හොල්මන් කතා ...

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කට්ටිය දන්නවනේ රාගම කඳාන පැත්ත...
    කඳානේ ජයශ්‍රිගම කියන්නේ ගොඩක් ඉස්සර අන්නාසි වගාවට ප්‍රසිද්ද වෙලා තිබුන පලාතක්ලු...
    ඒ ගමේ ඉඩම් වල අයිතිකාරයා සුදුවට ගොඩක් කැමති කෙනෙක්....
    ඉතිං එයාගේ අවාසනාවන්ත කාලේ ඇවිත් සේරම සල්ලි අන්සතු වෙලා...
    ඒත් තියෙන කෑදර කම නිසා ඉඩම් සේරම උගස්‌ තියල සුදුවට ගිහිං....
    අන්තිමට සේරම සින්න වෙලා...
    පිට මිනිස්සුන්ට...
    මිනිස්සු ඉඩම් කට්ටි කරලා විකුණලා....
    අද වගේ දියුණු නැති උනාට කුණු කොල්ලෙට ඉඩම් ලැබෙද්දී ගොඩක් දෙනෙක් ගන්නවනේ....
    ගොඩක් ඉඩම් රජයට පවරාගෙන මිනිස්සුන්ට බෙදල දීලත් තියෙනවා ප්‍රේමදාස මහත්තයාගේ කාලේ....
    ඉතිං මෙහෙම ගත්තු ගෙදරක, එක අන්කල් කෙනෙක් දවසක් මිදුලට වෙලා බෝතලයක් ගහනවලු තනියම...
    නිකන් නෙවි,
    ඌරු මස් එක්ක, පුච්චපු කරවලත් තියෙනවලු...
    ඒ පැත්තේ ඉන්නේ ගොඩක් දෙනෙක් කතෝලික නිසා හොල්මන් ගණන් ගන්නේ නැතිලු.....
    ගේ පිටිපස්සේ පොඩියට කැලයක් තියෙනවලු...
    ගෙදර ඉඳල තියෙන්නේ මෙයාගේ පුතා, නෝනා, ගෙදර හදන ගමන් නිසා ආව බාසුන්නැහැලෑ....
    ඒ කට්ටිය ගේ ඇතුලේ ඉන්දැද්දී මෙයා තනියම බොනවලු...
    වෙලාවත් රෑ 8ට විතර ඇතිලු...
    ලයිට් තිබිලත් නැහැ...
    ගේ පිටිපස්සේ කැලේ ඇතුලෙන් ඇහෙනවලු ගස් වල අතු කඩාගෙන වැටෙන සද්දේ...
    සේරම එක්ක ගියත් මොනවත් දැකල නැහැ....
    අන්තිමට මේ අන්කල් එද්දී බැදපු කරවල ටික නැතිලු...
    ඒ පාර ගෑනිට බැන බැන අයිත් කරවල ගෙන්නවාගෙන ටිකෙන් ටික බොනවලු..
    එතකොට මෙයාට තද සීතලක් දැනුනලු...
    ඒත් එක්කම කවුද කෙනෙක් මෙයාගේ ළඟ වාඩි වෙලා කරවල එකට ඔලුව තියාගෙන කනවලු....
    මොකාද යකෝ මගේ කරවල කන්නේ කියල අහද්දී,
    අර මුණ ටික ටික ඉස්සිලා අන්කල් දිහා බැලුවාලු....
    එලියට පැනපු ඇස් දෙකක් එක්ක,
    නළලේ අඟකුත් තියෙන
    ගොඩක් බිහිසුණු අප්පිරිය මුහුණක් රවාගෙන ඉන්නවලු...
    යටි ගිරියෙන් කෑ ගැහෙනවත් එක්කම සිහිය නැති වෙලා...
    පල්ලියට ගෙනිච්චත් වැඩක් නොවුන නිසා, ගමේ පන්සලට අරගෙන ගිහිං...
    එතකොට තමයි හාමුදුරුවෝ පිරිත් පැන් දීල පිරිත් නූල් ගැට ගහල සිහිය අරගෙන තියෙන්නේ...
    ඉඩම් වලට තන්හාවේ මැරුණ අයිතිකාරයා තමයි මල පෙරේතයෙක් වෙලා ඇවිත් තියෙන්නේ....
    අදටත් ඒ ජයශ්‍රිගම පිට්ටනියේ පවා හොල්මන් තියෙනවා කියල ඒ ගමේ මිනිස්සු කියනවා...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ මාම කෙනෙක්ට මේක වෙලා තියෙන්නේ....
