නදුන් අනුරාධපුරේ කොල්ලෙක්. රෑ වෙලා ඉඳලා ෆේස්බුක් ස්ක්‍රෝල් කරන එක තමා එයාගේ ලොකුම විනෝදාංශේ. එක රෑක, එයාට Friend Request එකක් එනවා. නම “Sanduni Akashi”. Profile picture එකේ සුදු ඇඳුමක් ඇඳපු, මූණ ටිකක් වැහුණු කෙල්ලෙක්.
Mutual friends නෑ. Post එකක්වත් නෑ. ඒත් නදුන් accept කරනවා.
ඒ රෑම message එකක් එනවා.
“ඔයා අනුරාධපුරේ නේද?”
නදුන් ටිකක් අමුතු හිතුනත් reply කරනවා.
“ඔව්. ඔයා?”
Seen. Reply නෑ.
පහුවදා උදේ එයාට notification එකක් එනවා. “Sanduni Akashi updated her profile picture.”
නදුන් click කරනවා.
ඒ picture එක දැකලා එයාගේ හෘදය වේගයෙන් ගහන්න පටන් ගන්නවා.
ඒ photo එක ගත්තේ… එයාගේ ගෙදර ඉස්සරහ පාරෙන්.
Gate එක, වත්ත, bike එක — ඔක්කොම තියෙනවා.
“මොකක්ද මේ?” කියලා නදුන් message කරනවා.
Seen.
ඊට ටික වෙලාවකට පස්සේ reply එකක් එනවා.
“ඊයේ රෑ 12ට ඔයා නිදාගත්තේ නෑ නේද?”
නදුන්ට ලේ හීන වෙලා යනවා. ඊයේ රෑ 12ට එයා balcony එකේ හිටියා.
එයා අමාරුවෙන් type කරනවා:
“ඔයා කවුද?”
Reply:
“පිටිපස්ස බලන්න.”
ඒ වෙලාවෙම නදුන්ගේ කාමරේ ජනේලේ ලඟින් හෙමින් හෙමින් කවුරුහරි අතුල්ලන සද්දයක් ඇහෙනවා.
Scratch… scratch… scratch…
Phone එක vibrate වෙනවා.
“මම මෙතන.”
නදුන්ට හුස්ම ගන්නත් අමාරුයි. හිත ඕනෙ වෙන්නේ phone එක off කරලා පැනලා යන්න.
ඒත් එයා හෙමින් curtain එක ටිකක් අයින් කරනවා.
ජනේලෙන් පිටත… කවුරුත් නෑ.
Phone එකට තවත් message එකක් එනවා.
“ඉක්මන් වෙලා බලන්න එපා… මම පිටිපස්සෙ නෙවෙයි.”
එක පාරම නදුන්ගේ screen එක black වෙනවා. Phone එක hang වෙනවා.
Screen එක මැදින් එකම වචනයක් දිස්වෙනවා:
“Seen.”
ඊළඟ දවසේ ඉඳලා නදුන්ගේ Facebook account එක deactivate වෙලා තිබුණා.
එයාට යාලුවෝ call කරා — phone එක switch off.
අනුරාධපුරේ ඒ පරණ ගෙදර ඉස්සරහ රෑට තාමත් bike එක නිකන්ම තියෙනවා කියලා කියනවා.
හැබැයි…
Gate එක ළඟ ඉඳලා selfie එකක් දාලා තියෙන Facebook profile එකක් තාමත් active.
Profile name එක — “Nadun Seen.”