හොල්මන් කතා ...

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    හොඳ තර්කයක්...
    දෙන්න උත්තර හොයාගන්න බැරිව ඉන්නේ මේ වෙලාවේ...:(:(
    හිත දෙගිඩියාවෙන් ඉන්න වෙලාවට පේන දේවල් වෙන්නත් ඇති...
    අනේ මන්ද....
    දැකපු උන් ඉන්නවලුනේ...
    මමත් දැකපු නිසා ඉතිං විශ්වාස කරනවා...
    අදටත් කාමරේ නිදාගන්නේ ලයිට් එක දාගෙන.:(:(
    ලයිට් ගියපු ගමන් ඔලුවේ ඉඳල රෙද්ද පෙරවගන්නවා...:no::no:
    කොල්ලෝ එක්ක ඉන්න වෙලාවට පොර ටෝක් දුන්නට මම බයයි අනුත්තරා පට්ට විදියට හොල්මන් වලට...
    බොරු කියන්න ඕන නැහැනේ....
    තව කතා ඉස්සරහට වැටෙනකොට බලන්න...

    manussa gane unta witaralu neda holman penne.. dewa gane unta ehema pen nalu :yes::yes::yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පට්ට..කතා ටික හෙමීට කියවන්නම් මචෝ..
    11.gif

    හැබැ‍යි මමත් තාම හොල්මනක් ඇස්දෙකෙන් දැකලා නෑ.. :no:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mage kathava meeta issella elakiriyata dalath thiyenva. Ath meka marama true ekak nisa navatha kiyannam. Mama o-level class ekedi vage. Mage hobby ekak thibuna flying pegion bicycle eke nagala village eka vate yanna. A vayase hatiyata lassana parisaraya, nodakapu mal, mathaka sitina mal dakinna asa vayasane. Ohoma bicycle eke yanakota eka davasak raa [night] una. Kaluware bicycle eke light naha. Ohoma apahu ena kota palu rubber land ekak hamu una. Geyak dorak pena manayaka naha.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama holman visvasa kaley nathi nisa, mama e davas vala holman valata bayath naha. kALUWARE BICYCLE EKE ENAKOTA ROAD EKA AYINE SUDU PATATA KAVDO KENEK INNAVA DAKKA. MAMA ROAD EKA AYINATAMA BICYCLE EKENMA GIHILLA LAN VELAMA BALUWA KAWDHA KIYALA, KAWDO KENEK SUDU PATATA HINA VELA MAGE DIHA BALA GENA INNAVA. MAMA VENASAK NOPENNA UDA IDHALA YATATA HIMIN BALUWA. --------APOI .AMMO.DEVIO, ----MANS GE BADA HARIYEN AGA IVARAI KAKUL NAHA. WALAKULAK VAGE SUDU PATATA PA VENA PORAK. MAMA VENASAK NOPENVA---BICYCLE EKA PAGUVA MENNA MEHEMA HYYEN KAA GASAMIN----ADO---PA----KK--O,-------A HU----O------MAMA BAYA N--A----A---A ----YAKOOOOOOOOOOOO-----.ADOOOOOOOOOO BAYA NAHA ,THOH-------DANA GANIN----MAMA BAYA NAHA ADOOOOOOOOOOOO.ADOO JUNCTION EKATA 2 MILES VAGE THIBUNA, TWO MILES AVILLA THIBUNE 5 MINUTES VAGE TIME EKAKIN. WORLD RECOARD EKAKDA MANDHA.
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    අපිට නොපෙනෙන මානයන් ගොඩක් ලෝකේ තියෙනවා නං බිජ්ජියේ කොහොමද ඒ මානයන් අපිට පෙන්නේ .. නයිට් විෂන් දාලද :dull:

    ඔය ටින් එක පොඩි කරපු එකාට මානසික රෝගයක් .. ඌට ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න කියපන් :P

    :lol::lol:

    අනේ මන්දා බං. මම හිතන්නේ ඔය හොල්මං කතා කියන අයගෙන් 99%ක්ම මානසික කේස් කියලා. ඒ කියන්නේ උඹට මානසික කේස් එකක් කියන එක නෙවෙයි මචං සබ්බේ පෘථග්ජනා උන්මත්තකා කියනවනේ. අමනුශ්‍යයෝ කියන අය නැහැ කියන්න බෑ. ඒත් බහුතරයක් කතා මානසික කේස්.