    ඇත්ත බොරුද කියල බලන්න මම එතන හිටියේ නැහැ...
    ඒත් කිවුව නිසා මම මේ කියන්නේ...
    ඉස්සර ඒ මාම ඉඳල තියෙන්නේ ගාල්ලේ...
    ගාල්ල ඒ වෙද්දී මේ තරම් දියුණු නැහැ...
    ඒත් ලයිට් තිබිල තියෙනවා...
    එයා කරලා තියෙන්න සුද්දෙක්ගේ කන්තෝරුවක ලියුම් ටයිප් කරන එක...
    එයාගේ පවුලේ කට්ටිය සේරම නම ගිය යකදුරෝ...
    ඒ මන්ත්‍ර ගැන ලියපු පුස්කොල පොත් එහෙමත් ඒ දවස් වල මම දැකල තියෙනවා...
    ඉතින් ඒ මාමත් එවුව අත්හදා බලන්න ගිහින් තියෙනවා එක එක අවස්ථාවල....
    ඒ එයාල ඉඳල තියෙන්නේ බෝඩිමක....
    මාමයි තව මාමල දෙන්නෙකුයි...
    ඉතින් අනිත් මාමල දෙන්න කන්න ගියපු වෙලාවේ තමයි මේ මාම ප්ලෑන් කරලා තියෙන්න වැඩේ කරන්න..
    වෙලාව රෑ 10 පහු වෙද්දී තටුවක් හදල,
    ඒ මැද්දේ පහන් තිරයක් හදල
    ඒ තිරය පත්තු කරලා කාමරේ පුරාම දුම්මල අල්ලලා...
    දැන් මෙයා හෙමින් හෙමින් මන්තර කියනවලු...
    ඒ වෙද්දී එතෙක් වෙලා පත්තු වේවි තිබුන පහනේ දැල්ලේ එලිය වැඩි උනාලු....
    කාමරේ වහල තියෙන ජනෙල් හෙමින් හෙමින් ඇරෙද්දි මාමගේ ඔලුවෙන් දහදිය බේරෙන්න ගත්තලු....
    අවටින් බල්ලෝ උඩුබුරන සද්දේ එනවලු...
    දැන් මන්ත්‍ර කියන එක නවත්තුවොතින් මාමට බඩු හම්බ වෙනවා....
    ඒ නිසා නවත්තලත් බැහැ....
    ඕන දෙයක් වෙද්දෙන් කියල දිගටම කියලා....
    එතකොට හොඳට පායලා තිබුන අහසේ ගෙරවිල්ලක් ඇවිත්..
    පළාතේම ලයිට් ගිහින්...
    කාමරේ සාම්බ්රානි සුවඳට අමතරව වෙන වෙන සුවඳවල් දැනෙන්න ගත්තලු...
    හරියට අන්තිම මන්තර් කියද්දී පහනේ තිරේ පත්තු වේවි,
    පහනෙන් ඉස්සිලා උඩ පාවෙන්න අරගෙන..
    එතනින් පස්සේ කරන්න ඕන දේ මාම දන්නේ නැති නිසා,
    කෑ ගහල...
    ඒත් සද්දේ පිට වෙන්නේ නැතිලු...
    ළඟ තිබ්බ කහ දියර බෝතලේ තටුවට ඉහල,
    ඇඟට වක්කර ගත්තට පස්සෙ හෙමින් හෙමින් පත්තු වෙන පහන් තිරේ පහනට වැටිලා...
    පස්සේ තමයි මාම කිවුවේ,
    එදා කියවල තියෙන්නේ අංජනම් දේවිය වඩින්න කියවන මන්තරයක් කියල...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හැමෝම දන්නවා ඇතිනේ වැලිගම අග්‍රබෝධි විහාරේ...
    පුරාන රජ මහා විහාරයක්..
    ඉස්සෙල්ල මම ඒ අතීතේ පොඩ්ඩක් කියල ඉන්නම්..
    ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රධාන අංකුර අරගෙන බ්‍රාහ්මණයෝ ලංකාව පුරාම ගියාලු...
    ඒ යද්දී ගියපු එක පිරිසක් වැලිගමට ඇවිත්...
    එනකොට හවස් උන නිසා නවතින්න තැනක් හොයලා...
    ඒ වෙලාවේ බෝධි අංකුරයට කරදරයක් නොවෙන්න ඕන නිසා ආරක්‍ෂිත තැනක් හොයල...
    එතකොට තමයි හම්බ වෙලා තියෙන්නේ ලොකු කන්දක්...
