හොල්මන් කතා 101

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මන් නැවතිලා හිටිය බෝඩිමේ හොල්මන් ඉන්නවා කියලා

    අහල පහල බෝඩින් වල උන් මට ඉදලා හිටලා කියලා තිබුනා

    ඇත්ත නැත්ත දැනගන්න මන් බෝඩිමෙ
    ඇන්ටිගෙන්ම ඇහුවා!

    ඇන්ටි
    කිව්වා සද්ද බද්ද ඇහුනත් ගනන් ගන්න එපා ඒවා ඉස්සර ඉදන් තියන්වා කියලා මිනිස්සු ඇවිදිනවා වගෙ සද්ද!

    ඕ නිසාම පිරිතුත් දානවා

    සිරාවටම එහෙම සද්ද ඇහිලා තිබුනා ඉදලා හිටලා මටත් රූමටත්

    පස්සෙ ඕක හරියටම දැනගන්න රූමයි මමයි ඕක ඇහැන වෙලාවක බලමු කියලා කතා වුනා,

    ඇන්ටි බැදලා ඩිවෝස් කෙනෙක්

    දවසක් සද්ද එද්දි රූමයි මමයි රෑ 1 ට විතර ජනේල්ලෙන් ඔලුව දාලා බැලුවා

    සිරාවට උස පොරකගේ චායාවක් දැක්ක අපි එදා,

    ඊට පසුවෙනිදා සතියේ ඔක වෙද්දි අපි සිරා බැලුවම සීන් එක තේරුනා
    ඇන්ටිගෙ හොර මිනිහා රෑට ගෙට රිංගනවා ඇන්ටිට ගහන්න, අපි දන්නෑ වගේ හිටියා 😂
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඉස්සර අපි හිටපු ගේ ගාවත් ඔහොම කේස් එකක් තිබ්බා. ඇන්ටි කෙනෙක් හිටියේ ඒ වෙද්දි මිනිහා මැරිච්ච අලුත. රෑට පාරෙ බල්ලො එහෙම බුරනවා ඇහෙනවා. ඒ ගෑණිගෙ මනුස්සයා හොල්මන් කරනවා වගේ කතා කියලා තිබුනා වගෙත් මතකයි. රෑට අඩි සද්දත් ඇහෙනවා පාරෙ. ඒක ගෙවල් වලටම යන පාරක් හින්දා පිට උන් එන්න විදිහකුත් නෑ.
    දවසක් මම පාඩම් කරන ගමන් සද්දෙ ඇහිලා ජනේලෙන් බැලුවා. මිනිහෙක් යන ඡායාව දැක්කා.
    ඊළඟ දවසෙත් ඔය වගේම.
    පස්සෙ බලද්දි ඇන්ටි රෑට නයිටියත් ගහගෙන පාරට ඇවිත් පාරෙ ලයිට් ඕෆ් කරලා අර මිනිහා එනකම් කරුවලේ බලන් ඉන්නවා.

    පස්සෙ අවුරුද්දක් විතර ගිහින් උන් දෙන්නා බැන්ඳා.