    :yes::yes::baffled:

    ඔන්න මචං දන්න කියන එක්තරා පාලු පාරක හොල්මං ඉන්නවා කියලා රෑට කව්රුත් යන්නෙ නෑ. :dull: රෑ 8 න් පස්සේ ඒ පාරේ ගියොත් පාර අයිනේ ගහක බෙල්ලෙ වැල දාගත්තු ගෑනු කෙනෙක් පෙනිලා බය කරනවලු. මට ඒ දවස්වල හොල්මං බලන්න තිබුන ආසාවටම රෑ 11 ත් පහුවෙලා ඔය පාරේ තනියම දවස් කීපයක් ගිහින් තියනවා. නමුත් ආසාවට ඔය හොල්මන නෙවෙයි මගේ ඉස්සරහට ආවේ. මම විතරක් නෙවෙයි අපේ නෑදෑ වෙන අයිය කෙනෙකුත් හොල්මන් බලන්න කියලා ඔය පාරේ ගියා. නමුත් පෙනුන හොල්මනක් නෑ. :lol: බලපං හොල්මං බලන්න කියලා ආසාවෙන් ඉන්න එකෙක්ට උන්ව පේනවද කියලා.

    :lol::lol::lol:

    ඉස්සෙල්ල මානයන් කියන එකේ තේරුම හොයන් වරෙන් මානසික රෝගයක් තියෙන එකෙක් කොහොමද බං පොලිෂ් ටින් එකක් පොඩි කරන්නේ... ඔක්කොමට කලින් ගිහින් පාඩන් කරපිය.. ආව මෙතන රෙද්ද උස්සගෙන දුප්! දුප්!

    :P:P:P:D

    මම හරි ආසාවෙන් ඉන්නේ හොල්මනක් දකින්න
    මේචචර රැට යනව කවදාවත් දැකල නැහැනේ
    මම නම් දකිනකම් විස්වාස කරන්නේ නැ
    :lol::lol::lol:


    :rofl:
    මානසික රෝගියෝන්ට කරන්න පුළුවන් දේවල් උයා දන්නේ නෑ ,,, ඒවා මම පස්සේ කියන්නන් ඔන්න මම රෙද්ද පල්ලෙහාට දාන් දුවනෝ හොඳේ .. :dull:

    :lol::lol::lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පච පච පච ;)
    එල බං එක දිගට කියෙව්ව.
    ගිය සඳුද යාලුවෙක්ගෙ පිරිත් ගෙදරකදි ඩයල් එකක් හම්ඛෙලා කතා ගොඩක් ඔලුවට ඩවුන්ලෝඩ් කෙරුව. මේ දවස් ටිකේම හීනෙන් පේන්නෙත් ඒවම තමයි. උඹටත් තෑන්ක්යූ තව චරිත ගොඩක් හීනවලට ගෙනාවට :D
     

    hilander

    Member
    Jun 7, 2012
    778
    176
    0
    human world
    Mama holman visvasa kaley nathi nisa, mama e davas vala holman valata bayath naha. kALUWARE BICYCLE EKE ENAKOTA ROAD EKA AYINE SUDU PATATA KAVDO KENEK INNAVA DAKKA. MAMA ROAD EKA AYINATAMA BICYCLE EKENMA GIHILLA LAN VELAMA BALUWA KAWDHA KIYALA, KAWDO KENEK SUDU PATATA HINA VELA MAGE DIHA BALA GENA INNAVA. MAMA VENASAK NOPENNA UDA IDHALA YATATA HIMIN BALUWA. --------APOI .AMMO.DEVIO, ----MANS GE BADA HARIYEN AGA IVARAI KAKUL NAHA. WALAKULAK VAGE SUDU PATATA PA VENA PORAK. MAMA VENASAK NOPENVA---BICYCLE EKA PAGUVA MENNA MEHEMA HYYEN KAA GASAMIN----ADO---PA----KK--O,-------A HU----O------MAMA BAYA N--A----A---A ----YAKOOOOOOOOOOOO-----.ADOOOOOOOOOO BAYA NAHA ,THOH-------DANA GANIN----MAMA BAYA NAHA ADOOOOOOOOOOOO.ADOO JUNCTION EKATA 2 MILES VAGE THIBUNA, TWO MILES AVILLA THIBUNE 5 MINUTES VAGE TIME EKAKIN. WORLD RECOARD EKAKDA MANDHA.

    පට්ට සීන් එක..
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    බොරු කතා බං...
    මම රාක්ෂ ගන...
    ඒත් මම දැක්කනේ..