    ඒ කන්ද උඩට ගියොතින් සත්තුන්ගේ කරදර උනත් නැතිව ඇති කියල හිතාගෙන මේ බ්‍රාහ්මණයෝ ටික කන්ද නැගල...
    කන්ද උඩ මුහුදු වැලි තියෙනවලු...
    ඒ වගේම හරිම සැහැල්ලුවක් දැනෙන්න ගත්තලු පිරිසට...
    ඉතින් බෝධි අංකුරය පැත්තක තියල,
    ඒ වටේට බ්‍රාහ්මණයෝ නිදාගෙන...
    උදේ යන්න බලද්දී බෝ අංකුරය පොලවට මුල් ඇදලා....
    ගහක් උනත් දන්නවනේ තමන්ට ගැලපෙන තැන...
    ඒ නිසා එතන පන්සලක් කරවලා රාජ්ජ අනුග්‍රහය ඇතිව පන්සල කරවාගෙන ගිහින්....
    අපේ සීයල තමයි පන්සලේ තියෙන චිත්‍ර ඇඳලා තියෙන්නේ....
    ඉතින් මේ පන්සලේ අපි දැනුම් තේරුම තියෙන කාලේ ගියා එක පුජාවකට...
    උඩ මලුව පිරෙන්න සෙනග....
    සතියක් පුරාම පිරිත් දේශනා...
    අන්තිම දවසේ පිරිත් කියද්දී එතෙක් ආවේ නැති සුවඳවල් එන්න ගත්ත...
    ඒත් එක්කම ලයිට් ගියා...
    ඒත් කිසි කෙනෙක් සද්දයක් නැතිව ඉන්නවා...
    කොහෙන් ආවද මන්ද, එක පාරටම ලස්සන දීප්තිමත් එළියක්‌ බෝ ගහෙන් විහිදෙන්න පටන් ගත්තා....
    ඒත් එක්කම ඉහල අහසින් ලස්සන සුදු පාට එලි දෙකක් බෝ ගහට එනකොට හාමුදුරුවෝ කලින්ට වඩා ශබ්දෙට පිරිත් දේශනය කරන්න පටන් ගත්ත...
    එතන හිටපු හැමෝම ඒ දේ දැක්ක...
    තත්පර කිහිපයකින් එලි සේරම අතුරුදහන් වෙද්දී හැමෝගෙම ඇඟේ මයිල් කෙලින් වෙලා...
    මුළු පන්සලේම කතාව එලි ගැන....
    පිරිත් දේශනය අවසානයේ හාමුදුරුවෝ කිවුවේ සාර්ථකව පිරිත් සජ්ජායනය අවසන් කරන්න ලැබුන නිසා දෙවියෝ පින් අරගන්න ආව කියලා..
    ඒ වගේම මිට කලිනුත් එහෙම එලි පාත් වෙලා තියෙනවා කියල ලොකු හාමුදුරුවෝ කිවුව මතකයි...
    තවමත් මතක් වෙද්දී පුදුමාකාර සතුටක් දැනෙන්නේ....
    ඒ දවස් වල ෆෝන් නැහැ...
    තාක්ශනේ දියුණු නැති නිසා කොහොම ඒ දේවල් වෙනවද කියල පුදුමයි අදටත්...
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ela ela bump thamai

    matath podi podi seen windala dakala thiyenawa, yakek gahapu ekek dakalath thiyenawa :nerd:

    liyanna welawak set unoth dannam
     
    • Like
    Reactions: labu gediya

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කට්ටිය දන්නවනේ රාගම කඳාන පැත්ත...
    කඳානේ ජයශ්‍රිගම කියන්නේ ගොඩක් ඉස්සර අන්නාසි වගාවට ප්‍රසිද්ද වෙලා තිබුන පලාතක්ලු...
    ඒ ගමේ ඉඩම් වල අයිතිකාරයා සුදුවට ගොඩක් කැමති කෙනෙක්....
    ඉතිං එයාගේ අවාසනාවන්ත කාලේ ඇවිත් සේරම සල්ලි අන්සතු වෙලා...
    ඒත් තියෙන කෑදර කම නිසා ඉඩම් සේරම උගස්‌ තියල සුදුවට ගිහිං....
    අන්තිමට සේරම සින්න වෙලා...
    පිට මිනිස්සුන්ට...
    මිනිස්සු ඉඩම් කට්ටි කරලා විකුණලා....
    අද වගේ දියුණු නැති උනාට කුණු කොල්ලෙට ඉඩම් ලැබෙද්දී ගොඩක් දෙනෙක් ගන්නවනේ....
