“අප්පමාදො ච ධම්මේසු ඒතං මංගල මුත්තමං” කුසල ධර්මයන්හි පමා නොවී සිහි බුද්ධියෙන් යුක්තව ක්රියා කිරීම මංගල කරුණකි. “අප්රමාදය” යනු පමාදයට ප්රති පක්ෂ වූ කරුණයි. “අප්පමාදෝ නාම පමාදස්ස පටික්ඛ භූතෝ ඒකෝ ධම්මෝ” යනුවෙන් එය දහමෙහි සඳහන් වේ. හැම දෙයින්ම ප්රමාද වන්නේ අමතක වීමෙනි. සිහිය නැතිවීමෙන් වැඩ කටයුතු ප්රමාද වේ. අතපසු වේ. “වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යනු අවසාන බුද්ධ වචනයයි. ඒ නිසා කුසල ධර්මයන්හි පමා නොවී ක්රියා කළයුතු බව දැනගෙන දාන සීලාදී දස කුසල් දහම්හි අප්රමාද විය යුතුය. එළඹ සිටි සිහියෙන් යුතුව ක්රියා කළ යුතුය. එවිට කිසි දිනක ඔහුගෙන් අකුසල් සිදු නොවේ. සිත කුළු මීමෙක් හා සමානය. කුළු මීමා දුටු දුටුවන්ට අනින්න පනියි. නොයා යුතු මඟ යයි. කොයි මොහොතේ කොතැනදී විපතට පත් වේ දැයි කිව නොහැකිය.





