ජෙහාන් කියන්නේ තුමිඳු දොඩන්තැන්න බන්. ඌගේ තාත්තා ඌ පොඩිකාලෙම මැරිලා පවුල අසරන වෙනවා. උගේ අම්මා ඇන්ඩ් ෆැමිලි එක දේපල ඔක්කොම විනාස වෙනවා. ඌ ඒකෙ තරහ හිතේ හිරකගෙන හැදෙනවා. ඊට පස්සෙ ඌ දැනගන්නවා උගේ තාත්ත මැරිලා නෙමේ මරලා. පක්ශ නායකයා තමයි උගේ පවුල විනාස කලේ කියලා. එවෙලෙ ඉඳන් ජෙහාන් උගෙන් පලි ගන්න ප්ලැන් කරනවා. උගේ පවුල විනාස කරන්න උදව් කරපු හැමෝගෙන්ම එකා ගානෙ ඌ පලි ගන්නවා. ඌ කලින් කරපු ගේම් දුන්නෙ ඒකට සම්බන්ධ අයට. ප්‍රියන්තගේ මැරිච්ච තාත්තත් ඒකට හවුල්. තාත්තා නැති නිසා ඌ පුතාගෙන් පලි ගන්නවා. හිරුනිගෙ තාත්තත් හවුල්. මූ හිරුනිව ප්‍රෙග්නන්ට් කරලා අත අරිනවා තාත්තට විඳවන්න. අන්තිමට ඌ අම්මගේ සොහොන ගාවට ගිහින් කියනවා ඔන්න මං අම්මට වුනු පොරොඳුව ඉෂ්ට කලා කියලා