    ගොඩක් ඉඩම් රජයට පවරාගෙන මිනිස්සුන්ට බෙදල දීලත් තියෙනවා ප්‍රේමදාස මහත්තයාගේ කාලේ....
    ඉතිං මෙහෙම ගත්තු ගෙදරක, එක අන්කල් කෙනෙක් දවසක් මිදුලට වෙලා බෝතලයක් ගහනවලු තනියම...
    නිකන් නෙවි,
    ඌරු මස් එක්ක, පුච්චපු කරවලත් තියෙනවලු...
    ඒ පැත්තේ ඉන්නේ ගොඩක් දෙනෙක් කතෝලික නිසා හොල්මන් ගණන් ගන්නේ නැතිලු.....
    ගේ පිටිපස්සේ පොඩියට කැලයක් තියෙනවලු...
    ගෙදර ඉඳල තියෙන්නේ මෙයාගේ පුතා, නෝනා, ගෙදර හදන ගමන් නිසා ආව බාසුන්නැහැලෑ....
    ඒ කට්ටිය ගේ ඇතුලේ ඉන්දැද්දී මෙයා තනියම බොනවලු...
    වෙලාවත් රෑ 8ට විතර ඇතිලු...
    ලයිට් තිබිලත් නැහැ...
    ගේ පිටිපස්සේ කැලේ ඇතුලෙන් ඇහෙනවලු ගස් වල අතු කඩාගෙන වැටෙන සද්දේ...
    සේරම එක්ක ගියත් මොනවත් දැකල නැහැ....
    අන්තිමට මේ අන්කල් එද්දී බැදපු කරවල ටික නැතිලු...
    ඒ පාර ගෑනිට බැන බැන අයිත් කරවල ගෙන්නවාගෙන ටිකෙන් ටික බොනවලු..
    එතකොට මෙයාට තද සීතලක් දැනුනලු...
    ඒත් එක්කම කවුද කෙනෙක් මෙයාගේ ළඟ වාඩි වෙලා කරවල එකට ඔලුව තියාගෙන කනවලු....
    මොකාද යකෝ මගේ කරවල කන්නේ කියල අහද්දී,
    අර මුණ ටික ටික ඉස්සිලා අන්කල් දිහා බැලුවාලු....
    එලියට පැනපු ඇස් දෙකක් එක්ක,
    නළලේ අඟකුත් තියෙන
    ගොඩක් බිහිසුණු අප්පිරිය මුහුණක් රවාගෙන ඉන්නවලු...
    යටි ගිරියෙන් කෑ ගැහෙනවත් එක්කම සිහිය නැති වෙලා...
    පල්ලියට ගෙනිච්චත් වැඩක් නොවුන නිසා, ගමේ පන්සලට අරගෙන ගිහිං...
    එතකොට තමයි හාමුදුරුවෝ පිරිත් පැන් දීල පිරිත් නූල් ගැට ගහල සිහිය අරගෙන තියෙන්නේ...
    ඉඩම් වලට තන්හාවේ මැරුණ අයිතිකාරයා තමයි මල පෙරේතයෙක් වෙලා ඇවිත් තියෙන්නේ....
    අදටත් ඒ ජයශ්‍රිගම පිට්ටනියේ පවා හොල්මන් තියෙනවා කියල ඒ ගමේ මිනිස්සු කියනවා...
    ඔය කතාව නම් මමත් අහල තිබ්බා අපි දන්නා කොන්දෙක් කිව්වා ජය ශ්‍රී ගමේ අවුරුද්දකට කලිනුත් කීප දෙනෙක් බය වෙලා කියලා
    දෙවොල්මඩුවකුත් කරා ඔහේ මමත් ගියා එක බලන්න නම්
    බර ආවේස වෙනවා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්සර කාලේ හිටපු ගොඩක් මන්තර දන්න කොඩිවින කරන,
    කොඩිවින කපන ගොඩක් මිනිස්සු ගෙදරින් යන්න කලින් ගෙදරට ආරක්ෂාවක් දාල තමයි යන්නේ...
    මේ කතාවත් ඒ සම්බන්ද එකක්...
    මේක මම අහපු එකක්...
    එක පිටිසර බද ගමක ඉඳල තියෙනවා මේ වගේ ගුරුකම් කරන කෙනෙකුයි එයාගේ නෝනයි, කිරිදරුවෙකුයි...
    ගොඩක් දක්ෂ කෙනෙක්...
    කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ....
    දවසක් සුපුරුදු පරිදි පිට ගමකින් ආව මෙයාව එක්කගෙන යන්න...
