එළඹෙන 10 වනදා ආරම්භ වන එංගලන්ත ශ්‍රී ලංකා සංචාරයේ නිළ රූපවාහිනී විකාශය TV 1 නාලීකාව ඔස්සේ මෙන්ම සිරස TV ඔස්සේ ද විකාශය වන බව MTV ආයතනය නිවේදනය කර තිබුනි.
එහෙත් රාත්‍රි කාලයේ සිරස TV ඔස්සේ තරග විකාශය කිරීම පිළිබඳව අප වෙත ප්‍රශ්න යොමුකළ අපගේ මිතුරන් කරුණු විමසා තිබුනි.
මේ පිළිබඳව අප MTV ආයතනයෙන් කරුණු විමසුවෙමු.
ඒ අනුව රාත්‍රි කාලයේ ටෙලිනාට්‍ය සහ ප්‍රවෘත්ති ගුවන්කාලය සුපුරුදු ලෙසම පවත්වාගෙන යාමට සිරස TV ආයතනය තීරණය කර ඇති බවට එහිදි කරුණු අනාවරණය විය.
ඒ අනුව
ඔක්තෝබර් 10,17 සහ 23 ODI තරගය පස්වරු 2.30 ට ආරම්භ වන බැවින් එය බොහෝ විට රාත්‍රි 7.00 දක්වා පමණක් සිරස TV ඔස්සේ විකාශය වනු ඇත.
එසේම ඔක්තෝබර් 27 වනදා පැවැත්වෙන ,T20 තරගාවලිය රාත්‍රි 7.00ට පැවැත්වෙන බැවින් එහි මුල් කොටස සිරස TV ඔස්සේ නැරඹිය නොහැකි වනු ඇත.
සුපුරුදු ලෙස ඔක්තෝබර් 13,නොවැම්බර් 06,14,23 තරග සිරස TV ඔස්සේ සම්පූර්ණයෙන්ම විකාශනය වනු ඇත.
එහෙත් මෙම සියලු තරග TV 1 ඔස්සේ සම්පූර්ණයෙන්ම විකාශනය වනු ඇත.
source - FM & TV Sri Lanka fb page