෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුද මේ "Extras" කියන හාදයා? එයා ගහලනේ අනිත් අටදෙනෙක්ම ගත්ත ලකුණු වලට වඩා ...
    කුසල් පන්නා "Extras" කණ්ඩායමට ඇතුල් කරනු
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    :yes::yes::yes::yes:
    සන්ගා ,මහේල ගැන කියලා තියෙන දේට එකගයි. කඩින් කඩ හරි තිරි ,චන්දිට 3-4 ගහන්න දුන්නනම් ලන්කාවේ මැදපෙල මීට වඩා ශක්තිමත්.
    හැබැයි කුසල් තිසර ගැන කියලා තියෙන දේට එකග වෙන්නේ නෑ .විශෙශයෙන්ම තිසර ලන්කාව වෙනුවෙන් තනියම මැච් සැහෙන ගානක් දිනවපු කෙනෙක්.එයාලගෙ ස්ටයිල් එකට හැමදාම ගහන්න බෑ.කලින් කුසල්ටත් කියලා තිබ්බේ එයාගේ විකට් එක ගැන හිතන්නේ නැතුව වේගෙන් ගහන්න කියලා පොර ඒ විදියට කරන්න ගිහිල්ලා තමයි දිගටම ෆේල් වුනේ. අද මැච් එකේ එයාව ඔපෙනින්ග් එවපු එකයි වැරදි.එයාලගෙ නැචුරල් ගේම් එක සෙල්ලම් කරන්න දෙන්න ඕනේ. කුසල්ට ODI වල 6 හරියයි.
    අකුත් එවුන් දාලා පැරදුනාට කමක් නෑ දිර්ගකාලීනව ප්ලැන්වලට වැඩ කරනවනම්. ඉන්දියාවේ ෆාස්ට් බෝලර්ස්ලා ,ඕස්ට්‍රේලියාවේ බැට්මන්ලා ආපු ගමන් කොහොමද හිටියේ.සනත් ඉල්ලලා අස්වෙලා හරි අරවින්දට තෙරිම් කමිටුව ගියොත් හොදයි.
    කුසලයා යි තිසරයයි අනිවා එලවන්න ඕනේ... තිසරයා දිනපු මැච් අතේ ඇගිලි වලින් කියමු ඕනේ නම්. 20 වර්ල්ඩ් කප් ෆයිනල් එක නම් ඌ දිනවපු එකක් නෙමෙයි ඌ නැතත් ඒක දිනනවා.හැබැයි ඌ ගහන්නේ නැතුව පැරදිච්ච මැච් ගාන කීයක්ද කියමු බලන්න. ඔහොම වදින දවසට වදින උන් දැන් මොන ටීම් එකක වත් නෑ. ඉන්දියාව යුසුෆ් පතන් ලව පොල් අඩි වදිනව කියල තියාගත්තෙ නෑ.ඔපන් දැන් ඒවනවද කොහොවත් පොලඩි ගහන උන්. ජයසූරිය පොර දන්න ක්‍රිකට් මෙතනත් ගස්සන්න හදන්නේ. ඔය කාලකන්නි දෙන්න අයින් කරල සොලිඩ් ප්ලේයර්ස් ලා හදා ගන්න ඕනේ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අර්ජුන

    තමන්ට ශ්‍රී ලංකාව හා ක්‍රිකට් ක්‍රීඩාව වටින බවත්, ක්‍රීඩකයන් වාර්තා තැබීම ගැන මෙන්ම රට ගැනද සිතිය යුතු බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ (18දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය. එසේම ප්‍රවීණ ක්‍රීඩකයන් විශ්‍රාම යාමේදී තරුණ ක්‍රීඩකයන් සකස්කිරීමට තේරීම් කමිටුව කටයුතු නොකළ බවත් ඔහු කීවේය. ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට අනාගතයේදී පැමිණෙන බවත්, මෙවර සභාපතිධුරයට තරග කිරීම පිළිබඳ අවසන් තීරණයක් ඉදිරි සති දෙකේදී ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    මට ක්‍රිකට් වටිනවා

    මම හුඟක්ම ක්‍රිකට් වලින් අයින් වෙලා ඉන්නේ. මම ක්‍රිකට් බලනවා මගෙන් උපදෙසක් ඇහුවොත් උපදෙසක් දෙනවා. සමහර ක්‍රීඩකයෝ ඇවිල්ලා තාක්ෂණයේ වෙනසක් තියෙයිද කියලා බලන්න කිවුවොත් ඒවා මම කරලා දෙනවා. මම අයින්වෙලා ඉන්නේ මට වඩා ක්‍රිකට් දන්න ඕන තරම් අය ඉන්නවා ක්‍රිකට් ආයතනවල. ඒ වගේම ක්‍රීඩා කරන ක්‍රීඩකයොත් මට වඩා දන්න අය ඉන්නවා. මම හැමදාම ක්‍රීඩකයන් වෙනුවෙන් කතා කරනවා. මම කතා කරනකොට සමහර ක්‍රීඩකයන් මාත් එක්ක හොඳ නැති තත්ත්වයක් එනවා. විශේෂයෙන්ම මට මේ රට වටිනවා. රටේ ක්‍රිකට් ක්‍රීඩාව වටිනවා.

