ෆොරෙක්ස් ස්ටොක්ස් කරන අය ඇවිත් යන්න එන්න.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ෆොරෙක්ස් ස්ටොක්ස් කරන අය ඇවිත් යන්න එන්න.

ගිය සතියේ අයන් රොක්ස් මල්ලි දාපු ත්‍රේඩ් එකට කමෙන්ට් කරපු නිසා ගොඩ දෙනෙක් පීඇම් ගහලා ෆොරෙක්ස් සිග්නල් අහලා තිබ්බා.. වැඩ වැඩි නිසා ත්‍රේඩ් එකක් දාන්න වෙලාවක් තිබ්බේ නැ. ෆොරෙක්ස් ඉන්ඩයිසස් කරන්න බේසික්ස් ගැන කියලා එලකිරියේ ගොඩක් අය ත්‍රේඩ් දැම්ම නිසා බේසික්ස් හැම කෙනාම දන්නවා.. කොහොම උනත් ෆොරෙක්ස්, ෆොකාස්ට් සිග්නල් කියන්නේ සුමනදාසගේ අනාවැකි වගේ තමා.. හරිනොගියොත් මගේ ඔලුව තමා කන්නේ. මොකද ලොස්ට් වෙන්නේ සල්ලිනේ.. ගිය සතියේ මම කිව්ව අනාවැකියත් ඒ වගේ යුරො එක ගැන. කොහොම උනත් ඉන්ඩයිසස් වලින් ගිය සතියේ මට සැහෙන්න ලාබ හම්බ උනා.. NAS100 එකෙනුයි UK100 එකෙනුයි, තව ගොල්ඩ් ක්ශනික නැගලා බැස්ස එකෙනුයි සතිය කරගන්න පුලුවන් උනා. හැම සතියම මේ වගේ නැ.. සමහර සතිවල පාඩුයි.. මේ සතියේ යාන්තම් €1500ක් සෙට් උනා. සාමාන්යෙන් සතියකට මට €1000-2000 ගානක තම්යි ටාගට් එකක් තියෙන්නේ. ඉන්වෙස්ට් කරලා තිබ්බේ මුලින්ම €10000. ඉතින් පීඇම් ගහපු අයට කියන්න තියෙන්නේ, මම ෆොරෙක්ස් කරනවා අඩුයි.. ඉන්ඩයිසස් පැත්ත තමයි කරන්නේ.. ගොඩක් හයි රිස්ක් ට්‍රේඩින් එකක් ඉන්ඩයිසස් කියන්නේ. කරන්සි වගේ නෙමෙයි. ලොට් සයිස් 0.01 ට දැම්මත් සමහර ඉන්ඩයුසස් වල ලොස්ට්/ප්‍රොෆිට් වැඩියි. ලොස්ට් වෙනකොටත් මම අර කිව්ව වගේ €1000-2000 සමහර් සතිවල ලොස්ට් වෙනවා. ඒ නිසා සිග්නල් කියලා අරම ගන්න දැන් විකුනන්න කියලා කියලා යන එකේ තෙරුමක් නැ. ඔයාලගේ සල්ලිනේ.. පාඩුවක් උනොත් කේන්ති යන්නේ ඔයාලට මාත් එක්ක. ඊට පස්සේ මට කොටියා කියලා බනියි. බැන්නත් කමක් නැ, අමාරුවෙන් හම්බ කරගත්තු සල්ලි නැති වෙන එකයි අවුල. ඒ නිසා මම කියන්නේ තමුන්ම ඇනලයිස් කරලා බලන්න පුරුදු වෙන්න. එතකොට ලොස් උනත් ඒක තමන්ගේ. තමුන්ගේ ප්‍රෙඩික්ශන් එකක් නිසා ඉගෙන ගන්න පුලුව්න්. පේ කරලා සිග්නල් දෙන සර්විසස් ඔනා තරම් තියනවා. හැබැයි එවලත් ලොස් වෙන්න පුලුවන්. එක මෙම්බර් කෙනෙක් කියලා තිබ්බා එයා ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කරලා ෆොරෙක්ස් කලේ. දැන් බිල ගෙවා ගන්න බැ කියලා.. ඔක නිසා තමයි යුඇස් උන් නීතියක් ගෙනාවේ ක්‍රෙඩිට් කාඩ් වලින් බ්‍රොකර්ලට ගෙවන්න බැ කියලා.. එහෙම කරන්න එපා.. තමන්ට ලොස්ට් උනත් අවුලක් නැ කියලා අත හැරලා දාන්න පුලුවන් සල්ලි විතරක් ආයොජනය කරන්න. කැසිනො ගහනවා වගේ ඇබ්බැහි වෙලා නයට අරන් ගැම්බල් කරන්න එපා..