හොල්මන් කතා කියමු... (holman katha kiyamu)

poorna1

Member
Jan 5, 2009
625
82
0
Koo ban comments witharanee Holaman katha daapanko madai mama baya wenna kiyala hithagena raa meeka kiyawanna awa :|
 

tgv

Member
Jun 24, 2008
2,296
56
0
i don't no
මෙන්න ඇහැව්වම බය හිතෙන ඇග කිලිපොලා යන සර්වාංගෙම වෙව්ලන හොල්මන් කතාවක්........

මේක අපේ රටේ සිද්දියක්,
මේන්න කතාව

අද A/L Result නිකුත් කරනවා..................


බය වුනාද??????????????????????????

baya karanna epa yakooooo
thota pissuda
 

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ මේ කතාව මට ඇහිච්ච එකක්. අපේ අක්ක කැම්පස් යන කාලෙ පාඩම් කරන්න ගෙදරට ආපු යාලුවෙක් අක්කට කතාව කියද්දි තමා මට ඇහුණෙ. මීට අවුරු දහයකට විතර උඩදි… ඒ කාලෙ මං ඉස්කෝලෙ යනවා. සිද්ධිය වෙලා තියෙන්නෙ කොලඹ අවට පිහිටි එක්තරා කැම්පස් එකක හොස්ටල් වල, ඊටත් අවුරුදු ගාණකට උඩදි. . දන්න හරි අහපු හරි කෙනෙක් ඉන්නවනං comment එකක් දාන්න, සාක්කි විදියට.

    පුංචි කාලෙ අම්ම මාව බය කරනවා බත් ටික ඔක්කොම කෑවෙ නැත්තං රෑට “දත්-දිගා” ට එන්න කියනවා කියලා. ඒ නිසා හැමදාම මම රෑට නිදාගන්න කලින් ඇඳ යට බලලා තමයි නිදාගත්තෙ, සෑහෙන්න ලොකු වෙනකං. මේ ලඟක් වෙනකං මම ඕක දන්නෙ “දද්දිගා” විදියට. මට ඇහුනෙ එහෙම නිසා මං හිතුවෙ “දද්දිගා යකා” කියල එකෙක් ඇති කියලා. ඒත් ඒකෙ තේරුම “දත්-දිගා” එහෙමත් නැත්නං දිග දත් තියෙන භයානක එකෙක් (මනංකල්පිත කතාවක්) කියල දැනගත්තෙ බොහොම මෑතකදි. වචනෙ තේරුමත් දැනගෙන හිටියනං රෑට ඇහරිලත් ඇඳයට බලන්න ඉඩ තිබුනා. (චිහ්.. මං සවුත්තු උනාද මංද මේවා කියලා ).

    මේ කතාව කිව්වෙ දැන් මේ කියන්න යන්නෙ ඒ වගෙ හොල්මං කතාවක් නිසා. දත්-දිගෙක් නොවුනත් දිව-දිගෙක් ගැන. එකක් කියන්නං, බය නං කියවන්න එපා. තමන්ට අදාල නොවන දේවල් කියවලා නිකං බය වෙන්න එපා, හරි. එත් හොල්මං කතා කියවන්න බය කොල්ලොන්ට මේ ටික කියන්නෙ, මොකද එහෙම උං මං දැකලා තියෙන හංදා. කෙල්ලො ප්‍රශ්නයක් නෑ. (මෙහෙම කිව්වෙ කෙල්ලො හරි බයගුලු ජාතියක් කියලා එකක් කියන්න නෙමේ.., බොලඳ කම කෙල්ලො ලඟ තියෙන්න ඕනත් නිසා. සමහර කොල්ලන්ට වඩා පෞර්ෂයක් තියෙන කෙල්ලො ඕන තරං ඉන්නවා ) හොල්මං කතා කියවන එක කොලුකමේ (subject නෙමේ බං ) එක විදියක් මං හිතන්නෙ. මම ‘පොර’ වෙන්න හිතන් කියනවා නෙවේ., එහෙම කොල්ලෙක්ට ටිකක් ගට හදාගන්න ඕනෙ නිසා කිව්වෙ. කොටින්ම, මම පොරක් එකක් නොවෙමි.

    හා…රි, මේකයි කතාව.

