ෆයිනල් දිනන්නේ නැහැ කියන කතාව ගොඩක් දෙනෙක් කියන නිසා මට හිතුනා මෙහෙම ලියන්න.. මොකක් හරි තරඟාවලියකදි කණ්ඩායමක් අවසාන මහා තරඟයට එනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒ තරඟාවලියේ හොඳම කණ්ඩායම් දෙක තමයි ඒ දෙක.. ෆයිනල් එක පැරදුනත් පැරදුන අයට සතුටු වෙන්න පුළුවන් අපි හොඳම කණඩායම් දෙකෙන් එකක් කියලා.. ප්රේක්ෂකයොන්ටත් එහෙමයි..
මම හරිම කැමති ප්රේක්ෂකයෝ පිරිසක් තමයි බංගලියෝ.. උන් තමන්ගේ ටීම් එක පැරදුනත් මාර විදියට පස්සෙන් ඉන්නවා.. අපේ ලංකාවේ අය නරකයි කියනවා නෙමෙයි.. ඒත් අපේ උන් පැරදුනාම සමහර අය උන්ගේ අම්මා අප්පා මතක් කරලා බැහැලා, සල්ලි වලට ගහනවා කියලා කියන්න තරම් පහලට වැටෙනවා..
විවේචන කරන්න.. සාධාරණ විදියට බනින්න..
හෙට අපේ කොල්ලොන්ට ෆයිනල් එක දිනන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා...
ජය වේවා!





api school cricket gahankota umpire 10 denek out unama all out kiyanawa e dawas wala.
ubata wage danuma tibbe nane e dawas wala umpire una. Ewunta
paw ban ellunada danne na sariyakin.kage unath daruwek ne




