් universities පවා තියෙනවා ඔය ගැන උගන්වන, හැබැයි ලංකාවේ ඕනේ එකෙක්ට පුළුවන් හෙට ඉඳන් ජෝතිශ්යාඥක් වෙන්න. ලංකාවේ university එකක් පටන් ගත්තොත් ඒකෙ උපකුලපති වෙන්නෙත් ඇමතියාගේ ගොට්ට අල්ලන හොරෙක්.
     
    • Like
    Reactions: aneasarayana

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    ඔයාගෙ id එක හරි ටැලිපෝන් නො හරි දුන්නද අඩුම ගානෙ එලවන වාහනෙ හරි මොකද ID Trace kernnne puliwan eewaen
    මම ගියා නාඩි වාක්‍ය අහන්න ගිය බ්‍රහස්පතින්දා (16/10/2020). උපන් දිනෙයි දකුණු අතේ දබරැඟිල්ලෙ ප්‍රින්ට් එකයි විතරයි ගත්තේ... අනේ මන්දා.. මම නම් කොර උණා.. අම්මගෙ, තාත්තගෙ, වයිෆගෙ, මගේ නම් හරියටම කිවුවා.. අනාගතේ ගැනත් කිවුවා... තාම ඒවයෙ ඇත්ත බොරු දන්නෙ නෑ...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,359
    12,622
    113
    Piliyandala
    මගේ හඳහන බැලුව මචන් තැන තුනකින් 2010 විතර... ඉස්සර මම සාස්තරත් අහනවා මොකද මට රට යන්න පුදුම උවනාවක් තිබ්බ

    එක හරියනවද බලන්න

    ගියපු කිසි තැනකින් කිව්වේ නෑ විදේශ ගත වෙනවා කියල කාල වකවානු නෙමෙයි නිකන් කනාවට වත් කිව්වේ නෑ

    මට පුදුම දුකයි බන් සාස්තරේකට වත් කියෙවෙන්නේ නෑ කියල හිතෙනකොට

    මුන්ට කෙලවල යන්න කියල කොරියන් එක්ග්සෑම් එක කරා බැහැලාම 2011 බලන් හිටිය , 2013 සෙට් උනා යන්න... හඳහන් බලන්න ගිය තැන වලින් විනාඩි 45න් විතර පලාපල කියනවා සෙනග වැඩි නිසා.. හරියට කියන කෙනෙක්ට එහෙම ආප්ප බානවා වගේ ඒ වැඩේ කරන්න බෑ කියල තමයි අහල තියෙන්නේ එකට යම් වෙලාවක් ගත වෙනවා
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    ඔයාගෙ id එක හරි ටැලිපෝන් නො හරි දුන්නද අඩුම ගානෙ එලවන වාහනෙ හරි මොකද ID Trace kernnne puliwan eewaen
    මම ගියා නාඩි වාක්‍ය අහන්න ගිය බ්‍රහස්පතින්දා (16/10/2020). උපන් දිනෙයි දකුණු අතේ දබරැඟිල්ලෙ ප්‍රින්ට් එකයි විතරයි ගත්තේ... අනේ මන්දා.. මම නම් කොර උණා.. අම්මගෙ, තාත්තගෙ, වයිෆගෙ, මගේ නම් හරියටම කිවුවා.. අනාගතේ ගැනත් කිවුවා... තාම ඒවයෙ ඇත්ත බොරු දන්නෙ නෑ...
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    කලින් හොඳ සොෆ්ට්වෙයාර් එකක් තිබ්බ
    එළකිරි එකේම දාපු එකක්
    එකති සැහෙන්න හරි
    ඉන්දියන් එකක්


    දැන් එක නැහැ

    සමහර සොෆ්ට්වෙයාර් හොඳට කෝඩ් කරලා තියෙනවා
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔයාගෙ id එක හරි ටැලිපෝන් නො හරි දුන්නද අඩුම ගානෙ එලවන වාහනෙ හරි මොකද ID Trace kernnne puliwan eewaen
    මම ගියේනම් නෑ මගේ යාලුවෙක් ගියා. ඕවා ගන්නේ නෑ බන් finger print එක විතරයි.