    කැම්පස් හොස්ටල් වල සාමාන්‍යයෙන් 3-4 ක් විතර එක රූම් එකක ඉන්නවා (ඕක කොයි හොස්ටල් එකෙත් එකයි මයෙ හිතේ ). ඉතින් මේ කියන හොස්ටල් රූම් එකෙත් හිටියා 3න් දෙනෙක්. කිව්වම කෙල්ලො තුන් දෙනෙක් තමා හිටියේ. තුන් දෙනාම කොලඹින් දුර බැහැර පදිංචි කට්ටිය. දැනට අපි මේ තුන් දෙනාට ගයනි, සඳුනි, අරුණි කියමු. සති අග දිග නිවාඩුවක් ලැබුනොත් කවුරුත් ආස ගෙදර දුවලා එන්න කොච්චර දුර උනත්. කොහොමත් කොහෙ උනත් හොස්ටල් ලයිෆ් එක ඒ හැටි රසවත් එකකුත් නෙමෙයිනෙ. (හොස්ටල් ලයිෆ් එකේත් රසයක් තියෙනවා පස්සෙ කාලෙක. ඒත් ඉන්න එකෙක් කවදාවත් ඒක ‘මරු ඕයි ’ කියල කියන්නෙ නෑ. ඇත්තෙන්ම කටුකයි.) ඒ නිසා නිවාඩුවක් ලැබුනොත් ටුක් ගාල ගෙදර දුවන එක ඒකෙ හැටි.

    මේ කියන දවස් වෙනකොට කැලැන්ඩර් නිවාඩුවකුත් එක්ක ටිකක් සති අග දිග නිවාඩුවක් වැටිලා තිබ්බා. ගයනිට ගමේ යන්න හිතුනත් මුදල් ප්‍රශ්න නිසා අනිත් දෙන්න නිවාඩුව තිබ්බත් ගෙදර නොයා ඉන්න හිතුවා. යාලුවො දෙන්නත් නොයන නිසා ගයනි සිකුරාදා රෑම ගමේ යන්න පිටත් වුනා. රෑ 12ට පිටකොටුවෙන් පිටත් වෙන දුර ගමන් සේවා බස් රථයක් අල්ලගන්න බලාපොරොත්තුවෙන් ගයනි පිටත් වුනේ. අනිත් දෙන්න ගයනිව පිටකොටුවට යන්න බස් එකකට ඇරලවලා ආයෙත් හොස්ටල් රූම් එකට ගිහින් පාඩම් කටයුතු වල යෙදුනා.

    එදා දවසෙ කාලය ගෙවිලා දෙන්නා නිදාගත්තටත් පස්සෙ පාන්දර එකට විතර හොස්ටල් රූම් එකෙ දොරට ගහන සද්දයක් ආවා. විෂේශයෙන්ම කාන්තා නේවාසිකාගාරයකට කාටවත් අනවසරයෙන් ඇතුල් වෙන්න ලේසි නැති නිසාත් තවත් අහල පහළ රූම් වල ඕන තරම් කට්ටිය ඉන්න නිසාත් සද්ද්දෙට ඇහරිච්ච අරුණි

    “කවුද ඔය …”

    කියලා අහගෙනම දොර ලඟට ගියා.

    “මේ ගයනි… බස් එක මිස් වුනා බං.. මං ආයෙත් ආවා……”

    මෙහෙම කියාගෙන ගයනි රූම් එක ඇතුලට ආවා. ඒත් මූන ටිකක් සුදුමැලි වෙලා තිබ්බා.

    “ඕකනෙ උඹට කීවෙ හෙට පලයං කියලා.. හොඳටම මහන්සි පාටයි ඒ නිසා අපි තේ ටිකක් බොමු……..”

    කියලා උනුවතුර බෝතලේට දාල තිබ්බ තේ ටිකක් කෝප්ප වලට වත් කරපු අනික් යාලුවා.. දෙන්නට දීලා කතාවට වැටුනා.

    තේ ටික බොන ගමන් තවත් ටික වෙලාවක් තුන් දෙනා කතාවට වැටිලා හිටියා. රූම් එකේ පුටු කියලා ජාතියක් නැති නිසා කට්ටිය ඇඳවල් මත වාඩිවෙලා තමයි කතාව දාගෙන හිටියෙ. “දැන් ඉතින් හෙට උදේ ආයෙ යන්නත් ඕන නිසා නිදියගනින් බං ” කියලා තේ බීපු කෝප්ප තුන අරගෙන සෝදල තමන්ගෙ ඇඳට ආපු සඳුනි, නිදියන රෙද්ද පොරවගන්න ගමන් ගයනිට ලයිට් එක නිවාදාන්න කිව්වා.