    එන ක්‍රීඩකයෙක් කොච්චර වාර්තා තිබ්බත්, ගිනස් පොතට ගියත් වැඩක් නෑ ඒ ක්‍රීඩකයා රටට ආදෙරෙන් ක්‍රීඩා කළේ නැත්නම්. එහෙම ක්‍රීඩකයන් ගැන මට ඇත්තටම ක්‍රීඩකයෝ කියලා ආදරයක් නෑ. අපිට පහුගිය කාලේ වුණේ ඒකයි. දැක්මක් නැතිව ක්‍රිකට් ක්‍රීඩාව ගියා.

    ප්‍රවීණයන් විශ්‍රාම ගැනීම

    ලෝක කුසලානයෙන් පස්සේ අපට ප්‍රශ්න එනවා. මොකද ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් විශ්‍රාම යනවා. හැබැයි මේ කාලේ වෙනකොට තේරිම් කමිටුවවත්, ප්‍රවීණ ක්‍රීඩකයන්වත් තරුණ ක්‍රීඩකයන් හදාගන්න හැදුවේ නෑ.

    අපි අපේ ස්ථාන වෙනස් කරගත්තා. අංක හතර ක්‍රීඩා කරලා මම අංක පහට ගියා. 1996 පස්සේ මම අංක හයට ගියා. අපි මහේලට, සංගක්කාරට, ඩිල්ෂාන්ට මැදින් ක්‍රීඩා කරන්න දීලා මේ ක්‍රීඩකයෝ ටික හැදුවා. අරවින්ද එයාගේ ස්ථානයෙන් පස්සට ආව තව ක්‍රීඩකයෙක් හදන්න. අද ඉන්න ප්‍රවීණ ක්‍රීඩකයන් ඒ තත්ත්වය හැදුවේ නෑ. මම ඒ ගැන කනගාටුවෙනවා. මම ක්‍රීඩකයන්ට බනින්නේ නෑ. තෙර්රීම් කමිටුව දැනගන්න ඕන අද ජයග්‍රහණය හිතනවා වගේම අනාගත ජයග්‍රහණය ගැන හිතන්නත්. අපේ ඉන්න තේරීම් කමිටුව පසුගිය කාලය පුරාම එහෙම තත්ත්වයට මුහුණ දුන්නේ නෑ. ඒකෙන් අද ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටෙන්නේ ලෝක කුසලානයෙන් පස්සේ.

    තරුණ ක්‍රීඩකයන්ගේ ස්ථාවරය

    ප්‍රවීණ ක්‍රීඩකයෝ වාර්තා තියලා ගෙදර යයි. දැන් ඉන්න ක්‍රීඩකයන්ට කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් නෑ. අපි තරුණ ක්‍රීඩකයන්ට ස්ථාවරත්වයක් ලබලා දුන්නා. ඒ ක්‍රීඩකයන්ට මනස තිබුණා ඕනැම තැන ක්‍රීඩා කරන්න. අපේ තරුණ ක්‍රීඩකයන් කොච්චර දක්ෂ වුණත් ඇඟ බැඳලා ක්‍රීඩා කරනවා වගේ. ඒකට ක්‍රිකට් ආයතනය, තේරීම් කමිටුව වගකියන්න ඕන. ඇන්ජලෝ මැතිව්ස් නායකයෙක් ලෙස මම ගොඩක් ගරු කරන කෙනෙක්. හොඳ දියුණුවක් තියෙනවා. නමුත් මේ ප්‍රවීණ ක්‍රීඩකයන් තිදෙනා විශ්‍රාම ගියාම ඇන්ජලෝ මැතිව්ස් මීට වඩා හොඳ නායකයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි තරුණ ක්‍රීඩකයන්ගේ මනස හදලා ඒ අයට විශ්වාසය දුන්නේ නැත්නම් ඒ අය කවදාවත් හදාගන්න බෑ.

