෴ශනි ඒරාෂ්ඨකය 2෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    ජ්‍යොතිෂය ඉගෙන ගන්නා අයට හා ඒ පිලිබඳ උනන්දු අයට ජ්‍යොතිෂයේ සිද්ධාන්තයන් පැහැදිලි කෙරෙන හුයකි.. ජ්‍යොතිෂ පිලිබඳ උනන්දුවක් නැති හා පිලි නොගන්න අයට කාලය කා දැමීමක් විය හැකි බැවින් වෙනත් හුයක් හා සම්භන්ධවන්න..

    ගිය වතාවේ අපි ඒරාෂ්ඨකයක් ගැන මූලික දේවල් කථා කලා මෙන්න ලින්ක් එකඊට අමතරව ලග්න ඒරාෂ්ඨකය යෙදෙන විදිහත් කථා කලා. අද අනිත් ඒරාෂ්ඨක යෙදෙන විදිහ ගැන බලමු.

    ජන්ම ඒරාෂ්ඨකය

    සෙනසුරු රාශි චක්‍රය වටේ යන ගමනේදී ( මේකට ජ්‍යොතිෂයේදි අපි කියන්නේ ගෝචර ගමන කියලා) ලග්නයේ හා ඒ දෙපැත්තේ කොටු වල ගමන් කරන කාලයේදී ලග්න ඒරාෂ්ඨකය යෙදෙනවා වගේම, සෙනසුරු ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා ඉන්න රාශියේත් ඒ දෙපැත්තේ රාශි වලත් ගමන් කරන කාලය ජන්ම ඒරාෂ්ඨකය වෙනවා..
    උදාහරනයක් කියනවනම්
    පහත හඳහනේ උප්පත්තියෙන් චන්ද්‍රයා ඉන්නේ 5 වැන්නේ එතකොට සෙනසුරු 4,5,6 කියන භාව වල ගමන් කරනකොට කේන්ද්‍ර හිමියට ජන්ම ඒරාෂ්ඨකය යෙදෙනවා.
    shani2.jpg

    කලින් ලිපියේ කිව්වා වගේ මේ රාශිවලදි සෙනසුරු බලවත් නම් ඒරාෂ්ඨකය ඒ තරම් දරුනු වෙන්නේ නෑ. නමුත් චන්ද්‍රයා බලවත් නම් ඒරාෂ්ඨකය දරුනුයි. ඒරාෂ්ඨක කාලය උපරිම අවුරුදු 7 1/2 හා අවමය අවුරුදු 2 1/2 යි.
    ඒ වගේම සාමාන්‍යයෙන් ජන්ම ඒරාෂ්ඨක 07 වැන්නේ හා 09 වැන්නේදි යෙදෙන්නේ නෑ..(ජන්ම ඒරාෂ්ඨක වගේම පසුව විස්තර කරන චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකයටත් මේක වලංගුයි)

    අෂ්ඨම ඒරාෂ්ඨකය

    ශනි ග්‍රහයා ගෝචර ගමනෙන් කාගේ හරි හඳහනක අටවැන්නට ආවොත් ඔහුට අෂ්ඨම ඒරාෂ්ඨකය ලැබුවා වෙනවා
    shani4.jpg

    චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය

    ප්‍රධාන ඒරාෂ්ඨක අතරට සමහර ගුරුකුල වල ඇතුලත් කර නොගත්තත් නොසලකා හැරිය නොහැකි ඒරාෂ්ඨකයකි. මෙම ඒරාෂ්ඨකය යෙදෙන්නේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින කොටුවෙන් අට වැන්නට ශනි ආ විටය.

    shani3.jpg

    මීට අමතර විශේෂ වශයෙන් කියන්න ඕන දෙයක් තියනවා ඒ තමයි කලාතුරකින් ඒරාෂ්ඨකයේ බල අඩු කරන පිහිටීමක් නොමතිව ඒරාෂ්ඨක දෙකක් එක වර යෙදුනොත් තත්වය බරපතලයි. සමහර විට මාරක අපල පවා ඇති කරන්න පුලුවන්. නමුත් එහි අර්ථය හැම ඒරාෂ්ඨකයක්ම මාරකයි කියන එක නෙමෙයි. ඒරාෂ්ඨකයේ අපල අඩු කරන පිහිටීම් හඳහනේ තියන්න පුලුවන්.

