ඕනෙම මිනිහෙක් ජීවිතේ එක පාරක් හරි වරද්ද ගන්නව මචං, ඌ දවසක ප්‍රියන්තයට කියනව මට මතක නෑ කොයි episode එකේද කියල, මේ ගේම දෙන එක නවත්තල ජීවත් වෙන්න වෙන මාර්ගයක් හොයනව කියල, මේ idea එක මෑන්ස්ගෙ හිතේ හෙන කාලෙක ඉදං තිබ්බ දෙයක් කියලත් කියනව, ඉතිං ඌ හිතන්නෙ උගෙ software එක ලොකුම වෙළදපොලකට අලෙවි කරල ලොකු ලාබයක් ලබන්න, ඌට හිතෙන්නෙ ලොකුම වෙලදපොල විදියට රටේ මහජනතාව, දැනුත් අපි අතර computer එකෙන් horoscope එක බලල දීල ගානක් කඩාගන්න අය ඉන්නෙ, අපේ පැත්තෙ පොල දවසට ඩීමො බට්ටෙක්ගෙ ඇතුලෙ computer හයි කරගෙන ඉන්නව මං දැකල තියෙනව, මිනිස්සුන්ට ඕන මොනව හරි දේකින් හිතේ සතුටක් ඇති කරගන්න, ඉතිං අනාගතේ ගැන දැනගන්න පුලුවන් ඉක්මන් ක්‍රමයක් තියෙයි නං මිනිස්සු පෝලින් ගැහිල එයි software එහෙකින් අනාගතේ බලාගන්න, ඔන්න ඔය angle එකෙන් තමයි ජෙහානය බැලුවෙ, හැබැයි හිරුණි ඒක එච්චර practical නැති බව පෙන්නුවම මෑන්ස්ටත් හිතුන මේක company වලට දාන එක ඊට වඩා හොද විත්තිය, මොකද එක පාර අතට හොද කුට්ටියක් ගන්න පුලුවන් ඒකෙන්, අනික annually charge කරන්නත් පුලුවන්, අර ආදර scene එකක් ගැන කිව්වෙ මේකයි, ඌ මොනව උනත් කෙල්ලටත් software කෑල්ල පෙන්නන්න හිතුවෙ ආදරේ නිසා තමයි, අපි කාට හරි ඇලුම් කරනවනං අපේ පෞද්ගලිකත්වය අදාල කෙනා ඉස්සරහ නිකන්ම සින්න වෙනව යාලුව, ඒක තමයි ආදරේ තියෙන බලපුලුවංකාරකම ඉලන්දාරිය![]()
Chootiputhage kathawa naaki aathek wage...








