ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පුද්ගලික කරුණක් හේතුවෙන් දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
තරගාවලියට පිටත්ව යාමට පෙර ම ඇන්ජලෝ කර තිබු දැනුම්දීමකට ප්‍රතිචාර වශයෙන් ඔහුට යළි පැමිණීමට අවසර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ඊයේ තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වූ අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයේ කිසිවක් සඳහන් නොවීය.
කෙසේ වෙතත් මේ පිළිබඳව බීබීසි කළ විමසීමකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ තමන් අබාධ තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණෙන බවය. සිය පාදයේ ආබාධය සුවවීමට සති දෙකක හෝ තුනක කාලයක් ගතවනු ඇති බව ද ඔහු පැවසීය.
තමන් තරගාවලියට යාමට පෙර, තරගාවලියේ විවේක දින තුළ හැකිනම් ශ්‍රී ලංකාවට පැමිණ යාමට අවශ්‍ය බවට ඉල්ලීමක් කර තිබු බව පැවසූ ඇන්ජලෝ මැතිව්ස්, ආබාධ තත්වයට ලක්වීම හේතුවෙන් මෙම කාලයේදී ම පැමිණෙන බව සඳහන් කළේය.
නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ ඔහුගේ බිරිඳ ලබන මස තම කුළුදුල් දරු උපත අපේක්ෂාවෙන් ද සිටිති.
මේ අතර, දෙසැම්බර් මස මුල් සතියේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණෙන්නේ පෙබරවාරි මස අවසන් සතියේය. ඒ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ද නිමාවීමෙන් අනතුරුව ය.
තමන්ට එම තරගාවලියට සහභාගිවිය හැකිවනු ඇති බවට ඇන්ජලෝ මැතිව්ස් විශ්වාසය පළකළේය.
මේ අතර වේගපන්දු යවන නුවන් ප්‍රදීප් හා පිතිකරු ධනුෂ්ක ගුණතිලක ද ආබාධ හේතුවෙන් අද යළි දිවයිනට පැමිණීමට නියමිතය.
BBC sinhala

kochchara Mathews elawanna kiyala kagahuwata kattiya Mathews yawala captaincy eka denna ekek na
Kusal Mendis witharai captain karapu ekek ta inne. but uta captaincy denna puluwanda keeyatawath me gahana widiyata
onna okai thatwe ithnn....