    රාක්ෂ ගනේ එවුන්ටත් පේනවලු බන්...
    මමත් රාක්ෂ ගනේ මට තාම පෙනිල නෑ බන්....
    ඔය ගනනන් හදහන් ලියන එවුන්ගේ මනස් ගාත බන්....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ කතාව තිබුනේ සිතුමිණ පත්තරේ ...
    ඉස්සර කාලේ කතාවක්...
    එක තාත්ත කෙනෙකුයි පුතෙකුයි හිටියලු..
    තාත්ත ගොඩක් නම ගිය අනවින කොඩිවින කාරයෙක්...
    පුතා උනත් තාත්තගේ ශිල්පෙ ඉගෙන ගත්තට මොකද,
    තාත්ත කැමති උනේ නැතිලු පුතා ඒ වගේ වැඩ කරනවට...
    ජිවත් වෙන්න විදියක් නැතිව ඒ දේවල් කළාට,
    වෙන කරන්න දෙයක් තිබුනෙම නැහැනේ...
    මේ තාත්ත ගොඩක් දක්ෂයෙක්...
    ඒ නිසාම පිට ගම් වලින් පවා එක්කන් යනවා වැඩ වලට...
    කොලුවා උපදින්න ගිහිං උගේ අම්ම නැති උනා...
    එතැන් පටන් කොලුවාගේ තාත්ත අම්ම දෙකටම හිටියේ තාත්ත තමයි..
    හරි හමන් ශිල්පයක් ප්‍රගුණ කරන්න ඕන නිසා තමයි තාත්තගේ මන්තර සාස්තර පිලිබඳ ඉගෙන ගන්න හිතුවේ...
    තාත්ත වැඩි මුදලක් ගත්තේ කොඩිවින කපන්න වගේ දේවල් වලට කියල පුතා නොදන්නවා නෙවි....
    ඒත් අහන්න ගියේ නැත්තේ ගවුරවය නිසා...
    කාලය ගෙවිල ගිහිං කොලුවා ලොකු ඉලන්දාරියෙක් වෙද්දී,
    තාත්ත එන්න එන්නම වයසට ගිහිං ලෙඩට වැටුන....
    ඒත් ඒ මොහොත වෙනකොටත් පිට ගම් වලින් එක්කගෙන යන්න එනවා...
    දවසක් පුතා ගෙදර එද්දී තාත්ත නැහැ...
    තාත්ත ආවේ දවස් 4කට විතර පස්සේ...
    ආව දවසේ ඉඳල තාත්ත ලෙඩින්...
    ඒ අස්සේ පිට ගමකින් ආව තාත්තව එක්කගෙන යන්න කොඩිවිනයක් කපන්න...
    ගෙදර ගහක් ගලක් වගේ හිටපු ගෙදර මනුස්සය එකතැන් වෙලා උන් හිටි ගමන්,
    කිසිම හාවක් හුවක් නැතිව බලන් ඉන්නවා.
    තාත්ත හිටපු තත්වේ නිසා,
    පුතා ගියා පුරුදු වෙන්නත් එක්කම කියලා...
    කොහොමත් ඒ වගේ හොඳ වැඩ වලට කොලුවා ගොඩක් දක්ෂයෙක්...
    දුර බැහැර ගෙවාගෙන ඒ ගමට යද්දී ගොඩක් කළුවර වැටිලා...
    වත්තට ඇතුළු වෙද්දී දැනුන මල පෙරේත ගඳ නිසා පුතා ගොඩක් කලබල උනා...
    තමන් දිහා නොපෙනෙන කවුරු හෝ බලන් ඉන්නවා වගේ දැනුන....
    දැන් ඉතින් බය උනත් කරන්න දෙයක් නැහැනේ...
    උගත් ශිල්පය පිහිට කරගෙන ඉතුරු ටිකත් කරන එකයි ඇත්තේ...
    එදා රෑ ඒ ගෙදර එළියේ නිදාගත්තු මෙයාට නින්දක් නැහැ...
    කවුදෝ කකුලෙන් අල්ලලා බිමටම දානවා...
    ඒ මදිවට කන බත් එකට වැලිත් දාල..
    උදේ පාන්දර වෙනදට වටේට එලිය වැටුනත් මේ ගෙදරට වැටුනේ මුසල එළියක්‌...
    ගේ වටේට දුමක් කැරකෙනවා වගේ...
    හිත හයිය පිරිමි කිහිප දෙනෙක් අල්ලාගෙන තටුවක් එහෙම හදල,
    ගෙට ටිකක් එහායින් යන පොඩි දොළ පහර ලඟට ගියා....
