ෆින්ගර්_ප්‍රින්ට්_ක්‍රෙඩිට්_කාර්ඩ්.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ෆින්ගර්_ප්‍රින්ට්_ක්‍රෙඩිට්_කාර්ඩ්.

ෆින්ගර් ප්‍රින්ට් ක්‍රෙඩිට් කාර්ඩ්.

mastercard-biometric-card.jpg

ඇඟිලි සලකුණු තාක්ෂණය ක්‍රෙඩිට් කාර්ඩ් සමග එයි.


ඇඟිලි සලකුණු සංවේදකයක් හෙවත් ෆින්ගර් ප්‍රින්ට් සෙන්සරයක් සහිත ක්‍රෙඩිට් කාර්ඩ් දැන් මාස්ටර් කාර්ඩ් සමාගමෙන් ඉදිරිපත් කර තිබේ. මෙම ක්‍රෙඩිට් කර්ඩ්ස් වල සාමාන්‍ය පින් අංකය , චිප් එක මෙන්ම, ඇඟිලි සලකුණු දත්ත ද යොදා තිබේ. දකුණු අප්‍රිකාවේ සාර්ථකව අත්හදා බැලීමෙන් පසුව දැන් මාස්ටර් කාර්ඩ් සමගම පවසන්නේ මෙම ස්මාර්ට් කාර්ඩ් ලොව පුර ප්‍රචලිත කල හැකි බවයි.

සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගනුදෙනු කරන විට එම කාර්ඩ් පත භාවිතා කරන්නේ එහි නියම අයිතිකරුවාදැයි යන්න සහ එම කාර්ඩ්පත නියම එකක් දැයි යන්න තහවුරු කර දැන ගන්නට භාවිතා කරන්නේ ඉලක්කම් හතරකින් යුත් පිනක් අංකයකි. ක්‍රෙඩිට් කාර්ඩ් පතක ඇති අංක 16 කින් යුත් හඳුනාගැනීමේ අංක පෙළෙහි අවසන් අංක හතරෙන් මෙය නිරූපනය කෙරේ.

සාමාන්‍ය තක්සේරුවේ හැටියට මෙවැනි පින් ( PIN- personal identification number ) අංකයක් අනුමාන කිරීමේ හැකියාව 10000කට එකකි. එනම් එය ආරක්ෂාව අතින් සුරක්ෂිතම නැත. ඒනිසා චිප් එක් කෙරිණි. චිප් මගින් කාර්ඩ් පත නියම එකක් දැයි පෙන්වන අතරම පින් අංකයත් ගෙවීම ලබාගන්නා පරිගණක පද්දතියට ඉදිරිපත් කරයි. එනිසා කලින්ට වඩා ආරක්ෂාව වැඩි විණ. මේවා සමග ක්‍රෙඩිට් කාර්ඩ් පතට ඇඟිලි සලකුණක් එක් කලවිට එහි ආරක්ෂාව තවදුරටත් වැඩි වෙයි. සාමාන්‍යයෙන් ඇඟිලි සලකුණක් අනුකරණය කර සාර්ථකත්වය ලැබීමේ හැකියාව 50000කට එකකි. ඒනිසා ඇඟිලි සලකුණු ඇති ක්‍රෙඩිට් කර්ඩ්ස් දැන් තිබෙන ඒවාට වඩා ආරක්ෂිතය.

Mastercard-fingerprint.jpg


මෙම ක්‍රෙඩිට් කාර්ඩ් එක නිකුත් කරන විටම අයිතිකරුවාගේ ඇඟිලි සලකුණ ලබාගෙන එම දත්තය කාර්ඩ් පතෙහි රඳවයි. එම කර්ඩ්පත භාවිතා කරන වේලාවේදී වෙළඳසැල් හිමියා ඇඟිලි සලකුණ කියවනයට හෙවත් ෆින්ගර් ප්‍රින්ට් රීඩරයට කාර්ඩ්පත අල්ලා එම තොරතුර පද්දතියට ඇතුලත් කරයි. ඉන්පසු අයිතිකරු තම ඇඟිලි සලකුණ මෙම උපකරණයේ ඇති සංවේදකය මත තැබිය යුතුය. එය කාර්ඩ්පතෙහි ඇති ඇඟිලි සලකුණ සමග ගැළපුණහොත් ගනුදෙනුව කෙරෙයි.

ක්‍රෙඩිට් කර්ඩ්ස් වංචාකරුවන්ගෙන් සිය පාරිභෝගිකයින් ගලවා ගැනීම පිණිස නුතන ආරක්‍ෂිත උපකරණය භාවිතා කිරීමට මාස්ටර් කාර්ඩ් සමාගම නිරන්තරයෙන් කටයුතු යොදන බව එම සමාගමේ ආරක්ෂක කටයුතු භාර ප්‍රධානි අජේ හලා ලන්ඩනයේ සිට පල කෙරෙන " ද ටෙලිග්‍රාෆ් " පුවත්පතට ප්‍රකාශ කළේය. පුද්ගලයින් එකිනෙකාගෙන් වෙන්කර හඳුනාගැනීමට අද ලොව තිබෙන හොඳම ක්‍රමයක් සේ සැලකෙන ඇඟිලි සලකුණු හඳුනාගැනීමේ තාක්ෂණය මාස්ටර් කර්ඩ්ස් වෙත එක් කලේ එම අරමුණෙනි. එනම් දැන් තිබෙන පින් සහ චිප් ඇති කර්ඩ්ස් අනාරක්ෂිත බව ඉන් හැඟවෙන්නේ නැති බව හේ තවදුරටත් කියා තිබුණි.

මෙම ලිපිය 2017 මැයි මස පළවූ විජය පරිගණක සඟරාවෙන් උපුටා ගෙන මා විසින් අමතර මහන්සියක් දරා නැවත ටයිප් කලෙමි. මෙම ලිපියේ කතෘ අයිතිය චන්දිමා දිසානායක ට හිමිය.

 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    TFS+
    මාත් හැම මාසෙම විජය පරිඝණක පත්තර ගන්නවා.
    මැයි එක තාම ගත්තෙ නැහැ.
     
    Last edited:

    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    ලේටෙක්ස් ග්ලවුස් වලටයි සෙලෝටේප් වලයි හොද මාකට් එකක් එයි.
     

    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    මම හිතන්නේ නැහැ උබ කියන විදිහට හැක් කරන පුළුවන් කියලා.
    චිප් කාඩ් එක ආපු කාලෙ මාස්ටර්කාඩ් උන් කිව්වෙත් මැග්නටික් ස්ට්‍රිප් එක වගේ නෙමේ මේක නම් හැක් බැ කියල. දැන් උන්ම කියනවනේ එක අප්සෙට් කියල. ඕකත් ටික කාලෙකින් එහෙම තමා
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    අත් 2 නැති කෙනෙක් කොහොමද මේක පාවිච්චි කරන්නෙ?