ශ්රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් නායකයෙක් ලෙස සුවිශේෂි සේවයක් කරන බව පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් පවසයි.
දකුණු අප්රිකාව හා පැවැත්වූ ටෙස්ට් තරගාවලියේදි 3-0ක් ලෙස ශ්රී ලංකා කණ්ඩායම පරජයවීමත් සමග ඇන්ජලෝ මැතිව්ස්ට විවේචනය කරමින් විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ ජාලය හා පැතිර යන ප්රකාශ පිළිබඳව අදහස් දක්වමින් පුහුණුකරු මෙම අදහස් දැක්වීය.
කෙනෙකු විවේචනය කිරීම පහසු බවත් ඇන්ජලෝ මැතිව්ස්ට දකුණු අප්රිකාව හා තරග කිරිමට සිදුවූයේ තරුණ හා සුදුසුකම්වලින් අඩු කණ්ඩායමක් සමග බවත් පුහුණුකරු පෙන්වා දෙයි.
ලැබූ පරාජය කණ්ඩායමට කිසිසේත්ම සතුටුදායක තත්ත්වයක් නොමැති බවත් නායකයෙකු ලෙස කණ්ඩායමේ ක්රීඩකයන්ට දැකුණු අප්රිකානු තත්ත්ව යටතේ කටයුතු කිරිමට උපරිම මග පෙන්විමක් මැතිව්ස් ලබාදුන් බවද ග්රැහැම් ෆෝඩ් පවසයි.
දකුණු අප්රිකාව හා පැවැති තරගාවලිය 3-0ක් ලෙස පරාජය විම කනගාටුදායක කරුණක් බවත් දකුණු අප්රිකාව යනු ශ්රී ලංකාවට දැඩි අභියෝගයක් සහිත රටක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
ata deka thamai suwisheshi seweya

ford ge amma thamai mathak karanna wenne

yako arjuna mahela wage nayakayo hitya rate mu mokek da. bangladesh captain karannawath ganne kan na muwa. muge allround capabilities hinda thamai ae dawas wala mu famous wela captaincy ekath labuwe. dan mu bowl karanne maasa dekata paarak wage. ekath ona ma nathi welalwal wala. gahanneth na. muth nikan thisara perera wage dan.







