සබ්බේ සන්කාර අනිච්චා කියල බුදු හාමුදුරුවො කියල...අනිත් පැත්තට අවිජ්ජ රහිත සිතක, සන්කාර අනිච්ච නැ කියල තියෙනව ඔබතුමා කොහෙ හරි දැක්කද?
එහෙමත් නැත්තන්...විජ්ජව පහල උන ගමන් සන්ස්කාර වල ත්‍රිලක්ශනය වෙනස් වෙනව කියල ඔබතුමා කොහෙ හරි දැක්කද?
මට පේන්නෙ රෝෂ් අයියෙ, ඔයා දුක, සහ දුක්ඛ පටලවාගෙන ඉන්නෙ, ඔය දෙක එක ජාතියේ ඒවා වත් නොවෙයි.... මම කතා කලේ මානසික දුක ගැන, ඔය දෙකේ connection එක තේරෙන්න සෝවාන් වෙන්න ඕනි...
සැප නැති කොරගන්න නෙවේ...තියෙන සැපත් රැදෙන්නෙ නැ කියලනෙ දැක්කෙ...මහලු වෙනවනම්...මැරෙනවනම්...සක්විති කම් මොකටද කියල ගියා මිසක්...අඩේ ..තව වැඩිපුර සැප ලබා ගන්න ඕනෙ කියල ගියාද?
තියෙන සැපත් රැදෙන්නෙ නැත්නම්, රඳවාගන්න ක්‍රමයක් හොයන්න නෙමෙයිද try කලේ? මොකද වෙන දෙයක් ගැන දන්නෙ නැහැනෙ...
ඔබතුමා වෙන පටාචාරා කෙනෙක් ගැන කියනව ඇති....මම අහල තියෙන පටාචාරා නම් ගියෙ...තමන්ට සියල්ල නැතිඋනාම ඇතිඋන දුක නැති කරගන්න මිසක්...තව වැඩිපුර සැපක් ඕනෙ කියල නම් නෙවේ..
පෘතක්ජනයා දුක නැති කරගන්නව කියන්නෙ සැප ඇති කර ගැනීමම තමයි, වෙන දෙයක් ගැන ඒ අයට හිතන්න බෑ...
හොයපු දැනෙන වැඩිපුර සැපය හම්බ උනාද?
තව ගොඩක් දේවල් එක්ක, දැනෙන එක බොරුවක් කියල තේරුනා
මම දැම්මෙ...ත්‍රිපිටකයෙ තිබුන ට්‍රාන්ස්ලේශන් එක මිසක් මෙගි පවුද්ගලික ඉන්ටෙප්‍රිටේශන් එකක් නෙවේ...ඔබතුමා ඕක ඉන්ටෙප්‍රිට්කරන්න කොහොමද? මොන පදනමක් උඩද?
මට පේන්නෙ ඒ translation එක කරල තියෙන්නෙ පෘතක්ජනයෙක්, ඕක translate කරල ඒත්තු ගන්නන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් මේ පේන්නේ නැද්ද, මෙච්ච්ර උගත් ඔයාට, මෙච්චර කියලත් ඔලුවට යන්නෙ නැති එක, translate කරපු එකකින් වැඩක් තියෙයි කියල හිතනවද? මේ ඉතින් මේකෙ හැටි...
P.S. සන්ස්කාරයක ලවුකික අදහස් තියාගෙන කොහොමත් සෝවාන් වෙන්න බෑ, ඒකයි ඔයාට මේක කියන්න හාස්කමක කියන වචනය පාවිච්චි කලේ... වෙන use කරන්න වචනයක් නැහැ.
අවිද්‍යාව රහිතනම්, සංස්කරණය කියලා යෙදෙන්නත් බැහැ imho
අවිද්‍යාව රහිත හිත දුක්ඛ නිරෝධයේ තියෙන්නේ.
@nuwan9999 සෝවාන් වෙලා හිටියත් අවිද්‍යාව නැති සිත් පහල වෙන්නැහැ. ඔයා කියන 'සතුටින් පිරි සිත' ත් සංස්කරණයක් තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් ආපු, imho. මම ම තමයි ඔය, මම නෙමෙයි කිව්වට.
.
------
Post added on Jan 9, 2026 at 10:25 PM
සෝවාන් ඵල සමාධිය කියල එකක් ඔයා අහල තියෙනවද මල්ලි? අන්න ඒකෙදි ඕක අත්දකින්න පුළුවන් ප්‍රහීන කරපු සංයෝජන මට්ටමෙන්. අනික් ඵල වලටත් එහෙමම තමයි.
මම දන්නව මේවා ලිව්වට මෙලෝ වැඩක් නැහැ,

මෙහෙම දෙයක් තියෙනව කියල කියන්න විතරයි ලිව්වෙ... කැමති කෙනෙක්ට දැනගන්න.
------
Post added on Jan 10, 2026 at 5:31 AM
P.S.: අවිද්‍යා රහිත සංස්කරණත් තියෙනව... අපේ අභිධර්ම expert අයියට ඕක verify කරගන්න පුළුවන් හොඳට study කලානම්