⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ශ්‍රීලංකාව මුල්ම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරල දැන් අවුරුදු 33ක් ගෙවිල අවසන්ය ශ්‍රීලංකාව මේ වනවිට පකිස්තානය
    ඉන්දියාව,නවසීලන්තය,එංගලන්තය,ඕස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව,බටහිර ඉන්දීය කොදෙව්,
    සිම්බාබ්වේ,බංග්ලාදේශය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රීලංකාව යන රටවල් වලදී ටෙස්ට් තරග වලට සහභාගි වී ඇත.ශ්‍රීලංකා ඒ ඒ රටවලදී ටෙස්ට් තරග ක්‍රීඩා කර ආකාරය ගැන සාරාංශයක් පහත ආකාරයට ඔබ වෙත ඉදිරිපත් කරමි.
    ශ්‍රීලංකාවේදී ටෙස්ට් තරග දස්කම්
    ටෙස්ට් තරග-117,ජයග්‍රහණ-54,පරාජ-30
    ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-33
    ඉනිමකින් තරගයක් ජයගත් අවස්ථා-19
    ඉනිමකින් තරගයක් පරාජය වූ අවස්ථා-7
    ඉනිමක හොදම පන්දු යැවීම-මුරලිදරන් 51/9
    (සිම්බාබ්වේ සමග 2002 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-මහේල-374(දකුණු අප්‍රිකාව
    සමග 2006 වසරේ),ලබාගත් වැඩිම කණ්ඩායම්
    ලකුණු-952/6(1997 ඉන්දියාව සමග),අඩුම
    කණ්ඩායම් ලකුණු-71(පකිස්තානය සමග 1994)
    පකිස්තානයේදී ටෙස්ට් තරග දස්කම්
    තරග-21,ජයග්‍රහණ-6,පරාජ-8,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-8,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-2
    ඉනිමක හොදම පන්දු යැවීම-රවී රත්නායක 83/8
    (1985 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-සනත්
    ජයසූරිය 253(2004 වසරේ ),වැඩිම කණ්ඩායම්
    ලකුණු-644/7(2009 වසරේ),අඩුම කණ්ඩායම් ලකුණු-149(1982 වසරේ)
    ඉන්දියාවේදී ටෙස්ට් තරග දස්කම්
    තරග-17,ජයග්‍රහණ-0,පරාජ-10,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-7,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-9
    ඉනිමක හොදම පන්දු යැවීම- මුරලිදරන් 100/7(2005 වසරේ ),හොදම පෞද්ගලික ඉනිම-මහේල-275(2009 වසරේ),වැඩිම කණ්ඩායම් ලකුණු-760/7(2009 වසරේ )
    අඩුම කණ්ඩායම් ලකුණු-82(1990 වසරේ )
    නවසීලන්තයේදී ටෙස්ට් තරග දස්කම්
    තරග-15,ජයග්‍රහණ-2,පරාජ-8,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-5,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-4
    ඉනිමක හොදම පන්දු යැවීම-වාස් 87/6(1995 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-අරවින්ද 267
    (1991 වසරේ),වැඩිම කණ්ඩායම් ලකුණු-498
    (2004 වසරේ),අඩුම කණ්ඩායම් ලකුණු-138
    (2014 වසරේ )
    එංගලන්තයේදී ටෙස්ට් තරග දස්කම්
    තරග-15,ජයග්‍රහණ-3,පරාජ-6,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-6,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-2
    ඉනිමක හොදම පන්දුයැවීම- මුරලිදරන් 65/9(1998 වසරේ )
    හොදම පෞද්ගලික ඉනිම-ජයසූරිය 213(1998
    වසරේ),වැඩිම කණ්ඩායම් ලකුණු-591(1998 වසරේ ),අඩුම කණ්ඩායම් ලකුණු-82(2011 වසරේ )
    ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග දස්කම්
    තරග-13,ජයග්‍රහණ-0,පරාජ-11,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-2,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-4
    ඉනිමක හොදම පන්දු යැවීම-රුමේෂ් රත්නායක
    66/6(1989 වසරේ ),හොදම පෞද්ගලික ඉනිම-සංගක්කාර 192(2007 වසරේ),වැඩිම කණ්ඩායම ලකුණු-455(2004 වසරේ),අඩුම කණ්ඩායම් ලකුණු-97(2004 වසරේ)
    සිම්බාබ්වේහිදී ටෙස්ට් තරග දස්කම්
    තරග-10,ජයග්‍රහණ-3,පරාජ-0,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-7,ඉනිමකින් ජයගත් අවස්ථා-2,ඉනිමකින් පරාජය වූ අවස්ථා-0
    ඉනිමක හොදම පන්දු යැවීම-රවීන්ද්‍ර පුෂ්පකුමාර
    116/7(1994 වසරේ ),හොදම පෞද්ගලික ඉනිම