    මීට අමතරව යම් කෙනෙක්ගේ හඳහනේ උප්පත්තියෙන් යම් ඒරාෂ්ඨකයක් යෙදිලා තියනවනම් ඔහුට දෙවෙනි වර ඒ ඒරාෂ්ටකයේ බලපෑම ඉතාම අඩුයි. සමහරවිට බලපෑමක් නැතිම වෙන්නත් පුලුවන්..

    ලංකාවේ පලමු විධායක ජනාධිපතිනියව එතනට පත් වුනේ අෂ්ඨම ඒරාෂ්ඨක කාලයක. එතුමියගේ හඳහනේ අටවැන්න කුම්භ රාශිය. එය සෙනසුරුට හිමි රාශියක්. එතනදි සෙනසුරු බලවත් නිසා අපලයක් වෙනුවට අවසානයේ ලැබුනේ සුභ පලයක්. අන්න ඒ විදිහට ඒරාෂ්ඨක කාලයේදි ශනි බලවත් නම් බොහෝවිට නරක කරන සෙනසුරා ටොකු ඇන ඇන සුභපල දෙන්න ඉඩ තියනවා. ඉතින් ඒරාෂ්ඨකයි කිව්ව ගමන් බය නොවී නිවැරදිව එය හඳුනා ගන්න කියන එකයි හැමෝටම මතක් කරන්න ඕන..

    වෙලාවක් තියෙනවනම් බ්ලොග් එකට ඇවිත් පරන ලිපිත් කියවන්න
     
    Last edited:
    • Like
    Reactions: lochana.ac2500
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මීට අමතර විශේෂ වශයෙන් කියන්න ඕන දෙයක් තියනවා ඒ තමයි කලාතුරකින් ඒරාෂ්ඨකයේ බල අඩු කරන පිහිටීමක් නොමතිව ඒරාෂ්ඨක දෙකක් එක වර යෙදුනොත් තත්වය බරපතලයි. සමහර විට මාරක අපල පවා ඇති කරන්න පුලුවන්. නමුත් එහි අර්ථය හැම ඒරාෂ්ඨකයක්ම මාරකයි කියන එක නෙමෙයි. ඒරාෂ්ඨකයේ අපල අඩු කරන පිහිටීම් හඳහනේ තියන්න පුලුවන්

    මේ කියපු පිහිටීම් මොනව ද අයියණ්ඩී! :confused:

    එළ ත්‍රෙඩ් එකක් කොල්ලො හැමදාම වගේ! පස්ටා ඈහ්:yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තේරුම් යන්න තව පාරක් කියවන්න වෙයි වගේ , මහින්ද ලොක්කගේ හදහන නැද්ද උබ ලග ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;17248928 said:
    මීට අමතර විශේෂ වශයෙන් කියන්න ඕන දෙයක් තියනවා ඒ තමයි කලාතුරකින් ඒරාෂ්ඨකයේ බල අඩු කරන පිහිටීමක් නොමතිව ඒරාෂ්ඨක දෙකක් එක වර යෙදුනොත් තත්වය බරපතලයි. සමහර විට මාරක අපල පවා ඇති කරන්න පුලුවන්. නමුත් එහි අර්ථය හැම ඒරාෂ්ඨකයක්ම මාරකයි කියන එක නෙමෙයි. ඒරාෂ්ඨකයේ අපල අඩු කරන පිහිටීම් හඳහනේ තියන්න පුලුවන්

    මේ කියපු පිහිටීම් මොනව ද අයියණ්ඩී! :confused:

    එළ ත්‍රෙඩ් එකක් කොල්ලො හැමදාම වගේ! පස්ටා ඈහ්:yes:

