හරි උබ මට මේකට උත්තර දීපන්කො, දැන් උබ කියන විදියට ෆොන්සේකා මහත්තයා චීනේ හිටියා කියමුකො, ඔය කතාව ආරක්ෂක ලේකම්තුමා වෙන කාට හරි කිව්වා නැහැයි කියලා උබට කියන්න පුළුවන්ද ? උබට කියන්න පුළුවන්ද ආරක්ෂක ලේකම්තුමා සුදු කොඩි අරගෙන ආවත් වෙඩි තියන්න කියලා කිව්වේ නැහැ කියලා, උබ ආරක්ෂක ලේකම්තුමාගේ කව්ද ? උබට කවදාවත් එහෙම කියන්න බැහැ, උබවත්, මමවත් දන්නේ නැහැ ආරක්ෂක ලේකම්තුමා එහෙම කිව්වද නැද්ද කියලා, මචන් උබ අහලා තියෙන්වද "පහත් තැනින් යයි ගලා ජලේ කියලා", ඕවා අපේ මුතුන් මිත්තෝ කිව්වේ කට කහනවට නෙමෙයි බන්, ඔය කතාව සමහර විට ආරක්ෂක ලේකම්තුමා ෆොන්සේකා මහත්තයටම කියන්න ඇති, කව්ද හිතුවේ මේක මෙහෙම පත්තු වෙයි කියලා. දැන් පත්තු උනා, කරන්න දෙයක් නැහැ, කිව්වේ නැහැ කිව්වා, එච්චරයි, වෙන්න පුළුවන්ද බැරිද ? මට දැන ගන්න ඔනේ එච්චරයි.
අනික මචන් උබ හොදට අහලා බලපන් ෆොන්සේකා මහත්තයා ඒ කතාවේ කියන්නේ "ආරක්ෂක ලේකම්තුමා කිසිම වගකීමක් නැතුව ප්‍රකාශ කරමින්, වාචාල කතා කරමින්, මම හිතන්නේ අර අවුරුදු හතරම ලිහන්න බැරි උන ටයි ගැටේ හිරවෙලාද කොහෙද..... යුධබිමේ ඉන්න අයට නොයෙක් වැරදි උපදෙස් දීලා තියෙනවා, අවස්ථාවෙන් අවස්ථාවට, ඒවා ගැන මාධ්‍යවේදීන්ට යුධභූමියේ හිටපු අය දැනු..... දැනගෙන ඉදලා තියෙනවා. ඒ මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කරපු දේවල් තමයි... අපි කියලා තියෙන්නේ ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න, එවැනී පහත් කතා කිව්වනම්, ඒ පහත් කතා කිව්ව අය බේරගන්න මම ලෑස්ති නැහැ”,මම ඒ කතාව උබට තේරුම් කරලා දෙන්නම්, ඒ කියන්නේ උබට තෙරෙන විදියට කියන්නම් මෙන්න මෙතන ඉදලා, උබට ඊට කලින් ටිකත් හරියට තෙරුම් ගන්න බැරි නම් මට කියපන්, මම ඒ ටිකත් උබට තෙරුම් කරලා දෙන්නම් " ඒ මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කරපු දේවල් තමයි... අපි කියලා තියෙන්නේ ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න, එවැනී පහත් කතා කිව්වනම්, ඒ පහත් කතා කිව්ව අය බේරගන්න මම ලෑස්ති නැහැ”, මේකේ තෙරුම තමයි "ඒ සුදු කොඩි කතාව කිව්ව මාධ්‍යවේදීන් කියපු දේ තමයි, අපි කියලා තියෙන්නේ ඕන කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න, එවැනී පහත් කතා කිව්වනම්, ඒ පහත් කතා කිව්ව අය බේරගන්න ෆොන්සෙකා මහත්තයා ලෑස්ති නැහැ කියලා”, උබට ඒක හරියට තෙරුම් ගන්න බැරි නම් මම දන්නේ නැහැ මම උබට කොහොම තෙරුම් කරන්නද කියලා, උබ මට පෙන්නපු යූ ටියුබ් එකේ තියෙන කතාව තමයි ඔය මම කිව්වේ.