    සංගක්කාර 270(2004 වසරේ),වැඩිම කණ්ඩායම් ලකුණු-713/3(2004 වසරේ ),අඩුම කණ්ඩායම් ලකුණු-218(1994 වසරේ)
    බටහිර ඉන්දීය කොදෙව්හීදී ටෙස්ට් තරග දස්කම්
    තරග-6,ජයග්‍රහණ-1,පරාජ-3,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-2,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-0,ඉනිමක හොදම පන්දු යැවීම-මුරලිදරන් 34/5(1997 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-මහේල 136
    (2008 වසරේ ),වැඩිම කණ්ඩායම් ලකුණු-476(2008 වසරේ)අඩුම කණ්ඩායම් ලකුණු 152(1997 වසරේ)
    දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග දස්කම්
    තරග-10,ජයග්‍රහණ-1,පරාජ-8,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-1,ඉනිමකින් ජයගත් අවස්ථා -0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-3
    ඉනිමක හොදම පන්දු යැවීම-මුරලිදරන් 39/6
    (2000 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-තිලාන් සමරවීර 115(2011 වසරේ),වැඩිම කණ්ඩායම් ලකුණු-342(2001 වසරේ),අඩුම කණ්ඩායම් ලකුණු -95(2000 වසරේ)
    බංග්ලාදේශයේදී ටෙස්ට් තරග දස්කම්
    තරග-6,ජයග්‍රහණ-5,පරාජ-0,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-1,ඉනිමකින් ජයගත් අවස්ථා -2,ඉනිමකින් පරාජය වූ අවස්ථා -0
    ඉනිමක හොදම පන්දු යැවීම-මුරලිදරන් 49/6
    (2005 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-
    සංගක්කාර 319(2014 වසරේ ),වැඩිම කණ්ඩායම් ලකුණු-730/6(2014 වසරේ )
    අඩුම කණ්ඩායම් ලකුණු-293(2006 වසරේ)
    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් තරග දස්කම්
    තරග-5,ජයග්‍රහණ-1,පරාජ-2,ජය පරාජයෙන් තොරව අවසන් කිරීම්-2,ඉනිමකින් ජයගත් අවස්ථා-0,ඉනිමකින් පරාජය වූ අවස්ථා-0,ඉනිමක
    හොදම පන්දු යැවීම-වෙලගෙදර 87/5(2011 වසරේ),හොදම පෞද්ගලික ඉනිම-සංගක්කාර 211(2011 වසරේ),වැඩිම කණ්ඩායම් ලකුණු-483(2011 වසරේ),අඩුම කණ්ඩායම් ලකුණු 197(2011 වසරේ)
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ප්‍රතිඵලය කුමක් වුවත් මට නම් අපේ උන් ගැන ආඩම්බරය.. මන්ද දවස් තුනකින් ඉවර වෙන තරගයක් දවස් 5ටම ඇදන් ආව එකම ඇතිය.. වැරදුනේ තැන් කිහිපයකදීය.. පලමුවැන්න මැතිව්ස්ගේ පිටිය සැකසීමේ දුර්වලතාය.. මැතිව්ස් ඔබ මෙයත් හරියටම කරා නම් ලබා දුන් උඩ පන්දු රැක ගැනීමට පවා ක්‍රීඩකයන් ස්ථානගත කරා නම් අප දැනටමත් තරගය ජය ගන්නට ඉඩ තිබුනාදැයි සිතෙයි.. දෙවැන්න කිත්රුවන් විතානගේ නොම්බර 3 පිතිකරු ලෙස යොදා නොගැනිමයි.. කෙතරම් කීවත් කියන්නට ඇත්තේ එකම දෙයය.. තුරුම්පු තියාගෙන කාර්ඩ් අතක් පරදින බව පෙනෙයි.. නොම්බර 3 ජයසුන්දරද අසාර්ථකය.. පාලකයන් මේ හදන්නේ දෙදෙනාම අසාර්ථකයි කියා දෙදෙනාම එලියට දැමීමේ සැලැස්මක්දෝයැයි සිත කියයි.. මන්ද මීට පෙරද එවැන් දේ අපට සිදු වී ඇත.. අලුත් ලේ පොම්ප කල යුතුය.. නමුත් ඒවා හරි නහර දිගේ එවිය යුතුය.. පැසයිය යුතු කරුණු කීපයක් ඇත.. දිමුත් යමක් කරමින් ලංකාව ස්ථාර කරන අවියක් බවට පත්ව ඇත.. සතුටුදායකම කරුණ නම් එයය.. දෙවැන්න චන්දිමාල්ගේ භූමිකාවය.. කඩුලු රකිමින් මහන්සිය නොබලා නොම්බර 4 පිතිකරු ලෙස ඉනීම දෙකේදිම ලකුණු ලබා ගනිමින් තරගයේ වැඩිම ලකුණු ලබාගත් සිංහ පිතිකරුවා ඔහුය.. ඔහු දැන් පරිණත බවක් ඔප්පු කරයි.. තෙවැන්න කුසල් මෙන්ඩිස් නැමති ලාබාල තරුණ පිතිකරුය.. වයසට වඩා සටනක් දෙන බව ඔප්පු කරයි.. අනාගතය ගැන සතුටු විය හැකි තුරුම්පුවක් බවට විශ්වාසය.. ධම්මිකත් නැති වේග පන්දුවේ උපරිමය නුවන් , චමීර , සුරංග තිදෙනා එකතු වී ලබා දෙයි.. සුලු සුලු අඩුපාඩුකම් මගහරවාගත්තානම් ජය අපිටය.. අවසන් වශයෙන් කියන්නට ඇත්තේ තරුණයන් රැසක් සමග දුෂ්කර නවසීලන්ත සංචාරයක මැතිව්ස් ප්‍රමුඛ සිංහයින් සටනක් දෙමින් උපරිමය කරන මේ උත්සාහයම වටින බවය...:sorry::sorry:
    -ජිවිතේ ම ක්‍රිකට් ( Life = CRICKET )