හොස්ටල් එක ගිනි තිබ්බා .

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    හොස්ටල් එක ගිනි තිබ්බා .

    963254.jpg

    සාමාන්‍යයෙන් හොස්ටෙල් එකේ ඔක්කොටම නිදා ගන්න ඕනි වෙලාවට බෙල් 3 ක් ගහනවා .. 9.00 , 9.10 අන්තිම එක 9.15...එතකොට ඔක්කොම ඩෝම් වල එතකොට ලයිට් නිවල නෙට් දාගෙන නිදා ගන්න ඕනි ... හැම වසරකට එක ඩෝම් එක ගානේ තිබුණා වෙන් වෙන්ව ...ඩෝම් එක කියන්නේ එකට .. අපි එතකොට 9 වසරේ ..

    කතාවට යමුකෝ ...

    9.00 විතර වෙනකොට ඔක්කොම සාමාන්‍යයෙන් ඩෝම් එකේ ඉන්නවා ... ඉතින් අපේ ඩෝම් එක මැද්දේ තිබුණා නයිලෝන් කබයක් වහලේ ඉදන් එල්ලී එල්ලී ....වහලෙත් හෙණම උසයි ...කව්රු ගැට ගැහුවද මන්ද .. වහලේ කොක්කකට ගැට ගහල තිබ්බේ ... සුරේෂ් කොහෙන්ද මන්ද ගිනි පෙට්ටියක් උස්සගෙන ඇවිත් .. ඔන්න තිබ්බා අර කබයට ගිනි ..කබය ගිනි ගන්නවා ...ගිනි බෝලයක් බිමට වැටෙනවා ...

    නයිලෝන් ගිනි තිබ්බම උණු වෙනවනේ ...වැඩේ ලස්සනයි...

    දැන් දෙවෙනි බෙල් එකත් ගැහුවා...තව විනාඩි පහකින් මුළු හොස්ටල් එකම නිදි ... සද්දයක් අවොත් ගුටි කන එක නම් ෂුවර් ...

    ඔන්න අපේ ඩෝම් එකේ නායකයා දුවන් ඇවිල්ල අර ගිනි ගන්න කබය කොස්සෙන් ගහල නිව්වා ...
    ''අපෝ බන් අහක් වෙයන් ..කෝ දීපන් ඔය ගිනි පෙට්ටිය ..'' සමීර ආයමත් ගිනි තිබ්බා ..අර කබයට ...

    ''නිවහන් ඔය ලයිට් එක ''කව්ද කෑගැහුවා .

    ඔන්න අවසාන බෙල් එක වැදුනා ..වේලාව 9.15 .:)

    ඔන්න ලයිට් නිවිලා අර ගිනි තියපු නයිලෝන් කබය පත්තු වෙලා ලස්සනට බිමට වැටෙනවා ...:lol:

    ''ඕක නිවමු බන් '' කව්ද එකෙක් ආයමත් ලයිට් දාල කොස්ස ගත්ත විතරයි ...
    පරක්කු වෙලා නිදා ගන්න එන එකෙක් ඔන්න එනවා කඩාගෙන බිදගෙන ...:baffled::baffled:

    ''ඔන්න එනවෝ.නිදාගනිල්ල කියාගෙන '':rofl::rofl::rofl:
    හොස්ටල් එක බාරව ඉන්න සර් අනිවා හැමදාම බලනවා කව්ද පිස්සු කෙලින්නේ කියල ...
    අපේ සද්දේ ඇහිලා ..අනිත් එවන් නිදි අපි විටරක් ලයිට් දාලා නිසා වැඩේ මට්ටු ...

    හදිස්සියට ලයිට් නිවපු ඔක්කොම දැන් ඇදවල් වල ...නිදි වගේ සද්දයක් නෑ ...

    එත් මුළු ඩෝම් එකම එළියයි ...

    අද නම් ඔක්කොම කනවා ෂුවර් ....ඔක්කොම ..

    අරූට අර පත්තු වෙන කබය නිවන්න අමතක වෙලා ...:dull::dull:

    සර් දුවගෙන එනවා මේ මොකක්ද බලන්න ... ටිකක් වයසයි..පැන්සොන් යන්න ලග සර් කෙනෙක්

    ''හපොයි දෙය්යනේ ... තොපි මේ මොකද කරන්නේ ..දානවල ලයිට් එක ...''
    ''නිමනවා මේක ඉක්මනට මුළු ඔක්කොම මැරෙන්න කලින් ...'':angry::angry::angry:

    සද්ද නෑ කව්රුවත් ..සර් ම දැම්ම ලයිට් ටික ..අපි ඔක්කොම හොරට බුදි ...:P:P:P

    ''සමීර ..නිවනවා මේක ....'':rolleyes::rolleyes:
    කව්ද කලේ මේ අලුගුත්තේරු වැඩේ ... .........ද ............ද ...........ද.............අපේ ඩෝම් එකේ නම් දරපු කොල්ලෝ සෙට් එකේ නම් ටික ...මුලින්ම එන්නේ හැමදාම වගේ මේ වැඩවලට අත පය දිග ඇරලා සප්පොර්ට් කරන්නේ ..මුන් කියල මුළු හොස්ටල් එකම දන්නා හන්ද ...
    ''නැගිටපන් උබ ..උබ නේද මේකට ගිනි තිබ්බේ ...'' එතන ලගම හිටි ඒකාටම සර් බනිනවා ...
    කව්ද මාට්ටු... අර අන්තිමට ඩෝම් එකට දුවගෙන අපු එකා නේද ...
    ''අනේ නෑ සර් ''
    කිව්ව ගමන් අරූට සර් අතේ තිබ්බා වේවැලෙන් දුන්න හොද පාරවල් දෙකක් ..
    ''තව බොරුත් කියනවා ..සෙරෙප්පු දෙක දාගෙන නිදිව්වේ මම එනවා දැකල නේ '':lol::lol::lol::lol::lol:
    තව පාරවල් දෙකක් දීල
    ''අපු අහුවෙනවා හෙම නෙවෙයි මේ වගේ වඩා කරලා ..දැන් ලයිට් නිවල නිදා ගන්නවා '''
    කියල සර් ගියා ...
    මුළු ඩෝම් එකම හිර කරන හීටිය හිනාව දොරේ ගලන යන කොට ඒ අතරින් පුංච් ඉකි බිදින හඩක් ඇසුණා ..:oo::oo:

    අරූට හොදටම රිදෙන්න ඇති ... මට එහෙම හිතුණා ....:(:(


    ''මම ගියේ නැත් නම් තව පොඩ්ඩෙන් 9 වසරේ එවන් ටික හොස්ටෙල් එක ගිනි තියනවා.ගිනි තියපු එකා සේරෙප්පුත් දාගෙනම නිදියන්න ගිහිල්ලා '' කියල සර් අනිත් සර්ලත් එක්ක කියලත් තිබුණා .:P:P:P:P:P

    sam@ creation
    2011 Sep
     
    Last edited: