⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    B report eken proof unoth kusala 4 year Ban wenna ida thiyenawaluuu.. (hiru news)
    baffled5wh.gif
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔහොම ගියොත් ඕන එකෙක්ට පුළුවන්නේ ක්‍රීඩකයෝ කන කෑමකට බීමකට තහනම් උත්තේජක දාල අමාරුවේ වට්ටන්න. ඉන්දියන් කාරයින්ට නම් ඔහොම දේවල් සිම්පල්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    "We're finding it cold so I'm sure the Sri Lankans are finding it even worse." -Tim Southee


    man kiuwe machan aggregate, summer kiyala na kohomath NZ heethalai

    The pitch has a thick green covering on the eve of the match, and as such, will probably be conducive to seam movement on the first two days. There is rain expected over the weekend, but that forecast is constantly changing. Sri Lanka are unlikely to enjoy the temperature, which is forecast to remain in the high teens and low twenties for the duration of the game.

    කැමක් තමා:baffled:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    The pitch has a thick green covering on the eve of the match, and as such, will probably be conducive to seam movement on the first two days. There is rain expected over the weekend, but that forecast is constantly changing. Sri Lanka are unlikely to enjoy the temperature, which is forecast to remain in the high teens and low twenties for the duration of the game.

    කැමක් තමා:baffled:

    aayith ahala :baffled:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    කුසල්ට කචල් දැම්මේ කුඩැල්ලෙක්‌?

    අසේල විතාන

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවකු වන කුසල් පෙරේරාගේ මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක අඩංගු සංඝඨක තිබී ඇත්තේ ඔහු ලබාගත් ඖෂධ වර්ගයක බව "දිවයින" කළ සොයා බැලීමකදී වාර්තා විය.

    පාකිස්‌තානය සහ ශ්‍රී ලංකාව අතර මීට මාස හතරකට පෙර ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලිය අතරතුරදී කුසල් පෙරේරාගේ මුත්‍රා සාම්පලයක අදාළ තහනම් උත්තේජක සංඝඨකය අඩංගුවී ඇති බව අනාවරණය විය.

    කූඩැල්ලකු විසින් කුසල් පෙරේරාගේ ලේ උරා බීමක්‌ නිසා ඇතිවු තුවාලයකට ප්‍රථිකාරයක්‌ වශයෙන් ඔහු ගත් බෙහෙත් වර්ගයක අදාළ තහනම් උත්තේජක සංඝඨක ඇතුළත්ව ඇති බවට සැක කරන අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

    කුසල් පෙරේරා දැනුවත්ව හෝ නොදැනුවත්ව තහනම් උත්තේජක අඩංගු කිසිදු බෙහෙත් වර්ගයක්‌ පානය කර ඇති බවත් ඔහු කූඩෑල්ලකු ලේ උරා බීමෙන් ඇති වූ තුවාලයට ගත් බෙහෙත් වර්ගයක්‌ පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට දන්වා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

    කෙසේ වෙතත් මේ පිළිබඳව ඉක්‌මන් පරීක්‍ෂණයක්‌ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මෙහෙයුම් අධ්‍යක්‍ෂ කාල්ටන් බර්නාඩ් මහතා පියවර ගන්නා බව "දිවයින" ට පැවසීය.

    "කුසල් පෙරේරා අපේ කණ්‌ඩායමේ සිටින දක්‍ෂතම ක්‍රීඩකයෙක්‌. ඔහු කූඩැල්ලකුට ගත් බෙහෙතක්‌ පිළිබඳව අපිට දන්වල තියෙනවා. ඒ බෙහෙත් වර්ගය ඔහු අරගෙන තියෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ අර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවය කරන භෞතචිකිත්සකයකුගේ අනුදැනුම ඇතිවයි. මොකද ක්‍රීඩකයන්ට බෙහෙත් ඕන ඕන විදිහට ගන්න බැහැ. ඒ නිසා ඔහු වගකිව යුතු පුද්ගලයකුට දන්වල තමයි ඒ බෙහෙත් අරන් තියෙන්නෙ.''' මේ පිළිබඳව අපි ඉක්‌මනින් පරීක්‍ෂණයක්‌ නොකළොත් ඒ ක්‍රීඩකයාට අසාධාරණයක්‌ වෙනවා. ඒ නිසා තමයි ඔහුව අපි ඉක්‌මනින් ලංකාවට ගෙන්නා ගත්තෙ." යනුවෙන් පැවසීය.