උබවත් මමවත් දන්නේ නැහැ ආරක්ෂක ලෙකම්තුමා සුදුකොඩි කතාව කිව්වද නැද්ද කියලා, උබ දීපු සාක්ෂියේ කියන දේ උබට තෙරුම් කරලා දුන්න එකයි මම කලේ.
අන්තිමට් සුදු කොඩි කතාව ඔප්පු උනත් ආන්ඩුව කොහොම හරි බෙරෙන්න දන්නවා, ජනධිපතිතුමාව මාට්ටු උනොත් එයා ආරක්ෂක ලෙකම්තුමාව අල්ලනවා, ආරක්ෂක ලේකම්තුමා හමුදාපතිව අල්ලනවා, ඔහොම ඔහොම අන්තිමට ගිහින් ඔය හැම අපරාධයක්ම කරලා තියෙන්නේ හමුදාවේ අවි අතැතිව ඉන්න සෙබළුන්ගේ හිතුමතේට, එත් අද හමුදාපතිගෙන් නැවතුනේ, හමුදාපති අණ්ඩුපක්ෂයේ කෙනෙක් නොවිච්ච නිසයි, උබට එක තෙරුම් ගන්න හැකියවක් ඇති කියලා මම හිතනවා,
මම උබට පුංචි උදාහරණයක් දෙන්නම්, මේක උදාහරණයක් විතරයි, මෙතනට අදාල දෙයක් නෙමෙයි, වෙඩි තැබීමෙන් ඝාතනය වූ භාරත ප්‍රෙමචන්ද්‍ර මහත්තයව ගන්න. ඒ ඝාතනයට සෘජුව හෝ වක්‍රව දුමින්ද සිල්වා මහත්තයා සම්බන්ධයිද ? නැද්ද ?, මම කියනවා සම්බන්ධයි කියලා, මොකද ප්‍රෙමචන්ද්‍ර මහත්තයගේ රියැදුරා ප්‍රකාශ කරපු සාක්ෂියේ තියෙන්නේ දුමින්ද සිල්වා මහත්තයා වෙඩි තියනවා දැක්කා කියලා, හැබැයි වෙඩි වදිනවා දැක්කේ නෑ කියලා ? වෙඩි වදින්න ඕනේ නැහැ දුමින්ද සිල්වා මහත්තයා, වෙඩි තිබ්බා ඒ වගේම තමන්ගේ ගොලබාලයන්ට වෙඩි තියන්න කියලා කියන තැන වෙනකම් කටයුතු කළා. මම හරිද ? වැරදිද ?, පුද්ගලයෙක් ඝාතනය කිරීමට විධානදීම සහ වෙඩි තැබීම, මේ දෙකටම එයා වැරදිකරු. මොකද දෙපාර්ශවයේම සාක්ෂි වල සටහන් වෙළා තියනවා දුමින්ද සිල්වා මහත්තයා ප්‍රෙමචන්ද්‍ර මහතා ඇතුලු හතර දෙනෙක් මරණයට පත් වෙච්ච ස්ථානයේ හිටගන වෙඩි තිබ්බා ඒ වගේම තමන්ගේ ගොලබාලයන්ට අණකලා කියලා වෙඩි තියන්න, එත් අද වෙනකන් රජය දුමින්ද මහත්තයට විරුද්ධව ගත්ත ක්‍රියා මාර්ගය මොකක්ද, හෙලිකොප්ටර් එකක් එවලා, රත්මලානේ එයාර්පොර්ට් එකෙන් කටුනායකට ගෙනල්ලා, සිංග්ප්පුරුවට යනකන් කට පියාගෙන හිටපු එක නේද ?, ඕකද හරි නීතිය ?, ඔය නීතිය හැටියට ලංකාවේ ඔන කෙනෙකුට රජයට පක්ෂපාතී නම් ඕනෙ කෙනෙක්ව මරලා රට පනින්න පුළුවන්, මට ඒකට උත්තර දෙන්න බලන්න, ඕකට තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ කියලා,
