දක්ෂතම පිතිකරුවා මා නොවේ.. අරවින්දයි… වාර්තා දවසක බිඳෙනවා
ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම පිතිකරුවා අරවින්ද ද සිල්වා මිස තමන් නොවන බව ශ්‍රි ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.
ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරුවා ලෙස හඳුන්වමින් මාධ්‍යවේදීන් ඊයේ බංග්ලාදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇසූ පැනයකට පළිතුරු ලෙස සංගක්කාර කියා සිටියේ අරවින්ද හා ක්‍රීඩා කිරීමට හැකිවීම තම දක්ෂතා ඉහල දමා ගැනීමට හේතුවක් වූ බවයි.
තම පුද්ගලික දක්ෂතාවයන්ට වඩා කණ්ඩායම් ජයග්රහණයන් තමා වැදගත් කර සලකන බද කී ඔහු පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතකය රැස් කිරිම සතුටට කරණක් බවද කියා සිටියේය.
ලකුණු 11000 සීමාව ඉක්මවා ගිය වේගවත්ම පිතිකරුවා වීමේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් වූවත් එය තවත් දිනක බිදියනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් පල කලේය.
ඒ කාලේ තිබුන විදියට මටත් හිතෙන්නේ අරවින්ද දක්ෂයි වගේම ජනප්‍රියයි. ශ්‍රීනාත් එක පාරක් කිව්වා අරවින්දට පාස් බෝලර්ස්ලට ගහන එක වතුර බොනවා වගේ කියලා. ඒත් ටයිම් ඩිෆරන්ස් එකක් නැතිව බැලුවොත් සංගා ගොඩක් ඉදිරියෙන් අරවින්දට වඩා. අරවින්දගේ කාලේ ටීම් එකේ අනිත් අයයි අරවින්දයි අතර ගොඩක් පරතරයක් තිබුන. අද කාලේ ටීම් එකේ වගේම ලෝකෙත් දක්ෂ බැටාලා ගොඩක් ඉන්න නිසා සංගල කැපිලා පේන්නේ නෑ ඒ තරන්.