    අදාළ වාර්තාව ලැබීමෙන් පසුව දින හතක්‌ ඇතුළතට අයි.සී.සී.යට කුසල් පෙරේරාගේ "බී" සාම්පල් මුත්‍රා සාම්පලයක්‌ පරීක්‍ෂණය කළ යුතු බවට දැන්විය යුතුවේ. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ප්‍රධානීන් කුසල් පෙරේරාගේ "බී" සාම්පල් පරීක්‍ෂණය බැංකොක්‌ හෝ වෙනත් රටක කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

    "අපි බලාපොරොත්තු වෙනවා මේ පරීක්‍ෂණය ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙර අවසන් කරලා කුසල්ට යළිත් ක්‍රීඩා කිරීමේ වාතාවරණය ලබා දෙන්න. ඒ නිසා තමයි මේ තරම් ඉක්‌මනට අපි කටයුතු කරන්නෙ." යනුවෙන් කාල්ටන් බර්නාඩ් මහතා වැඩිදුරටත් පැවසීය.

    කුසල් පෙරේරාගේ මුත්‍රා සාම්පලය ඉන්දියාවේදී පරීක්‍ෂණය කර ඇති අතර "බී" සාම්පල් පරීක්‍ෂණයේදී තහනම් උත්තේජක සංඝඨකය අඩංගු නොවූ බවට තහවුරු වුණොත් ඔහුට කිසිදු ගැටලුවක්‌ නොමැතිව ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව හිමිවේ. යම් හෙයකින් එම පරීක්‍ෂණයේදීද අදාළ සංඝඨකය අඩංගු බවට වාර්තා වුවහොත් එය කුමන කාලයකදී ශරීරගතව තිබේද යන්න සොයා බලන අතර අනතුරුව ඒ හරහා සිදුකෙරන පරීක්‍ෂණයකින් කුසල් පෙරේරාට නිදොස්‌ වීමේ හැකියාවක්‌ තිබේ.

    කුසල් පෙරේරා කුඩෑල්ලකු ලේ උරා බීමෙන් ඇති වු තුවාලය කුමන කාලයක සිදුවී තිබේද, එයට බෙහෙත් පානය කර ඇත්තේ කුමන කාලයකද, එම බෙහෙත් වර්ගයේ අදාළ සංඝටය තිබේද සහ ඒ සඳහා අනුමැතිය දුන් අයගේ වාර්තාව අනූව කුසල් පෙරේරාට නිදොස්‌ වීමේ හැකියාව තවදුරටත් තිබේ.

    ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ නීති රෙගුලාසි අනුව හිතාමතාම ක්‍රීඩකයකු අදාළ තහනම් උත්තේජක භාවිතා කළ බවට තහවුරු වුවහොත් ඔහුට වසර හතරක ක්‍රිකට්‌ තරග තහනමකට ලක්‌වීමේ අවධානමක්‌ද පවතී.

    කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන් අදාළ වාර්තාව පෙරේදා (07 දා) ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ලබාදීමෙන් පසුව ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන් වහාම කුසල් පෙරේරාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළේය. ඒ අනූව ඔහු අද උදැසන නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.

    දිවයින උපුටාගැනිමකි
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :cool:හෙට Match එක නිසා, Avatar එක වෙනස් කලා.;)


    avatar343786_17.gif


    :P