ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ(SF)
ත්‍රිවිධ හමුදාවේ මෙතෙක් තිබුණු ඉහලම නිළ
යුද හමුදාව = ජෙනරල්
නාවික හමුදාව = අද්මිරාල්
ගුවන් හමුදාව = එයාර් චීෆ් මාර්ෂල්
ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ ප්‍රධාන නිළධාරී වර්ගීකරණයේ ඉහළම නිළයයි.
ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුර, දීර්ඝ ඉතිහාසයක් තිබෙන යුද හමුදා තනතුරක්. ලෝක ඉතිහාසයේ ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුර පිහිටුවා ප්රදානය කර තිබෙන්නේ, සංග්‍රාමයේදී, යුද්ධෝපාය සැළසුම් සැකසීම, අණදීම, නායකත්වය යන කරුණු ඔස්සේ, සුවිශේෂී දක්ෂතා දක්වන ලද හමුදා සෙනෙවියන්ටයි. සංග්‍රාමයක් අවසන් වූවාට පසුව වුවත්, එම ගෞරවය ලබා දෙන්නට පුළුවන්
බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ඇතිකර තිබෙන්නේ, ක්‍රි.ව. 1737 තරම් ඈත අතීතයේදී. ෆීල්ඩ් කියන වචනයේ තියෙන්නෙත් ක්ෂේත්රය කියන තේරුම නේද? ඉතිං ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය වන්නේ, විශේෂයෙන් මහා යුද්ධ පවතින සමයක, විශාල යුධභූමි වල, සමහරවිට රටවල් කීපයක, එකවර යුද හමුදා කීපයක් යොදවා, අණදීමේ කාර්යභාරය ඉෂ්ඨ කරන්නයි. ලෝකයේ සිටි එවැනි සුප්‍රසිද්ධ ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් තමයි, ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට් ගොමරි. දෙවැනි ලෝක යුධ සමයේදී, මේ ෆීල්ඩ් මාර්ෂල් වරයා, ඉන්දියාවේ සිට සිය අණදීමේ කටයුතු කරද්දී, ලංකාවේ හමුදාවත් ඔහු යටතේ තිබුණා. ෆීල්ඩ් මාර්ෂල් තනතුරේ ආරම්භය සිදුවී තිබෙන්නේ මධ්‍යතන යුගයේදී මහා බ්‍රිතාන්‍යය ආශ්‍රිතව බවයි සැලකෙන්නේ.
අදත් ලෝකයේ ෆීල්ඩ් මාර්ෂල්ලා ඉන්නවද? ඉන්නවා, හැබැයි විශ්‍රාම ගිය අය. අදනම් ලෝකයේ කිසිම හමුදාවක සක්‍රිය සේවයේ active service ඉන්න ෆීල්ඩ් මාර්ෂල්ලා නැහැ. අවසාන වරට හිටිය ෆීල්ඩ් මාර්ෂල්, තමන් විසින්ම තමන්ව එම නිළයට පත් කරගත්තා. ඒ තමයි අද ඊජිප්තුවේ ජනාධිපති ලෙස ක්‍රියා කරන, අබ්ඩෙල් ෆාටා එල් සිසි
යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිළය හා සමාන, නාවික හමුදා නිළයේ හෝ (ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් - Admiral of the fleet) ගුවන් හමුදා නිළ වලට අදාළව, (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් - Marshal of the Air Force) නිළය දරන අයත්, ලෝකයේ කොහෙවත් නැහැ. එයට ප්‍රධාන හේතුව තමා, අද කාලයේ පැවැත්වෙන යුද්ධ වලදී, මහා පරිමාණයෙන් ගොඩබිම් හමුදා මෙහෙයවීමක් සිදු නොවීම.
**
හමුදාවේ සම්ප්රදායක් තිබෙනවා, යම්කිසි නිළධාරියකු, සේවයේ යෙදී සිටියදී දක්වන විශේෂ දක්ෂතා සහ කුසළතා වෙනුවෙන්, තාවකාලිකව, ගෞරවනීය ලෙස, ඊළඟ නිළයට උසස් කිරීම. නමුත් වැටුප් ලැබෙන්නේ පරණ නිළයට අදාළවයි. එමෙන්ම, අගනා සේවා කාලයක් නිමකොට, විශ්‍රාම ගන්නා අවස්ථාවේදී ද, ඒ සේවය ඇගයීම සඳහා, ගෞරවාන්විතව ඊළඟ නිළයට උසස් කරනවා. එසේ කිරීම හැඳින්වීම සඳහා තිබෙන්නේ, ප්‍රංශ භාෂාවේ වචනයක්. 'Brevet - බ්‍රවේ' යනුවෙන් තමයි හඳුන්වන්නේ. අපි හිතමු ෆොන්සේකා මහතාට, බ්‍රවේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් දුන්නා කියා. එවිට ඔහුට පුළුවන්, එම නිළය ඇඳලා සිහිවටන ඡායාරූපයක් ගන්න. සේනාධිනායකයා අනුමත කරනවානම්, ඔහුට පිදෙන ගෞරවාචාර පෙළපාලියකට නිළ ඇඳුමෙන් සහභාගි වෙන්න. ඔහුට පුළුවන් තම නමට ඉදිරියෙන් බ්‍රවේ ෆීල්ඩ් මාර්ෂල් කියලා ලියන්න. නමුත් සේනාධිනායකයාගේ කැමැත්ත අනුව, බ්‍රවේ උසස්වීමක් වෙනුවට, ස්ථිර උසස්වීමක් වුණත්, දෙන්න පුළුවන්. (විශ්‍රාම ගැනීමෙන් පසු, හමුදාවේ මේජර් සහ ඊට ඉහළ නිළවලට අයත් නිළධාරීන්ට, එලෙස තම නමට ඉදිරියෙන් නිළය ලියා විශ්‍රාමික යන්න සඳහන් කිරීමේ වරප්‍රසාදය තිබෙනවා, සේනාධිනායකයා විසින් ඔහුගේ අධිකාරිය Commission ඉවත් කර නැත්නම්)
හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියනවා. ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් විශ්‍රාම ගියත්, ඔහු හැමදාම සේවයේ ඉන්න විදිහටයි සළකන්නේ. එය නීතියක් නොවේ සම්ප්රදායක්. එය ඒ නිළයට කරන විශේෂ ගෞරවයක්. නමුත්, යුද්ධයක් ආවොත් ඔහුව කැඳවන්නේ නැහැ සංග්‍රාමික කටයුතු සඳහා. ඒ වුණත් ඔහුගෙන් විශේෂඥ උපදෙස් ගන්න පුළුවන්.
ෆීල්ඩ් මාර්ෂල් නිලය සක්‍රිය සේවයේ යේදී සිටින නිලධාරියකුට දෙනවානම්, අපේ රටේ විදිහට බැලුවොත් යුධ, නාවික, ගුවන්, යන හමුදා තුනම එකට එකතු කලාම තිබෙන ප්‍රමාණයේ, යුද හමුදාවක් අවශ්‍යයි. නමුත් දැන් යෝජනා වී තිබෙන්නේ, සේවය ඇගයීමේ ගෞරවයක් ලෙස මේ නිළය ප්රදානය කිරීමයි. එය ලෝකයේ බොහොමයක් රටවල සිදුවෙනවා. මහා යුද්ධයක් අවසන්වී කලක් ගිය පසුව, ඒ යුද්ධය පැවති සමයට වඩා කුඩා හමුදාවක් තිබියදී වුවත්, ගෞරවාන්විතව ෆීල්ඩ් මාර්ෂල් නිළය ප්රදානය කරනවා.