මිනිස්සුනගේ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕනෙ. දැන් පාරේ යන ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ පාරේ යන්නේ පොර විතරයි කියලා. කලර් ලයිට් එකේ කොල පාට වැටුනට පස්සේ තමයි ගොඩක් මිනිස්සු ගියර් එක දාන්න ලෑස්ති වෙන්නේ. කොළඹින් පිටට ආවාම වෙනම තත්වයක් තියන්නේ . පාරේ පිළිවෙලකට යන මිනිස්සු ඉන්නේ බොහෝම ටික දෙනයි. පස්සෙන් ගිහින් හෝන් කරනකන් යන්නේ පාර මැද. හෝන් කරාම පස්ස නොබලාම පොඩි හෝන් සද්දයක් නම් පොඩ්ඩක් අයින් කර ගන්නවා ලොකු හෝන් සද්දයක් නම් වැඩිපුර අයින් කර ගන්නවා. උඹලා මඩකලපු පැත්තට ගිහින් ආවනම් අනිවා ඊලඟ පාර යද්දි නම් බස් හෝන් එකක් හයි කරන් යන්නේ කියලා හිතාගෙන එන්නේ.එච්චරට මිනිස්සු ආකල්ප පැත්තෙන් පිරිහිලා. මමත් වාහනේ ටිකක් සැර හෝන් එකක් හයිකරේ මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්න කලින් පාරේ යන අපතයෙක් වැදිලා මට හිරේ යන්න වෙයි කියන බයට.
උඹලාගේ වැඩේ හොඳයි.
කතාවක් තියනවනේ තුවාලෙ තියන එකාට තමයි අමාරුව කියල...
මට බෑ බන් බයිසිකලේ යනකොට මුන්ගෙ හෝන් සද්දෙ අහන්න...
උබ කියන්නේ මුන් පොලිස් කාරයො ඉස්සරහත් මැරෙන්න හෝන් ගහනව..
වෙලාවකට හිතෙනව මට විතරද කේන්ති එන්නේ කියල් අනිත් උන් ෆුල් කූල් එකේ ඉන්නව දකිනකොට...
මට එක අත්දැකීමක් තියන නිසා ගැටුමකට ගිහින් වැඩක් නෑ..
මුන්ට ගහන්න ඕනේ පහත්ම විදිහට..
බූරු කතාව හොදට ගැලපෙනව....
මෙහෙම කරලත් මුන් ව හදන්න බැරි උනොත් බස් එකේ පිටිපස්සෙ ස්ප්‍රේ කරනව " මමත් මැරෙන්න හෝන් ගහන බූරුවන්ගෙන් එකෙක් කියල..." එතකොට අයිතිකාරයටත් නින්ද යයි නේ පේන්ට් එක සීරුවහම...