    I found this on youtube

    ------ Post added on Jan 24, 2021 at 7:47 AM
     

    chandij86

    Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    මම ගොඩක් අයගෙන් කෙන්දරය බලවගෙන තියන්වා .හස්ත රේකා බලලා තියනවා . තව අර ඔරාව බලලත් තියන්වා.ගොඩක්ම මට ඔනි උනෙ.අනගතය ,අතීතය හරියටම කියන්නෙ කවුද කියලා ටිකක් හොයගන්න. මට හමබ උන ගොඩක්ම හරි දෙවල් කිව්ව කෙනෙක් හිටියා.මම බැලුවෙ 2015 දැන් ඉන්නවද නැද්ද කියන්න හරියටම දන්නෙ නැ.එයා කියන්නෙ ක්‍රිශන මුර්ති පාලපල . නම කනපතිපිල්ලේ කියල කෙනෙක් . ඉන්නෙ මාතලේ ,රත්තොට .මට පොර ගැන විස්තර කිව්වෙ නුවර ඉන්න මල්ලි කෙනෙක් .මට කිව්ව දේවල් හරි.ඉස්සරහට වෙන්න තියන දෙවල් කිව්ව .උන දෙවල් කිව්ව . මම කොලබ ඉදන් එහෙ යන්න බැරි හින්ද බැන්ක් එකට ඩිපොසිට් කලා.ලොකු ගානක් ගත්තෙ නැ . ඉපදුන වෙලාව විතරයි ඉල්ල ගත්තේ .ඔක්කම අනගතය අතිතය ගෙන විස්තර CD එකකට Write කරලා එව්වා.මම විස්තර කියලා තව කෙනෙක් වෙලාව බැලුවා.එයා නන් කිව්වා හරියට කිව්වෙ නැ කියලා ,අතීතය ගැන කියපුවා.
     

    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    මමත් ලංකාවේ ප්‍රසිද්ධ අප්‍රසිද්ධ ගොඩක් අයගෙන් කේන්දරය බලවන් තියෙනවා.. සාස්තර අහල තියෙනවා.. නාඩි වාක්‍ය බලලා තියෙනවා..අත බලවන් තියෙනවා...තව හිත දියුණු කරපු හාමුදුරුවරු දෙන්නෙක් හා ගිහි පුද්ගලයෙක් ගෙන් මගේ අනාගතය ගැන බලලා තියෙනවා.. ඔරාව බලලා තියෙනවා... කුණ්ඩලණි වලින් හිත දියුණු කරපු අයත් හම්බෙලා තියෙනවා. මොකද මට මේ හැම දෙකින්ම හොයා ගන්න ඕන උනු දෙයක් තිබ්බා... මන් මේ ගැන මගේ අදහස කෙටියෙන් දාන්නම්..

    1. සාස්තර - බොරු කියන අයත් හිටියා...හිතා ගන්න බැරි විදිහේ ඇත්ත කියපු..ඒ වගේම අනාගතේ වෙනවා කියල කියපු දේවල් එ විදිහටම උන ඒවත් තිබුනා. මැරිච්ච මිනිස්සුන්ගේ උදව් අරන් තමයි ඒ හැම තැනම වැඩ කටයුතු සිදු උනේ..

    2. කේන්දරය - ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් යන ප්‍රසිද්ද අප්‍රසිද්ධ ගොඩක් තැන් වලට ගිහින් තියෙනවා...ගොඩක් අය කිව්වා ඒවා හරියටම හරි... මන් ලංකාවේ ගොඩක් තැන්වලටත් ගියා. දැන් කාලෙකට කලින් හම්බුනු අයියා කෙනෙක් ඉන්නවා... කියන ඒවා සේරම හරියටම හරි ගිය. එත් තවමත් මේ ගැන හොයල බලලා හොදයි කියල ආරංචි වෙන අය ගාවට යනවා. අසාවක් තියෙනවා ඒ ගැන පර්යේෂණයක් කරන්න..ඒ නිසා..

    3. හස්ත රේඛා - පොඩි කාලෙම කෙනෙක් අත බලලා කියපු දෙයක් ගැන දැන ගන්නයි කීප තැනකටම ගියේ... හැබැයි කේන්දරේ බලලා කියපු දේවල් ඒ විදියටම අත විතරක් බලලා කියපු අය හිටියා..අනාගතේ උනු දේවලුත් එක්කම.

    4. නාඩි වාක්‍ය - අම්ම තාත්තගේ, මගේ නම ඉදන් කියපු හැම දේම හරි. එක නම් හිතා ගන්න බැ. උපන් දිනේ විතරක් අරන් හදහනේ තිබ්බ කොටු එහෙමත් හරියට කිව්වා. මොකද එයාල හදහනත් ගෙන්න කියනවා..ඒක හරිද බලන්න.. අනාගතේ කියපුවා නම් තාම හරි ගියේ නැ. මට තේරුන එක දෙයක් නම් එයාල කියන ඒවායේ දින වකවානු ටිකක් වෙනස් බව. සමහර විට පස්සේ කාලෙක ඒවා හරියාවිද දන්නේ නැ. යන්න කලින් ගොඩක් රිසර්ච් කරලා තාම ගියෙත්. මොකද ලොකු ගානක් වියදම් වෙනවා...

    5. ඕරා - කියපු දේවල් නම් සේරම හරි වගේ. මේකෙදි සාස්තර හදහන් බලනවා වගේ දෙයක් නෙවේනේ වෙන්නේ... අපේ රශ්මි වළල්ලෙන් නිකුත් වන කිරණ අධ්‍යයනය කරලා අපි ගැන, ලෙඩ රෝග ගැන තමා කියන්නේ... එයාලගේ ක්‍රිස්ටල් පාවිච්චි කරලා, ඒවාගෙන් බලපෑමක් තිබුන කියන එක නම් මන් පිලිගන්නවා.

    6. හිත දියුණු කරපු අය - මේ අය අතීතය අනාගතය ගැන කියපු දේවල් නම් 100% ඇත්ත. මට පුංචි කාලේ ඉදන්ම හොයා ගන්න ඕන උනු දේවල් වගයක් තිබ්බා. ඒවාට පිළිතුරු හොයා ගන්න පුළුවන් උනෙත් මේ අයගෙන්. ඒ අයගේ වැඩ වලට බාධාවක් නිසා එයාලගේ ඒ හැකියාවන් අනිත් අය අතර ප්‍රසිද්ධ වෙනවට කැමැත්තක් තිබුනේ නැ.. ගොඩක් අමාරුවෙන් තමා හිතවත් අයගේ මාර්ගයෙන් හම්බෙන්න ලැබුනේ..

    7. කුණ්ඩලනී ශක්තිය අවධිකරමින් සිටි අය - මේ අයගෙන් සාස්තර ඇහුවේ නෑ. ඒත් ඒ අය ජිවිතේ ගැන කියපු සේරම වගේ ඇත්ත උනා... මීට අවුරුදු 20කට වගේ කලින් හම්බුනේ..දැන් නම් කොහේ මොන තත්වෙකින් ඉන්නවද දන්නේ නෑ...

    මේවැනි දේවල් ගැන පර්යේෂණය කරපු ඒ ටී කොවුර් මහත්තයා වගේ ගොඩක් අයගේ පොත් මන් කියවල තියෙනවා.. ගොඩක් පරිවර්තන පොත්...
    ඒත් මේ දේවල් සමහරුන් ඇත්ත කියල පිළිගන්න කොට, සමහරු බොරු කියල පිලිගන්නවා.. මොකද අපි හැම දෙයක්ම කියන්නේ , කරන්නේ අපි ලබපු අත්දැකීම් මතයි. . ඒත් මේ දේවල් ඔලුව උඩ තියන් ඉන්නේ නැතුව අපි අපේ වැඩ ටික කරන් යනවා නම් තමා හොද.
    මොකද මොන අනාවැකිය ඇහුවත් අපේ වර්තමාන ක්‍රියා එක්ක ඒ අනාවැකි ඕනෑම දෙයක් වෙනස් වෙන්න පුළුවන්..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    මම නම් ඔය මගුල් පිළිගන්නේ නැහැ. හැබැයි මහරගම පැත්තේ ඉන්න කෙනෙක් හරියටම මම ගැන කිව්වා 2012 දී. රට යන කාලය. එහෙදී කරන දේ.. ගොදර විස්තර ගොඩක් ජාති කිව්වා. ඒ වෙනකොට තිබුන ලව් එකත් කැඩෙනවා කිව්වා. මම හිතුවේ අපේ ගෙදර අය කලින් ගිය නිසා කටින් අල්ලගෙන කියලා. මගෙ යාළුවාත් ඇහුවා මිනිහත් උඩ ගියා. එයාගේ අම්මට තියෙන අසනීපයත් කිව්වා.
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඔයාගෙ id එක හරි ටැලිපෝන් නො හරි දුන්නද අඩුම ගානෙ එලවන වාහනෙ හරි මොකද ID Trace kernnne puliwan eewaen
    නෑ මචං.. උපන් දිනෙයි අත් දෙකේම මහපටඇඟිලි වල සලකුණුයි විතරයි ගත්තේ.. හඳහන මම අරන් ගියාට එයාල ඒක බැලුවෙ නෑ.. මට බලන්න කිවුවා එයාලා කියන ග්‍රහයෝ එහෙම හරියට කියවෙනවද බලන්න...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙක මට උන දෙයක් නෙවේ අපේ ළඟම නෑදෑ කෙනෙක්ට උන දෙයක්.

    එයාගෙ කේන්දරේ බැලුවා (1980 ගනන් වල කතාවක්). ඒකෙ රැකියාව ගැන කියපු එක දෙයක් 2015 හරියටම හරි ගිය. (සාර්ථකත්වය ගැන).