    සුපුරුදු පරිදි ගෙදරට ආරක්ෂාවක් කරලා යන්න අමතක කලේ නැහැ...
    ඉතින් අදාළ තැනට ගිහිං බලනකොට,
    බලගතු යක්ෂයෙක් ගැහැණු ළමයෙක්ට වහලා...
    මේ ළමයි කටින් සෙම පෙරාගෙන විරූපී වෙලා බලන්න බයන්කාරයිලු...
    ඉතින් මේ යකදුරා තටුවක් හදල පිදෙනියක් තියල
    එදාම එලියට ගත්තු මිනි ඔලුවක් අරගෙන මතුරනවලු...
    එදා අමාවක දවසක් නිසා ගොඩක් පාලු මුසල ගතියක් තිබිල තියෙන්නේ...
    වැස්ස නැති උනත් හුළඟ තිබිල තියෙනවා...
    රෑ 12 පහු වෙද්දී වටේට විලක්කු පත්තු කරලා,
    යකදුරා මන්ත්‍ර කියන එක තීව්ර කරලා...
    කට්ටියට ඉන්න බැරි තරම් සිතලයිලු...
    ඒ මදිවට මිනී පිච්චෙන ගඳ අවටින් එනවලු....
    ගෙදර බවලත් උදවිය කෝකටත් දේ ඇතුලට කරලා ආරක්ෂා කරලා වැඩේ පටන් ගත්ත...
    දැන් ටිකෙන් ටික ආතුර නටනවා...
    යකදුරාගේ බෙල්ලටමයි එන්නේ...
    අන්තිමේදී යකදුරා මන්තර කියල යකාව මෙල්ල කළා...
    යන්න කිවුවම බිල්ලක් ඉල්ලුවා...
    නිකන් බිල්ලක් නෙවි මනුස්ස බිල්ලක්....
    අන්තිමට පොරොන්දු උනා බිල්ලක් දෙන්නම් කියල...
    යකාව එලියට ගත්තා..
    දුන්නේ කුකුල් බිල්ලක්...
    ඒ පාර අයිත් අර ගැහැණු දරුවාගේ ඇඟට යන්න බැරි වෙන්න බලගතු නුලකුත් දැම්ම...
    යකාට මදි...
    යකාට කේන්ති ගිහිං කිවුව පලි ගන්නවා කියලා...
    අයිත් ආවොතින් පුච්චනවා කියල යකදුරා බය කරපු නිසා යකා ගියා...
    ඉතින් ගෙදර සේරටම සතුටුයි...
    පුද පඬුරු දීලා යකදුරා යැවුවා ගෙදර...
    ගෙදර යද්දී කිසිම හැල හොල්මනක් නැහැ...
    කතා කරත් සද්දයක් නැහැ...
    ගේ ඇතුලේ කවුරුත් ඉන්නවා පෙන්නේ නැහැ...
    ඒත් අමුත්තක් තේරුනා....
    ගෙයි දොර කඩල බලද්දී දැක්කේ තමන්ගේ බිරිඳගෙයි කිරි දරුවගෙයි බෙලි කඩල කියලා...
    දෙන්නගෙම ඇඟේ ලේ බින්දුවක් වත් තිබිල නැහැ...
    කෝච්චර ආරක්ෂා දැම්මත් උනේ කොහොමද කියල හෙව්වා...
    අන්තිමට බලද්දී දැක්කේ අල්ලපු වත්තේ පොල් ගහක අත්තක් තමන්ගේ ගෙයි වහලේ ගෑ වෙනව...
    ගෙදරට ආරක්ෂාව දාපු නිසා ගෙදර වටේට යකාට පේන්නේ අහස උසට ගිනි දැල්...
    ගෙට එන්න ගියෝතින් පිච්චෙනවා..
    යකා බලද්දී දැකල තියෙන්නේ අත්ත....
    අන්තිමට අනුන්ගේ ගෙවල් වල ප්‍රශ්න විසඳන්න ගිහිං,
    තමන්ගේ සුරතල් දරුවගෙයි ජිවිතේ ගොඩක් දුර යන්න හිතං හිටපු බිරිඳගෙයි ජිවිත අරගෙන යකා ගියා.....
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    @labba, oya pol aththe kathawa nam mama kalin ahala thiyenawa machanz..
    Mama ahapu eke thiyenne a yaka yanna kalin thambili gediyak illuwalu bill widiyata
    Yakadurata saka hithunath uu ekata awasara deela awulak nathi nisa
    Adehh mama 1st page eke daapu reply eka dakke nadda bn ?