    කණ්ඩායමේ ස්ථානය

    1982 ඉදලා ක්‍රිකට් ක්‍රීඩාව බැලුවොත් දුලිප් මෙන්ඩිස්, බන්දුල වර්ණපුර, රෝයි මෙන්ඩිස්, රංජන් මඩුගල්ල , ඊට පස්සේ මම බාරගත්තා මාත් එක්ක අරවින්ද හිටියා. අපි එළියට යනකොට සනත්, මාවන් බාරගත්තා. ඊළඟට සංගක්කාර, මහේල බාරගන්නවා. මමයි අරවින්දයි ඉවරවෙන කොට සනත්, මාවන් ස්ථාවරත්වයට හදලා තිබුණේ. නමුත් අද සංගක්කාර, මහේල යන කොට තිරිමාන්නගේ කණ්ඩායමේ ස්ථානය විශ්වාස නෑ. චන්දිමාල්ගේ ස්ථානය විශ්වාස නෑ. කණ්ඩායමේ ස්ථානය පැහැදිලිව තියෙන කෙනෙක් නෑ. මේ ගැන මම කලකිරෙනවා. මම දැන් කල් ඉකුත්වූ විලාසිතාවක් වෙන්න ඇති. අලුතෙන් දන්න අයත් එක්ක කරන එක හොඳයි මාව පැත්තකින් තියලා.

    සංගා - මහේල දක්ෂයි

    සංගක්කාර මහේල දක්ෂ ක්‍රීඩකයන්. එතනින් එහාට මට කියන්න දෙයක් නෑ. හැබැයි ඕනම කෙනෙක් යන්න ඕන. අපි කොහොමත් අලුත් ක්‍රීඩයන් ටිකක් හදාගන්න ඕන. අපේ තරුණ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් දැන්ම තියාම පුහුණුකරලා ඊළඟ ලෝක කුසලානයට සූදානම් වෙන්න ඕන. අද ඉන්න තේර්ම් කමිටුව වගේ අද තරගය ගැන හිතනවානම් ඒ අයට (සංගා - මහේල) තව අවුරුද්දක් දෙකක් ගහන්නත් පුළුවන්.

    ඊළඟ ලෝක කුසලානය

    දැක්මක් එක්ක යන්න ඕන. මට එහෙම අවස්ථාවක් තියෙනවානම් මම කියන්නේ අලුත් ක්‍රීඩකයෝ ටිකක් ඇවිල්ලා ඒ අයට සෑහෙන කාලයක් දෙන්න ඕන. අපි තරග පරදියි. ඒක ඉවසගෙන ඉන්න ඕන. අවුරුද්දක් දෙකක් යනකොට මේ ක්‍රීඩකයන්ගේ මනස හරියට හැදුවොත්, දේශපාලනය ක්‍රීඩාවට එන්නේ නැතිව ගියොත්, අනවශ්‍ය පුද්ගලයන් ආවේ නැති වුණොත්, අපිට මේ ක්‍රීඩාව හදන්න පුළුවන්. මම රටවල් වල ගිය කෙනෙක්. අපි තරම් උත්පත්තියෙන් දක්ෂ ක්‍රීඩකායෝ ලෝක කොහෙවත් නෑ. ඇස හා අත අතර සබඳතාව මේ රටේ තරම් වෙන මොන රටකවත් නෑ. බලන්න අර කුසල් ජනිත් සනත් වගේ ගහනවා. ඒ ළමයව ගෙනියනවා අන්තිම දවසේ අන්තිම තරගයට. මේකේ තේරුම මොකක්ද? අවසන් පූර්ව තරගයකදී ගිහාල්ලා දානවා %දඩාං^ කියලා ගහන්න. මොකක්ද මේක සැලැස්මක්ද? මේ අය කරන්නේ අද දවසේ ජීවත් වෙන එක විතරයි. මේ ලෝක කුසලානයෙන් පස්සේ අද ඉන්න තරුණ ළමයි හරියට ගැට ගහලා ලිහපු අය බවට පත්වෙයි. මම හිතනවා ප්‍රවීණ ක්‍රීඩකයන් විශ්‍රාම යන එකෙන් අලුත් ක්‍රීඩකයන්ට මනස හදාගෙන ක්‍රීඩා කරන්න අවස්ථාව දෙන්න ඕන කියලා.

    ක්‍රිකට් සභාපතිධුරය

    ක්‍රිකට් සභාපති ධුරයට තරග කිරීමට තවම තීරණයක් ගෙන නෑ. ලොකු ඉල්ලීම් කිහිපයක් තියෙනවා. පරණ ක්‍රීඩකයෝ, 1996 වසරේ ලෝක කුසලානය දිනපු ක්‍රීඩකයෝ හුඟ දෙනෙක් ඇවිල්ලා කතා කළා. අපි එක්වෙලා ක්‍රිකට් ගොඩගමුද කියන කතාව කළා. මට ඒකට බෑ කියන්න බැරි නිසා පොඩි කොමා එකක් දාලා නවත්වා ගත්තා. ඉදිරියට හරි මම ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස එනවා. ඇවිත් වැඩ ටිකක් කරනවා.

    ක්‍රිකට් ආයතනයට යනවානම් අඩුගානේ දවසකට පැය පහක් හයක් මම එතන ඉන්න ඕන ඒ හොරකම් නවත්වන්න නම්. ඒකට දැන් මට කාලය ටිකක් අමාරුයි. මම සති දෙකක් ඇතුළත තීරණය ගන්නවා.


    :eek::eek::eek::nerd::nerd::nerd: