“කරකාර බඳින දා” | විවාහය සහ දුප්පත්කම
“කරකාර බඳින දා” | විවාහය සහ දුප්පත්කම පිලිබඳ අපේ කාලයේ කාන්තාවකගේ නිර්භය අවංක ප්රකාශණය
අන්තර්ජාලයෙ සැරිසරන විට මට හමු වු බලොගයක තිබු මෙම ලිපිය සහ ගීතය ඉතාමත් අරුත්සම්පන්නයි කිය හැඟුනු හෙයින් එළකිරියෙ දමන්නට සිතුනා
කරකාර බඳින දා
කර පාලු වෙලා මා
මුතු මාල කොයින්දා
මනමාලි නොවේද මා
හැමදාම අඳින මේ
කපු සාරිය ඇන්දා
රන් සේල කොයින්දා
මනමාලි නොවේද මා
ගුරු පාරේ ඇවිදලා
කච්චේරියේ බැන්දා
රන්තෝඩු කොයින්දා
මනමාලි නොවේද මා
මේ සින්දුව අහපු පලවෙනි දවසේ ඉඳල ඔලුවේ තිබුනට
මාර ගේමක් දීල තමයි ඉන්ටෙර්නෙට් එකෙන් හොයා ගත්තේ.
මේ සින්දුව ගැන ශාස්ත්රීය විචාරයක් ලියනවා නෙමෙයි.
(එහෙම ලියන්න මම ගතානුගතික විදියට හිතන විචාරකයෙකුත් නෙමෙයි)
මේ මම දැකල තියෙන ඉතාම නිර්භය කාන්තා අදහස් ප්රකාශනය.
මේකේ පද රචනය කාගේද කියල මම තාම හොයනවා.
හම්බුන ගමන් මේ සටහනට එකතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
මට හිතෙන විදියට ලංකාවේ කාන්තාවගේ විතරක් නෙමෙයි
මුළු තරුණ පරම්පරාවේම චින්තනය මේ විදියට වෙනස් වෙන්න්න ඕනේ.
ඒ කිසිම ඉවක් බවක් නැතිව පවතින ක්රමය සහ පාරම්පරික සිරිත් විරිත් විවේචනය කරන එකවත්,පරන දේවල් කෙරෙහි අන්ධ භක්තිය වත් නෙමෙයි.
පවතින යථාර්තය මුහුණ දීම සහ සමාජය සතුටු කිරීම පිණිස තමන් අසතුටෙන් සිටීමෙන් වැළකීමයි.
කසාදයක් බඳිනවා කියන එක ගැන මම කතා කරන්න යන්නේ නැහැ.
නමුත් අද තරු පහේ හෝටලයක ජොලි කරලා ලොකු වෙඩින් එකක් අරගෙන
හෙට සම්බෝලයි බතුත් නැතුව දුක සේ ජීවත් වෙන අයත් අපි අතරේ ඉන්නවා.
ඊට වඩා පවතින යථාර්තය මුහුණ දීම අගය කල යුතුයි
ගීතයේ ගී පද රචනය – සුදත් ගාමිණි බණ්ඩාර

Source-http://diviyapura.wordpress.com/
Last edited: