ෆ්‍රයිඩ් රයිස් + චිලි පේස්ට් හදමු උපරිම රසට.

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය

    🐤මිල්ක් පොන්නි සහල්/කීරිසම්බා/බාස්මතී
    🐤කැරට්
    🐤ලීක්ස්
    🐤ලූණු කොළ
    🐤සුදු ළුෑණු
    🐤කරපිංචා
    🐤බිත්තර 2 (අවම)
    🐤oil එකක් high smoke point එකක් තියෙන eg: vegetable oil, corn oil,sunflower oil etc.
    🐤අජිනමොටෝ (MSG)
    🐤ගම්මිරිස්, කෑලි මිරිස්,ලුණු,සීනි
    🐤සෝයා සෝස්,ටොමැටෝ සෝස්
    🐤wok/frying pan එකක් සහ විෂ්කම්භය වැඩි පැතලි හැන්දක් (eg:හිල් තියෙන තෙල් හැන්ද)
    🐤කෝපි කුඩු

    optional : චිකන්,ගෝවා,ඉඟුරු,රම්පේ,sesami oil(තල තෙල් ආහාර සඳහා)


    මේකට හොඳම මිල්ක් පොන්නි හාල්. කඩෙන් මිල්ක් පොන්නි කියලා ඉල්ලන්න කීරි සම්බා එකට වඩා ගාන අඩුයි. ඒවා නැත්තන් කීරි සම්බා හෝ බාස්මති හොඳයි.

    චිකන් දානවනම් චිකන් තම්බපු ස්ටොක් එකෙන් බෙරිවෙන්න නොදී ලුණු ටිකක් දාලා හාල් තම්බගන්න. හරි දැන් බත් එක ෆ්‍රිජ් එකේ දාගන්න.

    කැරට්,ලීක්ස්,ලූණු කොළ(spring onion) කපාගන්න. කැරට් හීනියට දිගට කපාගන්න. සුදුළුෑණු පොත්ත පිටින් තලාගන්න(කපාගන්න නෙවේ තලාගන්න), එක්කෙනෙක්ට *බඩ පැලෙන්නම* කනවනම් බික් 4ක්,5ක් ඇති. ඉඟුරු පොඩ්ඩක් තිබ්බත් එකයි නැතත් අවුලක් නෑ.

    wok එකක් ගන්නවනම් වඩා හොඳයි,නැත්තන් frying pan එකක් medium heat එකේදිම තෙල් අවම මේස හැදි 3ක් දාගන්න. ප්‍රමාණය අනුව වැඩි කරගන්න. (පොල්තෙල්,ඔලිව් තෙල් එපා)

    ඉඟුරු,සුදුළුෑණු,රම්පෙ,කරපිංචා දාගන්න හැදිගාන ගමන්, තප්පර 20ක් වගේ යද්දි කැරට් දාගන්න. එතන ඉදන් තප්පර 20 ක් වගේ යද්දි *ගින්දර වැඩිම කරලා* බිත්තර දාගන්න. බිත්තර සම්පූර්ණයෙන් බැදෙන්න කලින් ඉස්ම තියෙද්දිම නිවිච්ච හෝ cool කරපු බත් දාගන්න. ක්ෂ්ණික ලුණු,ගම්මිරිස් ටිකක් වැඩිපුර දාලා කවලම් කරන්න.

    ඒ ක්ෂණික සීනි පොඩ්ඩක්,කෑලි මිරිස්,ලීක්ස්,ළුෑණු කොළ,ගෝවා,කෑලි වලට කඩපු තම්බා ගත් හෝ බැඳපු චිකන් දාලා මික්ස් කරගන්න.

    ඔහොම තප්පර 30ක් විතර හොඳට හැඳිගාන්න, හැන්දෙන් තාච්චියට තද කරන ගමන්. pan එක ඉස්සරහට පස්සට ගැස්සෙන්න හොල්ලන්න,පුළුවන්නම් උඩ දාන්න(tossing) දැන් සෝයා සෝස් ටිකකුයි ,ඊට අඩුවෙන් ටොමැටෝ සෝස් ජූන්ජකුයි🤏 දාන්න. අර ක්‍රමයටම මික්ස් කරන්න. අජිනමොටෝ දාන්න, (sesami oil(තල තෙල්) බින්දු කීපයක් දැම්මොත් ශෝයි කියලා chef කෙනෙක් කිව්වා මට තාම ඒක බැරිවුනා.) හැන්දෙන් හොඳට තලන එක අනිවාර්යයි. ඔහොම තව විනාඩියක් 2ක් විතර high heat එකේ fry කරගන්න.

    හරි👌 ලිප වැහුවා පැත්තකින් තිබ්බා. පියනකින් වහන්න එපා!!! open තියන්න.

    චිලි පේස්ට් එක හදමු.

    කෑලි මිරිස් මුලින්ම නටන වතුරෙන් විනාඩියක් වගේ තම්බලා වතුර පෙරලා ගත්තොත් වඩා හොඳයි.

    මධ්‍යම ගින්දරේ තාච්චියට තෙල් මේස හැදි 5ක් වගේ දාගන්න. (කලින් වගේම high smoke point තෙල්වර්ගෙකින්.)

    කෑලි මිරිස්,පොත්ත පිටින් තලලා කපාගත්ත සුඳුළුෑණු,ඉඟුරු, තලපු එනසාල් ,කරාඹුනැටි(අවම 1 බැඟින්) සහ රම්පෙ කරපිංචාං,හීනියාට් කපාගත් රතු ළුෑණු දාගන්න.

    කූණිස්සෝ හෝ පොඩියටම තලාගත්ත උම්බලකට දාගන්න.

    කෑලි මිරිස් තද පාටට හැරෙද්දිම ලුණු, ටොමැටෝ සෝස් වැඩියෙන් සහ සෝයා සෝස් අඩුවෙන් දාගන්න. සීනි අවම මේස හැදි 3ක් දාගන්න. හොඳට කවලම් කරගන්න. කෑලි මිරිස් කර නොවෙන නමුත් කලුපාටට හුරු පාටක් එනකන් ඇලෙන ස්වභාවයක් එනකන් හැඳිගාන්න. එතකොට අතට පොඩ්ඩක් වතුර අරං එකපාරක් හෝ දෙපාරක් දාන්න. ඒක ඉක්මනට වාශ්ප වෙලා යයි ඒ ක්ෂණික හැදිගාන්න. ලිප වහලා අවශ්‍යනම් දෙහි ටිකක් මිරිකලා දාන්න. මේක store කරන්න හොඳට සෝදා වේලාගත්ත වීදුරු හෝ ප්ලාස්ටික් ඩප්පියක. ඒදාලා තද කරලා තෙල් මේස හැන්දක් වගේ දාන්න උඩ පාවෙන්න.


    ෆ්‍රයිඩ් රයිස් එක හදලා වුනත් චිලිපේස්ට් එක හදන්න වෙලා ඇති. රයිස් එක නිවෙන තරමට රස වැඩියි.

    හරි දැන් මේවා හැදුවේ ඔයානම් කට හෝදලා දිව පොඩ්ඩක් ඇඟිල්ලෙන් අතුල්ලලා, කෝපි කුඩු ටිකක් ඉඹලා කුස්සියෙන් එලියට ගිහින් හොඳ හුස්ම දෙක තුනක් අරං ෆ්‍රයිඩ් රයිස් එක කන්න.

    පේන තරම් මහ වෙලාවක් යන්නෑ මේ දෙකම හදන්න. අත හුරු වුනාම පැය කාලක්වත් යන්නෑ. මම මේ කියපු දේවල් ඒ විදිහටම,විහිළුවට ගන්නැතුව කරන්න. අජිනමොටෝ වස නෙවේ ඇට දිරන,පිළිකා කතා තඩි පචලු. වෛද්‍යවරු කියන්නේ බය නැතුව දාන්න. නැතිවුනත් අවුලක්ම නෑ. මේක කෑවොත් ආයෙ උඹලනම් කිසිම කඩේකින් fried rice කන්නෑ. ඒවා මොනවද කියලා හිතෙයි. චිකන් නැතිවුනත් අවුලක් නෑ. මම මේ perfect ම රෙසිපිය දුන්නේ දැනට දන්න. මම අම්බානට එක එක විදිහට ෆ්‍රයිඩ් රයිස් හදලා ඒ අත්දැකීම් කැටි කරලා මේක ලිව්වේ. මම නොකරපු දෙයක් උඹලට කියන්නෑ. හදන පළවෙනි පාර හොඳටම එයි කියලා බලාපොරොත්තු වෙන්න එපා උඹ පබිලිස් සිල්වා නෙවේනෙ.

    කැමතිනම් මේ දේ කරන්න රයිස් එක නිවෙන්නම ඇරලා පැය 2කින් විතර කන්න රත් කරලා රස වැඩිය.

    - Chicken kottu (AL) -
    Screenshot_2025-12-14-19-19-33-25_680d03679600f7af0b4c700c6b270fe7.jpg
     

    Attachments

    • Screenshot_2025-12-14-19-18-31-37_680d03679600f7af0b4c700c6b270fe7.jpg
      Screenshot_2025-12-14-19-18-31-37_680d03679600f7af0b4c700c6b270fe7.jpg
      40.6 KB · Views: 42

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මට කියපන් මොකටද කෝපි කූඩු කියලා?
    අවසානේ හේතුව තියෙනවා

    මේක කාලා බඩ යනවට වෙන්නැති
    ඔව් ඒකත් මරු🤣 බඩ යන්නෑ හැබැයි ඈ🤭
    ------ Post added on Dec 14, 2025 at 7:44 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,359
    113
    මාත් හදනවා, සෝයා සෝස් නෑ, අජිනමොටෝ නෑ, සීනි නෑ, තක්කාලි සෝස් නෑ. ගෝවා අමුවෙන් කාලා බඩරිදෙයි. හීනියටම කපාගන්නත් ඕනෙ, වතුර බේරගන්න ඕනෙ ගෝවා වල. සහ ලූණු කොල දැම්මාම ඉක්මනටම සවුත්තු වෙනවා, පිලුණු වෙනවා ලීක්ස් වගේ නෙවෙයි. හැබැයි ලූණු කොල හොඳයි. බත් එක cool වෙන්න ඕනෙ හරි fried rice එකට (left over rice තමයි අරගන්නෙ).
    මම දන්න විදියට කිව්වෙ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මාත් හදනවා,,,, ගෝවා අමුවෙන් කාලා බඩරිදෙයි. ,,,,
    ඇයි බං එළවලු අමුවෙන් කෑවම බඩ රිදෙනවා කියල හිතන් ඉන්නේ
    ගොඅක් එළවලු අමුවෙන් කන්න පුළුවන් ....

    හොඳට හෝදන්න ලුණු වතර ටිඅක් දාල :yes:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,359
    113
    ඇයි බං එළවලු අමුවෙන් කෑවම බඩ රිදෙනවා කියල හිතන් ඉන්නේ
    ගොඅක් එළවලු අමුවෙන් කන්න පුළුවන් ....

    හොඳට හෝදන්න ලුණු වතර ටිඅක් දාල :yes:
    මට, පවුලෙ අයට එහෙම වෙන නිසා බන්. එහෙම අමුවෙන් කෑවම කටේ අමුතු ස්මෙල් එකක් එන්නෙ නැද්ද?
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    පින්තුර එක්ක දැම්මනම් තමයි වටින්නේ..

    මාත් හදනවා, සෝයා සෝස් නෑ, අජිනමොටෝ නෑ, සීනි නෑ, තක්කාලි සෝස් නෑ. ගෝවා අමුවෙන් කාලා බඩරිදෙයි. හීනියටම කපාගන්නත් ඕනෙ, වතුර බේරගන්න ඕනෙ ගෝවා වල. සහ ලූණු කොල දැම්මාම ඉක්මනටම සවුත්තු වෙනවා, පිලුණු වෙනවා ලීක්ස් වගේ නෙවෙයි. හැබැයි ලූණු කොල හොඳයි. බත් එක cool වෙන්න ඕනෙ හරි fried rice එකට (left over rice තමයි අරගන්නෙ).
    මම දන්න විදියට කිව්වෙ.
    ඒ ටේස්ට් එකෙන් සෑහෙන්න පුළුවන් දිවක් තියෙනවනම් ඇත්තටම හොඳයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කලේගාන පොන්නයට පින්තූර නැතුව තේරෙනව මදිලු
    පව් නේ...
    පල පිස්සු පොන්නය යන්න.. උඹ මොන ගොන් බුරුවේක්ද පොන්නය. බග්‍යට කියල ගස්සන්නේ උඹට.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    කලේගාන පොන්නයට පින්තූර නැතුව තේරෙනව මදිලු
    පව් නේ...
    ඒ උඹට කලේ ගානගෙන් මොකුත් අහගත්තෙ නැත්තම් නිකන් මොකද්ද වගේ නේද බන්? මාර fetish තමයි උඹටත් තියෙන්නෙ. උඹ ආස උඹව යටත් කරන් තියන් ඉන්නවට නේද? Slave Boy කෙනෙක් වගේ. 🙂
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඒ උඹට කලේ ගානගෙන් මොකුත් අහගත්තෙ නැත්තම් නිකන් මොකද්ද වගේ නේද බන්? මාර fetish තමයි උඹටත් තියෙන්නෙ. උඹ ආස උඹව යටත් කරන් තියන් ඉන්නවට නේද? Slave Boy කෙනෙක් වගේ. 🙂
    මේක ඇත්ත. මුට බැන්නම බඩු යනවද කොහෙද?
     
    • Haha
    Reactions: Candid-B

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    හදල බලන්න ඕන. ඒත් වොකේ එකක් නෑනෙ
    මන් ගෙදර හදන්නෙ තාච්චියේ.

    සුදුලූණු පොත්ත එක්ක දැම්මම රසයි තමා. මම සුදුලූනු වැඩිපුර දානවා රයිස් හද්නකොට. Msg දාල නෑ අද වෙනකම්. හෙට ගේන්න් ඕන
     
    • Like
    Reactions: NRTG

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    හදල බලන්න ඕන. ඒත් වොකේ එකක් නෑනෙ
    මන් ගෙදර හදන්නෙ තාච්චියේ.

    සුදුලූණු පොත්ත එක්ක දැම්මම රසයි තමා. මම සුදුලූනු වැඩිපුර දානවා රයිස් හද්නකොට. Msg දාල නෑ අද වෙනකම්. හෙට ගේන්න් ඕන
    මටත් wok එකක් නෑ frying pan එකේ හදන්නේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    මෙ වගෙ ත්‍රෙඩ් සිරා, samahara එවුන් කොහෙන් හරි ගැනියෙක් ව උස්සන් කුනුහරුප ටයිටල් එක්ක අත අරිනවාට වඩා නියම ත්‍රෙඩ්