    හවස ඉඳල මතුරන්න අරගෙන...
    රෑ 9 විතර වෙද්දී ජප කරන්න පටන් ගන්නකොට,
    වටේ තිබුන සිසිල් බව කපාගෙන තද සීතලක් පැතිරෙන්න ගත්ත....
    පන්දම් එළියෙන් අවට මද එළියක්‌ පැතිරෙද්දී,
    මන්තර කාරය ජප කරන එක දෙගුණ තෙගුණ කරගෙන අවට සර්පයෝ පිඹිනවා වගේ ඇහෙනවා...
    හිත හයිය උනත් කාගේ උනත් ඇඟේ හිරි ගඩු පිපෙනවා...
    ඒත් තමන් බයයි කියල කියන්න කාටවත් හිතුනේ නැහැ...
    රෑ 12 පහු වෙනකොට මන්තර කාරය පරල උනා...
    දැන් තටුව උස්සගෙන ගෙදරට දුවනවා...
    වටේ ඉන්න කට්ටිය බලන් ඉන්නේ දැන් නැතිවට දැන් වටුනොතින් අල්ලගන්න...
    ඒ වගේම කහ දියට එකක් අතින් අරගත්තු එකත් ඉන්නවා ලඟින්ම..
    තටුව අරගෙන දුවගෙන යනවා ගේ වටේටම....
    නතර උනේ වත්තේ එක කොනක...
    එතන පෙන්නපු ගමන් හාරන්න බලන් හිටපු කෙනෙක් හාරලා ගේ පැත්තට හැරිලා තිබුන මිනී ඔලුවක් ගත්ත...
    ඒ වගේම අයිත් එහෙම දුවල වත්තේ කොන් හතරේ තිබුන ගේ පැත්තට හැරුන මිනී ඔලු හතරක් ගොඩට අරගෙන,
    තව මතුරනවා....
    දැන් දන්නවා බලන් ඉන්න කට්ටිය මේ මොකද වෙන්නේ කියල...
    දැන් හදන්නේ කොඩිවිනය කපන්න...
    නිකන් නෙවි කරපු එකාගේ පිටින්ම යන්න...
    කලින් සුදානම් කරපු පුහුල අරගෙන ආතුරයාගේ බඩ උඩින් තියල,
    පුහුල කපන්න හදපු දෙපාරේම බාධ උනා...
    ඒත් තුන් වෙනි වතාවේ කපන්න ගත්ත,
    පුහුලෙන් ලේ බේරෙනවා....
    ඇතුලේ තිබුන කෑලි එලියට එන්නේ මස් වැදලි වගේ...
    අන්තිමට කහ දියර ඉහල,
    ගෙට ආරක්ෂාවක් කරලා මිනී ඔලු 4 විනාශ කරල දැම්ම....
    පස්සෙන්ද උදේ නැගිටිනකොට මෙච්චර දවස් එක තැන හිටපු උදවිය ගෙදර හැමෝටම කහට හදල,
    ගෙදර වැඩ කරනවා,
    හරියට මැරිලා ඉපදිලා වගේ....
    ඉතින් පුද පඬුරු අරගෙන ගෙවල් දොරවල් බලා පුතා පිටත් උනා...
    ගෙදර කිට්ටු වෙද්දී,
    ගේ වටේට සෙනග....
    මොකක් හරි කරදරයක් වගේ කියල හිතල පුතා දිවුව...
    ඒ යද්දී තාත්ත ලේ පෙරාගෙන බිම...
    තමන්ගේ ඉනේ ගහගෙන ඉන්න කිරිච්චියෙන් තමන්ගේ බඩ කපාගෙන,
    බඩවැල් එලියට ඇදලා,
    ඒවත් කෑලි කෑලි යන්න කපල....
    අමාරුවෙන් පුතා දිහා බලපු තාත්ත අහනවා,
    අහවල් ගෙදර කොඩිවිනේ කැපුවේ පුතාද කියලා...
    කඳුළු මැද්දෙන් ඔවු කිවුව...
    ඒ කොඩිවිනේ මමයි කලේ මගේ පුතේ,
    ඒ බන්දනේ කපන්න පුළුවන් මගේ ලේ වලින් විතරයි පුතේ...
    වෙන මොන මන්තර කාරයෙකුට වත් ඒ දේ කරන්න බැහැ...
    මගේ පුතා මට වඩා ගොඩක් දක්ෂයෙක්...
    කවදාවත් කාටවත් වරදක් වෙන කිසි දෙයක් තමන්ගේ ශාස්තරෙන් කරන්න එපා,
    කියල නහයෙන් කටින් ලේ බේරෙන ගමන් තාත්ත මිය පරලොව ගියා...