‍මොහොතක්-සිතන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ‍මොහොතක්-සිතන්න

    ඔබ මේ ගැන මොහොතක් සිතුවාද

    මිනිස් හදවතේ පළමු ගැස්ම ඇති වනුයේ මව් කුස තුළදීය. ගැබ තුළ සති 12ක් පිරුණු කල, කලලයේ හදවත වැඩිහිටි ස්වරූපය ගෙන ගැසෙන්න‍ට පටන් ගනියි. එම ගැස්ම නතර වනුයේ මරණ‍යට පත් වීමෙන් පමණි. අවු. 75 ක් ආයු වැළැඳීමේ වාසනාව ලද මිනිසකු ගේ හදවත එම කල පරිච්ඡේදය තුළ මිලියන 2.5 වාරයක් ස්පන්දනය වනු ඇත.
    එම හදවතට,



    * තමන් ලෙඩ යැයි කියා නවතින්නට වරම් නැත.‍
    * පෝෂණය මඳි යැ යි කියා වැඩ වරන්නට අයිතියක් නැත.
    * වැඩ වැඩි යැ යි කියා නිකම් හිටින්නට පහසුවක් නැත.



    මෙසේ දිගින් දිගටම ගැහෙන මුත් මෙම හදවත කුඩා ඉන්ද්‍රියයෙකි. කිසියම් අයකු සිය අත මිට මෙළැවූ කල යම් තරම් වේද ඔහුගේ හදවතේ ප්‍රමාණයද එ තරම් ම වෙයි.



    මේ හදවත රුධිරයෙන් පිරි පවතියි. එහෙත් තමන් ගේ කුහරය තුළ ඇති රුධිරය තම ක්‍රියාකරීත්වය සඳහා ප්‍රයෝජනයට ගැනීමට හෝ භුක්ති විඳීමට හෝ එයට නොහැකිය. කු‍ඩා ප්‍රමාණයේ කිරීටක ධමනි නාල දෙකක් මගින් සපයන රුධිරයෙන් පමණක් සෑහීමට පත්ව ක්‍රියාශීලි වීමට හෘදය වස්තුවට සිදු ව ඇත. එහෙත් තම කුහරය තුළ ඇති සියලු රුධිරය ශරීරයේ සෙසු ප්‍රදේශ කරා යැවීමේ කාර්යය හෘදයට පැවැරී ඇත. එහෙයින් එය ඉතා පරාර්ථකාමි ඉන්ද්‍රියයෙකි.



    හෘදය විසින් ශරිරය පුරා යැවෙනුයේ මහා රුධිර ගංගාවෙකි. දිනකට රුධිරය ගැලුම් 5000 ක් හදවත මගින් ධාවනය කැ‍ෙර්. ජිවිත කාලයක් පුරා එය පොම්ප කරන රුධිර පරිමාව ගැලුම් මිලියන 55ක් පමණ වෙයි.



    මෙම පොම්ප කිරීම නිකම්ම පොම්ප කිරීමක් නොවේ. කෙලවරින් කෙලවරට පෙළ ගැසුවහොත් සැතපුම් 60, 000 ක් පමණ දිග වන ධමනි ධමනිකා -ශිරා ආදියෙන් සමන්විත වන රුධිර නාල ජාලයක් හරහා දිවැවීමට අවශ්‍ය ධාවන බලයද කවමින් පොම්ප කිරීමෙකි. සැතපුම් 60,000 ක් යනු සුළු පටු දුරක්ද? මෙය පෘථිවි ගෝලයේ විෂ්කම්භය මෙන් 75 ගුණයක් යැයි ‍ක‍ිවහොත් ඔබ පුදුම වනු නිසැකය.



    නූතන දියුණු තාක්ෂණය මෙතෙක් නිපදවා ඇති කිසිදු යන්ත්‍රයෙක මෙ බඳු කාර්යක්ෂම භාවයක් නැත මෙ තරම් ඔරොත්තු දීමේ ශක්තියක්ද නැත.



    එසේ වුවත් හෘදය යනු ඒකාකාරී ව ක්‍රියා කරන ඉන්ද්‍රියයෙක් ද නොවේ. තමා වාසය කරන ජෛව රසායනික පරිසරය නිතර නිතර ම ඉව කරමින්, තම ස්වාමියා ගේ අවශ්‍යතා අනුව කටයුතු සකස ගනිමින්, කාර්යයෙහි යෙදෙන්නෙකි. හදවත මේ සඳහා අවශ්‍ය දත්තයන් හෘදය වස්තුව එක් රැස් කර ගන්නේ නූතන පරිගණකයක් දත්ත රැස් කරන ආකාරයෙන්ම යි.



    පැරැණියෝ හෘදය වස්තුව ජීවිතයේ නිධානය කොට සැලැකූහ. ඒ අදහස අද අප නොපිළිගන්නා නමුත් මිනිසාට සිය හදවත තරම් ආරක්ෂා කැර ගත යුතු තවත් ඉන්ද්‍රියයක් නැතැයි යන මතය සාමාන්‍ය වශයෙන් සැබෑ යැයි කිව හැකිය.



    මෙබදු මහඟු ඉන්ද්‍රියයක් වුව ද ස්වභාව ධර්මයා අපට දායාද ‍ෙකාට ඇත්තේ එකම හෘදයක් පමණි. එය ව්‍යාධියට පත්වූ කල භාවිතයට ගැනීමට අමතර හෘදයක් අපට තිබුණේ නම් කොතරම් පහසුද ? ඒ වරප්‍රසාදය අපට ලැබී නැති නිසා හෘද රෝග නිවාරණය කෙරෙහි වැඩි සැලැකිල්ලක් යොමු කිරීම අත්‍යවශ්‍ය ව ඇත.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හෙට සුභ වීමට DJවතිල සමග මොහොතක් සිතන්න:P
    5+
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    යකෝ වතිලය හැදිලනේ:oo: එල එල ඔන්න මගෙනුත් රෙප් :Pහොඳ පොස්ට් එකක් මචං :D
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ra7tir.gif