කට්ටිය දන්නවනේ රාගම කඳාන පැත්ත...
කඳානේ ජයශ්‍රිගම කියන්නේ ගොඩක් ඉස්සර අන්නාසි වගාවට ප්‍රසිද්ද වෙලා තිබුන පලාතක්ලු...
ඒ ගමේ ඉඩම් වල අයිතිකාරයා සුදුවට ගොඩක් කැමති කෙනෙක්....
ඉතිං එයාගේ අවාසනාවන්ත කාලේ ඇවිත් සේරම සල්ලි අන්සතු වෙලා...
ඒත් තියෙන කෑදර කම නිසා ඉඩම් සේරම උගස් තියල සුදුවට ගිහිං....
අන්තිමට සේරම සින්න වෙලා...
පිට මිනිස්සුන්ට...
මිනිස්සු ඉඩම් කට්ටි කරලා විකුණලා....
අද වගේ දියුණු නැති උනාට කුණු කොල්ලෙට ඉඩම් ලැබෙද්දී ගොඩක් දෙනෙක් ගන්නවනේ....
ගොඩක් ඉඩම් රජයට පවරාගෙන මිනිස්සුන්ට බෙදල දීලත් තියෙනවා ප්‍රේමදාස මහත්තයාගේ කාලේ....
ඉතිං මෙහෙම ගත්තු ගෙදරක, එක අන්කල් කෙනෙක් දවසක් මිදුලට වෙලා බෝතලයක් ගහනවලු තනියම...
නිකන් නෙවි,
ඌරු මස් එක්ක, පුච්චපු කරවලත් තියෙනවලු...
ඒ පැත්තේ ඉන්නේ ගොඩක් දෙනෙක් කතෝලික නිසා හොල්මන් ගණන් ගන්නේ නැතිලු.....
ගේ පිටිපස්සේ පොඩියට කැලයක් තියෙනවලු...
ගෙදර ඉඳල තියෙන්නේ මෙයාගේ පුතා, නෝනා, ගෙදර හදන ගමන් නිසා ආව බාසුන්නැහැලෑ....
ඒ කට්ටිය ගේ ඇතුලේ ඉන්දැද්දී මෙයා තනියම බොනවලු...
වෙලාවත් රෑ 8ට විතර ඇතිලු...
ලයිට් තිබිලත් නැහැ...
ගේ පිටිපස්සේ කැලේ ඇතුලෙන් ඇහෙනවලු ගස් වල අතු කඩාගෙන වැටෙන සද්දේ...
සේරම එක්ක ගියත් මොනවත් දැකල නැහැ....
අන්තිමට මේ අන්කල් එද්දී බැදපු කරවල ටික නැතිලු...
ඒ පාර ගෑනිට බැන බැන අයිත් කරවල ගෙන්නවාගෙන ටිකෙන් ටික බොනවලු..
එතකොට මෙයාට තද සීතලක් දැනුනලු...
ඒත් එක්කම කවුද කෙනෙක් මෙයාගේ ළඟ වාඩි වෙලා කරවල එකට ඔලුව තියාගෙන කනවලු....
මොකාද යකෝ මගේ කරවල කන්නේ කියල අහද්දී,
අර මුණ ටික ටික ඉස්සිලා අන්කල් දිහා බැලුවාලු....
එලියට පැනපු ඇස් දෙකක් එක්ක,
නළලේ අඟකුත් තියෙන
ගොඩක් බිහිසුණු අප්පිරිය මුහුණක් රවාගෙන ඉන්නවලු...
යටි ගිරියෙන් කෑ ගැහෙනවත් එක්කම සිහිය නැති වෙලා...
පල්ලියට ගෙනිච්චත් වැඩක් නොවුන නිසා, ගමේ පන්සලට අරගෙන ගිහිං...
එතකොට තමයි හාමුදුරුවෝ පිරිත් පැන් දීල පිරිත් නූල් ගැට ගහල සිහිය අරගෙන තියෙන්නේ...
ඉඩම් වලට තන්හාවේ මැරුණ අයිතිකාරයා තමයි මල පෙරේතයෙක් වෙලා ඇවිත් තියෙන්නේ....
අදටත් ඒ ජයශ්‍රිගම පිට්ටනියේ පවා හොල්මන් තියෙනවා කියල ඒ ගමේ මිනිස්සු කියනවා...