මුලින් සති දෙකක් කියලා දාලා දැන් මාස දෙකක් කියලා එඩිට් කරේ අැයි බොල? උඹට මෝඩ අාතල් ගන්න ඕන නම් එ්ක වෙනම දෙයක්. හැබැයි අැත්තටම අහපු දෙයක් නම් මේක කියන්නෙ.
මාස දෙකක් හරියට කරලා බබෙක් නැත්නම් අනිවාර්යයෙන්ම පොඩි නොගැලපීමක්, සරු භාවයෙ අවුලක් අැති. එහෙම නැත්නම් ඔහොම වෙන් නෑ. හැබැයි එ්කෙන් කියන් නෑ උඹට ළමයි හදන්න බැරි වෙනවා කියලා. සමහර වෙලාවට වාසනාවට වගේ ඉඳලා හිටලා එන සරු ඩිම්බ, ශුක්‍රාණු එකතු වෙලා ළමයෙක් පිළිසිඳ ගන්න පුළුවන්. ඔය වැඳුම් පිදුම් කරලා බබාලා හදන ගොඩක් තැන්වල ඕකයි වෙන්නෙ.
උඹ පොඩ්ඩක් active මිනිහෙක් වෙයන්. අරක්කු සිගරට් ජරාව ටිකක් අඩු කරපන්. දවසට සැරයක් අැවිදලා පෝෂ්‍යදායක යමක් කාපන්. ගොඩක් වෙලාවට ඉබේම හරි යයි. මාස 6 ක් විතර බලලා වෙනසක් නැත්නම් තමයි doctor කෙනෙක් වගේ බලන්න ඕන. එහෙම නැත්නම් බොරුවට හිත කරදර කරගන් නැතිව මේ කාලෙ ජොලියෙ හිටපන්.
බුදු සරණයි.