    මේත් එක්කම ගයනිගෙ ස්පරූපය වෙනස් වෙන්න ගත්තා. තවත් සුදුමැලි වෙච්ච ගයනි යාලුවො දෙන්න දිහා අමුතු විදියට බෙල්ල කරකවලා දෙතුන් විටක් බලලා එක පාරට ඇඳේ ඉඳන්ම ලයිට් එකේ ස්විච් එකට තමන්ගෙ දිව දික් කරලා නිවා දැම්මා… !

    මේක දැක්ක දෙන්නා හූ තියාගෙන කලන්ත වෙලා වැටුනා. සද්දෙට දුවගෙන ආපු අහල පහල රූම් වල අයයි ආරක්ෂක නිලධාරියොයි දෙන්නව රූම් එකෙන් එලියට අරන් අවශ්‍ය ප්‍රතිකාර දුන්නා. ඒත් තුන් වෙනියෙක් රූම් එකේ හිටියෙ නෑ. මේ කටයුතු වෙද්දි කට්ටියට ආරංචිය ලැබුනා, රෑ ගෙදර ගිය ගයනි පාන්දර 1ට විතර ලොරියකට හැප්පිලා අන්තරා වුනු බව. අනතුරින් කම්පනයට පත් ගයනිගෙ දිව කටින් එලියට ඇවිල්ලා තිබුනා.

    මේකට ගොඩාක්ම සමාන කතාවක් අහල තියනවා පේරදෙනි කම්පස් එකේ... මෙ දෙකම එකක්ද කියන්න නම් දන්නෙ නැ.. පේරදෙනි මෙක වෙලා තියෙන්නේ හිල්ඩා කියන හොස්ටල් එකෙලු .(ලගකදි නම් නෙවි.. ගොඩාක් ඉස්සර ස්ටෝරියක්.. හිල්ඩා කුමාරි කියලා හොස්ටෙල් එකෙ විටින් විට පේන හොල්මනක් ගැන නම් ගොඩක් කතා තියනවාලු. පේරදෙනි කැම්පස් එවුන් ඉන්නවා නම් එවා පොස්ට් කරපල්ලා...
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මේකට ගොඩාක්ම සමාන කතාවක් අහල තියනවා පේරදෙනි කම්පස් එකේ... මෙ දෙකම එකක්ද කියන්න නම් දන්නෙ නැ.. පේරදෙනි මෙක වෙලා තියෙන්නේ හිල්ඩා කියන හොස්ටල් එකෙලු .(ලගකදි නම් නෙවි.. ගොඩාක් ඉස්සර ස්ටෝරියක්.. හිල්ඩා කුමාරි කියලා හොස්ටෙල් එකෙ විටින් විට පේන හොල්මනක් ගැන නම් ගොඩක් කතා තියනවාලු. පේරදෙනි කැම්පස් එවුන් ඉන්නවා නම් එවා පොස්ට් කරපල්ලා...

    hilda eke holmanaka innawalu...kathawa hariyata danne na..
    rag karapu nisa siya divi haani karagatta kiyala tamai danne...:yes::yes::yes:
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    පාන්දර 4ට විතර මහව ඉඳල නිකවැරටිය යන බස් එකක driver කෙනෙක්ට වෙච්ච සිද්දියක්. දැනට හුඟක් කලින්. ඒ බස් එකට කොන්දොස්තර මගින් නගින්න තිබිල තියෙන්නේ. ඉතින් බස් එක ටික දුරක් යනකොට, ළමයෙක් වඩාගෙන ගෑනු කෙනෙක් බස් එකට නැගල තියෙනවා. ඉතින් ඔහොම යනකොට පස්සෙන් කිසිම සද්දයක් බද්දයක් නැති හින්දා ඩ්‍රයිවර් ඇහැ යටින් යන්තම දැකල තියෙනවා භයානක දෙයක්. ඉතින් අර බස් එකේ ඉස්සරහ මැද තියෙන කන්නාඩියෙන් බලද්දී මොකක්ක්ද දන්නවද දැක්කේ..??......

    අර ගෑනු කෙනා ලේ විලක් මැද අර ලමයව .... පණපිටින් කනවා. .....

