T480 තව කොච්චර කාලෙකට සෑහෙයිද? දූවිලි රස්නෙ තියෙන industrial environments වල පාවිච්හි කෙරෙන්න ඉඩ තියෙනවා.
මයික්‍රෝසොෆ්ට් එකෙන් ඊළඟට එන වින්ඩෝස් වර්ෂන් වලට හාඩ්වෙයාර් රෙක්වෙයාර්මන්ට්ස් වෙනස් කරනකම් පුලුවන් වෙයි.හුගක් උන් පරණම තික්පෑඩ් ගන්නේ ලිනක්ස් රන් කරන්න.
ස්ටෝරේජ්,රැම් අප්ග්‍රේඩ් අවුලක් නෑ. ඔෆිෂියලි රැම් 32GB (16+16GB dual channel)වෙනකම් අප්ග්‍රේඩ් කරන්න පුලුවන්.64GB(32+32GB) වෙනකම් ගිය උනුත් ඉන්නවා(හැබැයි ඉන්ටෙල් vpro CPUs එන මොඩල්වල සමහරුන්ට 64GB වෙනකම් යන්න බැරි වුනා කියලත් කියනවා..).ස්ටෝරේජ් 2TB වෙනකම් සපෝට් කියනවා. සෙකන්ඩරි SSD එකක් සෙට් කරන්න පුලුවන් WWAN ස්ලොට් එකට.
ඕකේ එන්නේ U series ප්‍රොසෙසර් නේ.ඉතින් බර වැඩට නම් සෙට් වෙන්නේ නෑ.i5/i7 මොඩල් දෙකේම පර්ෆෝමනස් වල ලොකු වෙනසක් නෑ.i7 එක්ක dGPU එකක් ඇවිත් නම් පොඩි වාසියක් තියෙනවා ග්‍රැෆික් පැත්තෙන් වැඩ කරනකොට.ඒත් හීට් එක ජෙනරේට් වෙද්දී තර්මල් ත්‍රොටලින් වෙද්දී පර්ෆෝමන්ස් බහිනවා.හුගක් උන් i7 model එක අන්ඩර්වෝල්ට් කරලා පාවිච්චි කරන්නේ ඒකයි.සමහරු ඩුවල් හීට් පයිප් වලට මාරු වෙනවා.
දූවිලි සීන් එක නම් මොන ලැප් එකටත් බලපානවා.
රූම් ටෙම්ප්; එක නම් බලපාන්නේ බැටරිවලට නේ වැඩිපුරම. 35C ට වැඩි නම් කල්පැවැත්ම අඩුවෙන්න පුලුවන් බැටරියේ..මෙහේ ඉතින් 40C මට්ටමට එන්නේ කලාතුරකින් නේ.
තින්පෑඩ් MIL-STD-810G ටෙස්ට් ස්ටෑන්ඩ් එකට අනුව ටෙස්ට් කරනව කියලයි කියන්නේ නම්.
මම බැලුවේ Global Tradings වල විතරයි.උන්ට කියලා T580 i5 එකක් ගෙන්න ගන්න ට්‍රයි කලා.ඩුබායිවලින් උන්ට මැෂින් එකක් හම්බ වෙලා තිබ්බා.ඒත් ඒකේ කන්ඩිෂන් අවුල් හින්දා උන් ගන්න බෑ කිව්වා..ඊට පස්සේ මම වෙන තැනකින් T14 gen 1 එකක් ගත්තා.
------
Post added on Oct 23, 2024 at 10:10 PM