    මට හිතෙන්නේ ඕක හරියට ඉගෙන ගෙන හරියට කරන මිනිස්සු ටික දෙනයි ඉන්නේ. අනික් අය කොහෙන් හරි පොඩ්ක් අල්ලාගෙන කරන්නේ.
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මම මීගොඩ තැනකට ගියා,ඕවා සත පහකට විස්වාස කරන්නේ නැහැ මම..මගේ යාලුවෙක්ගෙ 1ක් බලන්න ගියේ .
    එයා බලන්නේ දවසට 7යි..ජනාදිපති ආවත් තව 1ක් වැඩිපුර බලන්නේ නැහැ .rs.500 ගත්තේ ඒ දවස්වල ..පැයක් කිව්වා
    මගේ අතීතේ අනාගතේ ගැන..මට තියන පුදුමේ මමයි කෙල්ලයි විතරයි දැනගෙන අපි register වෙලා හිටියේ.මු ඇහුවනේ
    ඒක මගෙන් තව ඊට කලින් සතියේ මම ජොබ් එකකින් අයින් වෙලා හිටියේ මූ එකත් කිව්වා..අලුත් ජොබ් එකට යන්න
    එකේ අව්ලක් වෙන්නේ නැහැ කියලත් කිව්ව..මට අද වෙනකන් පුදුමයි කොහොමද එහෙම කිව්වේ කියල
    වැඩි විස්තර එවන්න
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇයි මේ හරියට කියන එකෙක්ගෙවත් කන්ටෑක්ට් එකක් කා ලගවත් නැත්තෙ.

    එක්කො ඌ කැමති නෑලූ නැත්තන් ඌ කොයි ලෝකෙ ඉන්නවද දන්නෙ නෑලු නැත්තන් ඌ මැරිලලු.

    අනිත් එක ගොඩාක් දේවල් වෙලා තියෙන්නෙ තමන්ට නෙවෙයි යාලුවෙකුට නැත්තම් නෑයෙකුට.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම මීගොඩ තැනකට ගියා,ඕවා සත පහකට විස්වාස කරන්නේ නැහැ මම..මගේ යාලුවෙක්ගෙ 1ක් බලන්න ගියේ .
    එයා බලන්නේ දවසට 7යි..ජනාදිපති ආවත් තව 1ක් වැඩිපුර බලන්නේ නැහැ .rs.500 ගත්තේ ඒ දවස්වල ..පැයක් කිව්වා
    මගේ අතීතේ අනාගතේ ගැන..මට තියන පුදුමේ මමයි කෙල්ලයි විතරයි දැනගෙන අපි register වෙලා හිටියේ.මු ඇහුවනේ
    ඒක මගෙන් තව ඊට කලින් සතියේ මම ජොබ් එකකින් අයින් වෙලා හිටියේ මූ එකත් කිව්වා..අලුත් ජොබ් එකට යන්න
    එකේ අව්ලක් වෙන්නේ නැහැ කියලත් කිව්ව..මට අද වෙනකන් පුදුමයි කොහොමද එහෙම කිව්වේ කියල
    නැෂනල් එක අඳින හුඟක් වයස උස අඩි 5 විතර කෙනෙක් ද? ටිකක් අසනීපයන් ඉන්න නිසා එයාගේ දුවත් උදව්වට ගන්න කෙනෙක් ද ?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,592
    17,776
    113
    මෙක මට උන දෙයක් නෙවේ අපේ ළඟම නෑදෑ කෙනෙක්ට උන දෙයක්.

    එයාගෙ කේන්දරේ බැලුවා (1980 ගනන් වල කතාවක්). ඒකෙ රැකියාව ගැන කියපු එක දෙයක් 2015 හරියටම හරි ගිය. (සාර්ථකත්වය ගැන).

    මට හිතෙන්නේ ඕක හරියට ඉගෙන ගෙන හරියට කරන මිනිස්සු ටික දෙනයි ඉන්නේ. අනික් අය කොහෙන් හරි පොඩ්ක් අල්ලාගෙන කරන්නේ.
    6 වසරේදී වගේ මගේ කෙන්දරය බලලා තියෙනවා මේ පැත්තේ හිටපු කෙනෙක් ට කියලා.

    AL ඉවර වෙලා NIBM ඩිග්‍රිය කරන කාලෙ ගෙදර පරණ ෆයිල් එකක තිබිලා මට ඒක ලියලා තියෙන එක ලැබුන

    රැකියාව පිළිබඳව - " අනාගතයේ පරිගණක ඉන්ජිනේරුවකු ලෙස රැකියාව කරයි"

    කියලා ලියලා තියෙනවා. මෙක තමයි කෙන්දර සම්බන්ධ මට 100%
    හරියට කියපු එකම අනාවැකිය.. 6 වසරේදී මම computer එකක් අතගාලා වත් තිබුනේ නෑ..

    2018 ආපහු ඒ මනුස්සයා මගේ කෙන්දරය බලලා 2022/2023 ගැන අනාවැකි කීපයක් කිවුව. තාම ඒ දේවල් නම් සිද්ධ උනේ නැහැ..
     
    • Like
    Reactions: U-tag