මමත් කලින් ගොඩක් නිදිමරන්න පුරුදු වෙලා හිටිය කෙනෙක්.
නිදිමරන කෙනෙක්ට ඉක්මනින්ම එන්න පුළුවන් දේවල් කීපයක් තියනවා. ඒ තමයි high blood pressure
අනෙක් එක Cholestorol ,
නිදි මරන අය කන්නේ ගොඩක් late වෙලා. නිදි මරන එකයි , පස්සෙ කන එකයි ලෙඩ ගොඩකට මුල........
මට ඔය දෙකම ආවා. කලකිරුනා ,
කලකිරිල තේරුමක් නෑ. මම මගේ life style එක සම්පුර්ණයෙන්ම වෙනස් කලා..
මේ තමා මම වෙනස් කල දේවල්
1. කලින් නිදා ගන්න පුරුදු උනා , 11 වෙද්දි නිදා ගන්නවා දැන්., අඩුම පැය 5.5 ක් නිදා ගන්නවා
2. කලින් රෑට කෑම කන්න පුරුදු උනා - වෙනද කනකොට 11ත් පහු වෙනවා . තෙල් ජාතිත් කනවා රෑ වෙලා. ඒක හරිම භයානක දෙයක්.
දැන් 7.30- 8 වෙද්දි කෑම කාල ඉවරයි .
3. තෙල් ජාති කන එක ගොඩක් අඩු කලා. රෑට තෙල් කන එක ගොඩක්ම අඩු කලා
4. කොත ගහල බත් කන එක අඩු කලා ගොඩක් . එකෙන් ඇඟට හරි පහසුවක් දැනුනා.
5. සෙල්ලම් කරන්න පටන් ගත්තා..
දැන් මගේ සේරම දේවල් normal...
අනෙක් අයටත් දැනගන්න දැම්මේ. ලෙඩ්ඩු වෙන්න නම් එපා . මේක හැමෝටම වටින thread එකක්...