    කීපයක් තියනවා. උප්පත්ති කේන්ද්‍රයේ ශනි බලවත් ව ශුභපල දෙන තත්වයක සිටීම, ශනි හදහනේ යෝගකාරකයා වීම, ඒරාෂ්ඨක කාලයේ ශනි උච්ච හෝ ස්වක්ශේත්‍ර වීම, ශනිගේ ඒරාෂ්ඨකයේදි උච්ච ගුරු සමග සංයෝග වීම හෝ පූර්න දෘෂ්ඨියකට හසුවීම, උප්පත්තිය ඒරාෂ්ඨකයකදී සිදුවී තිබීම, මේ වගේ කීපයක් තවත් තියනවා. ඒක තුන්වෙනි කොටසට දාන්නම්..
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    නැකැත් රාල;17248958 said:
    කීපයක් තියනවා. උප්පත්ති කේන්ද්‍රයේ ශනි බලවත් ව ශුභපල දෙන තත්වයක සිටීම, ශනි හදහනේ යෝගකාරකයා වීම, ඒරාෂ්ඨක කාලයේ ශනි උච්ච හෝ ස්වක්ශේත්‍ර වීම, ශනිගේ ඒරාෂ්ඨකයේදි උච්ච ගුරු සමග සංයෝග වීම හෝ පූර්න දෘෂ්ඨියකට හසුවීම, උප්පත්තිය ඒරාෂ්ඨකයකදී සිදුවී තිබීම, මේ වගේ කීපයක් තවත් තියනවා. ඒක තුන්වෙනි කොටසට දාන්නම්..
    එහෙම ද?? එළ එළ:D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;17248959 said:
    ඒරාෂ්ටක වල බලය අඩු කරන පිහිටීමක් නැත්නම් ඒක නියත ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේ ද? :confused: :(

    තනි ඒරාෂ්ඨකයක් නම් කේස් එකක් නෑ දෙකක් එකටනම් කේස්.. නමුත් ග්‍රහ පිහිටීම අනුව සුලු සුලු වෙනස් කම් වෙන්න පුලුවන්.. මට කියන්න ඕන වුනෙත් ඒකයි ඒරාෂ්ඨකේ දැක්ක ගමන් කඩා වැටෙන්න ඕන නෑ.. අනික ඒරාෂ්ඨකේ තිබ්බත් ඒවට පිලියම් තියනවා..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;17248964 said:
    ඔව් පලවෙනි ර්ක් ලින්ක් එක දීල ඇති මුලින්. :yes:

    ඔව් එතනට ගිහිල්ල එකත් බුක්මාර්ක් කරගත්තා...... මේකෙන් කියවනවට වඩා ප්‍රින්ට් කරගන්න එල ලේසි කියවන්න...... පොතක් කියවනවා වගේ...... මොනිටරේ දිහාම හැමදාම වගේ බලං ඉඳලා දැන් පෙනීමත් පොඩ්ඩක් අවුල් වීගෙන එනවා එනවා වගේ......
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    You have given out too much Reputation in the last 24 hours, try again later.:no::no:

    bump
    රෙප් නැතුවට කමක් නෑ බන් බොහොම ස්තූතියි..

    ඔව් එතනට ගිහිල්ල එකත් බුක්මාර්ක් කරගත්තා...... මේකෙන් කියවනවට වඩා ප්‍රින්ට් කරගන්න එල ලේසි කියවන්න...... පොතක් කියවනවා වගේ...... මොනිටරේ දිහාම හැමදාම වගේ බලං ඉඳලා දැන් පෙනීමත් පොඩ්ඩක් අවුල් වීගෙන එනවා එනවා වගේ......

    ඔව්.. මගේ කිපි ටික ප්‍රින්ට් කරානම් පොතක් වගේ තියෙයි නේද? කවදාහරි මේ ලිපි වලින් පොතක් ගහන්න ඕන..
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    එළ දැන් තමා තේරුනේ.. මට හිතෙන්නේ දැන් මට තියෙන්නේ චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය වගේ...! කොහොමත් එක නොවැම්බර් වලින් ඉවර වෙනවද කොහෙද.?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හීන් පුතා;17249049 said:
    එළ දැන් තමා තේරුනේ.. මට හිතෙන්නේ දැන් මට තියෙන්නේ චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය වගේ...! කොහොමත් එක නොවැම්බර් වලින් ඉවර වෙනවද කොහෙද.?

    නොවැම්බර් 02 තමයි ග්‍රහ මාරුව.