රටේ පවතින නීතිය අනුව මිනිස් ඝාතනයකට සැක කරන ඕනෑම වරදකරුවෙක් පළමුවෙන්ම පොලසියේ අත්අඩංගුවට පත් විය යුතුයි. කෝ එක උනාද ? නැහැ, එයා අසනීපනම් ප්‍රතිකාර ලබාගත යුත්තේ පොලිස් ආරක්ෂාව යටතේ එහෙම උනාද ? එත් නැහැ. මිනීමැරුම්කට සම්බන්ධයි යන චොදනාව යටතේ වෙනත් විදේශ රටක ප්‍රතිකාර අවශ්‍යනම්, ප්‍රතිකාර ගැනීම සඳහා මහේස්ත්රාත්වරයාගේ අවසරය ලබා ගත යුතුයි, කොයි උසාවියෙන්ද ඒ අවසර දුන්නේ ?, මොන මහේස්ත්රාත්තුමාද ඒ අවසර දුන්නේ ?, කො මචන් උත්තර ?,
මේක උදාහරණයක් විතරයි, සුදු කොඩි කේස් එකත් ඔය වගේම තමයි, අණ්ඩුපක්ෂයේ අය වැරදි කරත් නිදහස්, ඕක තමයි අද රටේ තත්වේ, ඔය සුදු කොඩි කතාව බොහෝ දුරට ආරක්ෂක ලේකම්තුමා කියන්න ඇති, එත් ෆොන්සේකා මහත්තයා ඔය කතාව කියපු අයව බේරගන්නෙ නැහැයි කියලා කෙස් එක පත්තු උන නිසා, ෆෙන්සේකා මහත්තයාගේ පිටින්ම ඒ කේස් එක ඇරියා, ඕක තමයි ඇත්ත මචන් පිලිගනින් මම ඉදිරිපත් කරපු දේවල්. බොරුනම්, ඔප්පු කරපන් සාක්ෂි ඇතිව මම කියපු දෙවල් බොරුයි කියාලා..
ෆොන්සේකා මහත්තයා කිව්වේ ආරක්ෂක ලේකම්තුමා ෆොන්සෙකා මහත්තයට කිව්වා කියලා නෙමෙයි, ඒ පහත් කතා කියපු අයව බේරගන්න ලෑස්ති නැහැයි කියලා, බටහිර රටවල් වල අය වගේම උබලත් නැට්ට පාගගෙනනෙ බන් කතා කරන්නේ, දැන් උබ කියනවා බටහිරින් එන දේ පිලි ගන්නේ නැහැයි කියලා, එත් උබ කලින් කිව්වෙ ඇමරිකන් තානාපති කාර්යාලය බොරු කියන්නේ නැහැයි කියලා, දැන් එතකොට තානාපති කාර්යාලයද ? උබද ? බොරු කියන්නේ කියන එකයි මට තියෙන ප්‍රශ්නේ ?. මම කියන දෙවල් තාර්කිකව හිතපන්, හිතලා තිරණය කරපන් මම කියන්නේ ඇත්තද ? බොරුද ? කියලා.
උබ කියන්නේ මහින්ද ආවට පස්සෙයි මිනිය හම්බවුනේ කියලානේ, මම අහන්නේ එච්චර දවසක් රට රටවල ගිහින් ලංකාවට අපු මහින්ද මහත්තයා, ඇයි එදා විතරක් පොළවට වැන්දේ, ඒ වැන්ද හේතුව මොකක්ද ? මූන් කාරයව ලංකාවට එන එක නැවැත්තුවා කියලද ? එහෙම නැත්තන් යුද්ධය ඉවරයි කියල දන්න නිසාද ? මම අහනේ ඇයි කලින් නොවැදපු මහින්ද මහත්තයා එදා විතරක් වැදපු හේතුව මොකක්ද කියලයි ? උබවත් මමවත් කිසිකෙනෙක් දන්නෙ නැහැ මොකද උනේ කියලා, ආවට පස්සෙ හම්බ උනාද ? එන්න ඉස්සෙල්ලා හම්බ උනාද ? එනකොට යුද්ධේ ඉවරද ? ආවට පස්සේ ඉවර උනාද ? කියලා. එත් අපිට එක අනුමානයක් කරන්න පුළුවන්, ඒ මොකක්ද, මෙච්චර කාලයක් ප්ලේන් එකෙන් බැහැලා රතුපලස දිගේ ඇවිදගෙන යන මහින්ද මහත්තයා එදා විතරක් මේ මහ පොළවට වැන්දේ යුද්ධේ ඉවරයි කියලා දන්න නිසා කියලා, මගේ අනුමානය වැරදිනම් උබ ඒකට හේතු දක්වපන් මචන්, ඒ වගේම ඒ වැදපු හේතුවට මට සාක්ෂි ඇතුව ඔප්පු කරපන්, මෙන්න මේ හේතුවටයි මහින්ද මහත්තයා වැන්දේ කියලා. ඔය කෙස් එක ගැන කොච්චර කට කතා යනවද, යුද්ධේ ඉවර වෙලා මහින්ද මහත්තයා ලංකාවට එනකන් කිසිම දෙයක් එලි නොකර හිටියා කියලා, මේක කට කතාවක්, මේකේ ඇත්ත නැත්ත මම දන්නේ නැහැ,, අනික ප්රභාගේ මරණය ගැන උනත් කොච්චර කට කතා යනවද, ප්‍රභාව කොලඹට ගෙනාව කියනවා, තව එක එක කතා කොච්චර කියනවද බන්, උබ කොහොමද බන් හරියටම කියන්නේ කොල් එක මුලින්ම අවේ මහින්ද මහත්තයට කියලා, උබද මහින්ද මහත්තයට කොල් කලේ, නැහැනේ බන්, ඔන්න උබ කොල් කලානම් උබට කියන්න පුළුවන් මුලින්ම කොල් එක අවේ මහින්ද මහත්තයට කියලා,
උබ කන්ෆියුස් උනේ මොකටද කියන එක මටත් කන්ෆියුස් මචන්. සමහර විට “යුද්ධයට අපී කීපාරක්නම් දේශපාලන විසදුම් දුන්නද කියලා උබට මතකද ? කො ඒ එකකින්වත් වැඩක් උනාද නැහැ, අන්තිමට තිබුන එකම විසදුම තමයි යුද්ධය, අපි එකෙන් දිනුවා”, කියන එකේ "අපි එකෙන් දිනුවා" කියන එකට වෙන්න ඇති, අන්න එතන විතරක් මට පොඩ්ඩක් වැරදුනා ඒක "අපි එකෙන් දිනුවා" නෙමෙයි "උබලා එකෙන් දිනුවා" කියලා නිවැරදි විය යුතුයි, මොකද උබලා හිතාගෙන ඉන්නේ මම ෆොන්සේකා මහත්තයගේ පැත්තට කතා කරන්නේ මහින්ද විරොධියෙක් නිසා කියලනේ, ඒක නිසා උබ කන්ෆියුස් වෙච්ච වාක්‍ය මෙන්න මේ විදියට නිවැරදි විය යුතුයි, “යුද්ධයට අපී කීපාරක්නම් දේශපාලන විසදුම් දුන්නද කියලා උබට මතකද ? කො ඒ එකකින්වත් වැඩක් උනාද නැහැ, අන්තිමට තිබුන එකම විසදුම තමයි යුද්ධය, උබලා එකෙන් දිනුවා”, මම හිතන්නේ දැන් හරි ඇති නේද බන්.