    ඩ්‍රයිවර් කොයි තරම් බය වුනාද කිව්වොත් මිනිහ කොච්චර තද හිතක් තියෙන එකෙන් වුනත් බයටම ඇරගෙන බස් එක අරන් ගිහින්. අන්තිමේදී බස් එකයි සිහි නැතිවෙලා හිටපු ඩ්‍රයිවර් හොයාගෙන තියෙනවා පාර මැද බස් එක නැවතිලා තියෙද්දී, මිනිහට තෙල් මතුරලා පිරිත් කිව්වම ටිකක් සුවයක් ලැබිලා. බස් එකේ ඒක ලේ පැල්ලමක් නැහැ. මමනම් විශ්වාස කරන්නේ මනෝ විකාරයක් විය හැකියි. කොන්දොස්තරත් හිටියනම් විශ්වාස කරන්න තිබුන.

    තව මේ වගේ කතා කිහිපයක් තියෙනවා:rolleyes:, ඕනෙනම් Rep++ දීපල්ලා. :growl:
     
    Last edited:
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    මේක මගේ පියාණන්වහන්සේට වෙච්චි සිද්ධියක් :)
    1991 හෝ 1992 කාල වකවානුවේ අපේ තාත්තගේ යාළුවෙක්ගේ wedding එකක් තිබ්බා.wedding එකට ගිහින් ඉද්දි මනමාල පාර්ශවේ යාළුවෙක්ට පොඩ්ඩක් සූර් වෙන්න වැදිලා ඉදලා තියෙන්නේ.කොරන්න දෙයක් නැති කමට මනමාල මහත්තයා කියපි "මචං පොඩ්ඩක් මූව ගෙනිහින් දාපං ගෙදරට" කියලා තැන කියලා , මනමාල මහත්තයා අලුතෙන් ම ගෙනල්ලා register කරපු කිරි ටොයියා Honda CD125 benly එකත් දීලා.අපේ පියා දැන් මෑන්ව දාලා එනවා.ඇවිල්ලා මහපාරෙන් හැරිලා අතුරුපාරක මගුල් ගෙදර පේනවලු light දාලා,
    සිංදු දාලා තියෙනවා. එත් මොකක් හරි වෙලා සනිකව අපේ පියාට පාර වැරදිලා දශමෙන් පාළු පැත්තක් සැට් වෙලා (දැන් බලනවා ඇති මූටත් ඩෝප් ද කියලා :angry:)අන්නේකයි අදටත් ඕක ප්‍රෙහෙළිකාවක්. පාළු පැත්තේ 100m වගේ යනකොට බයික් එක නැවතිලා තියෙනවා.:baffled: කොහොම හරි විපරම් කළාට පස්සේ සොහොන් කොත් වගයක් පෙනිලා තියෙනවා. හුටා කනත්තකට සේන්දු වෙලා.:shocked: බයික් එක වැඩත් නෑ , ගිනි දාඩිය දාලා. කොහොම හරි මොහොතකින් බඩු වැඩ.ආයේ ආපු පාරෙම ඇවිල්ලා එනකොට මගුල් ගෙදර සෙට් වෙලා.පියා දාඩිය පෙරාගෙන යනකොට මනමාල මහත්තයා අහලා "මොකෝ මචං දාඩිය පෙරාගෙන"
    පියා අවුලක් නෑ කියලත් පස්සේ සීන් එක කියලා. මනමාල මහත්තයා "හරි බං යන්කෝ කනත්තට කියලා බෙන්ලියෙන් ම ගිහින්. පැයක් විතර කතා කර කර ඉදලා බය ඇරෙනකන් ඉදලා තමා ඇවිල්ලා තියෙන්නේ :rofl: :yes: එත් අදටත් හිතාගන්න බෑ මොකක් හරි බලවේගයක්වත් අපේ පියාව එතනට ගෙනිච්චා ද කියලා :oo:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අර ගෑනු කෙනා ලේ විලක් මැද අර ලමයව .... පණපිටින් කනවා. .....

    ඔය වගේම දෙයක් වෙන අයටත් වෙලා තියෙනව,අහල තියෙන විදියට ඇත්තටම වෙලා තියෙනව,මෝහිණීද දන්නෑ :oo::baffled:
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ඔය වගේම දෙයක් වෙන අයටත් වෙලා තියෙනව,අහල තියෙන විදියට ඇත්තටම වෙලා තියෙනව,මෝහිණීද දන්නෑ :oo::baffled:

    :no::no::no: :baffled::baffled::baffled: ම්ම්.. කියන්න බෑ! :baffled::baffled::baffled: :no::no::no: