Aththama Holman Katha Thamunta Una Siddi

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    මේක සිරාම සිද්දියක්
    මන් බැදල ඉන්නෙ කෑගල්ලෙන්, දවසක් කෙල්ලගෙ අම්ම ලිස්සල වැටිල, එදා සිකුරාද.

    කෙල්ල අඩනව ගෙදර යන්න ඕනෙ කියල, සෙනසුරාදා මට වැඩ වගෙකුත් තිබුන, මන් රෑම කෙල්ල ගෙදර දාල එන්නන් කියල කිව්ව, ඉතින් වැඩ ඉවර උන ගමන් කෑගල්ලෙ ගිහින් නැන්දම්ම බලල රෑ 11 ට වගෙ කොලබ එන්න ආව. කෑගල්ල බුලත්කොහුපිටිය පාරෙ බාගයක් විතර කාපට්. පාරෙ බලු බල්ලෙක් නෑ. මන් ඉතින් බුලත් හපේකුත් ගහගෙන, ලයිට් හයි බීම් ගහගෙන, 70 ට වගේ එනව බයික් එකේ.

    ඔන්න මට පේනව ඈතින් පාර අයිනෙ පොඩි ගිනි ගොඩක්, මීටර් 200ක් වගෙ ලන් උනාම පේනව එකෙක් බිම ඉදගෙන ඉන්නව. මිටර් 50 වගේ උනාම මූ නැගිට්ට, මූව පාස් වෙන්න එනකොටම මූ ඔලුව හරෝල මන් දිහා බැලුව, හිකෙයි බන් ඌට තිබ්බෙ අශ්ව ඔලුවක්.

    මට හොදටම ශුවර් ඒක වෙස් මූනක්.

    වැඩේ කියන්නෙ ඒ කිලෝ මීටර් 2,3 ටම වෙන ගෙයක් තිබ්බෙ නෑ.

    එක්කො ලග එකෙක් දෙන ආතල් එකක්, නැත්නන් ????

    :baffled:
    MV5BNTZlMjQ4ZGQtODZhMC00ODE3LWJiM2MtNTU5YzI0NDI3YjRjXkEyXkFqcGdeQXVyNTA2NTM4NTE@._V1_FMjpg_UX1...jpg
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,315
    2,377
    113
    මමයි යාලුවෙකුයි අපේ ගෙදර රෑ ෆිල්ම් එකක් බැලුවා ඉවර වෙද්දි 2යි වෙලාව. අපේ ගේ තියෙන්නෙ පාරේ කෙලවරේ වංගු 3 ක් විතර පහු කරලා උඩහට යන්න ඔන්නෙ අරූගෙ ගෙදර. ඌ ඉතිං යන්නම් කියලා ගියා. පහුවදා උදේ ඌ කිවෙ කතව.ඌ යද්දි අපේ ගේ ගාව ඉඳන් 2වෙනි වංගුව ලඟ ලයිට් කනුවක් තියෙනවා එතන වතුසුද්ද ගහක් තියෙනවා. මූ යද්දි සුදු ඇඳ ගත්තු වයසක ආච්චි කෙනෙක් මල් කඩනවාලු. මූ ටිකක් බයවෙලා ඒත් ෆිට් එකක් අරං ගියාලු ඉස්සරහට යද්දි චුරු චුරු ගාලා සද්දෙ යක් ඇහුනලු. මූ ඉතිං හොඳට ම බලලා. එතන ඉඳල තියෙන්නෙ අපේ ගෙවල් පැත්තෙ ඉන්න පිස්සු හැදිච්ච වයසක ආච්චි කෙනෙක් එතන ඉඳන් හිටගෙන චූ කරනවලු. පස්සෙ මූ හිනා වෙවී ගෙදර ගියාලු. සිරාම සිද්ධි යක්