අන්තිමට අවංකව ආදරේ කලේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට ... දුක කියන්නේ මගේ පොඩි පොඩි වැරදි නිසා කෙල්ල අවුල් වෙලා හිටියේ එ අතර කෙල්ල ඩිග්රියත් අරගෙන සින්ගපුරු ගියා දැන් නොකනෙක්ෂන් ,
පාසල් කාලේ අවසාන ලව් එක මාස 6ක් කට්ට කාලා හැමදාම කෙල්ලගේ ස්කොලේ ගාව වේලි වේලි ඉදලා කෙල්ල සෙට් කරගත්තා .. කෙල්ලගේ ගෙදරින් පවා කැමැත්තෙන් හිටියා නමුත් මතක් වෙන කොට දුකයි .. මම කෙල්ල එක ෆිලිම් එකක් බලන්න ගියා කියලා කෙල්ලගේ අම්මා දැනගෙන කෙල්ලව මාවනැල්ලේ ස්කෝලෙට අයින් කරගෙන ගිහින් මාස 2ක් කට්ට කාලා තමයි ඒ ගැන දැනගත්තේ කෙල්ලගෙන් නෝකෝල් වෙලා තිබුනේ අනේ මම හරකා වගේ හිතුවේ එයාට කෝල් කරන්න ක්‍රමයක් නැතුව ඇති කියලා .මම ගෙදරට බොරුවක් කියලා ට්‍රිප් එකක් යනවා කියලා කිලෝමීටර් 90කට වඩා දුර මාවනැල්ලේ ගියා කෙල්ලට ෆෝන් එකයි තව උපන්දින ගිෆ්ට් එකකුත් අරගෙන එයාගේ උපන්දිනෙත් ඒ අස්සේ තමයි සෙට් වෙලා තිබුනේ , ටයිම් plan කිරීමේ දෝෂයක් තිබිලා මාවනැල්ලේ බහින කොට උදේ 2ක ට කිට්ටුයි විලිලැජ්ජා යන එනමගක් නැතුව හිස් බිල්ඩිමකට රිංගලා මමයි මගේ යාළුවයි පිටට පිට තියාගෙන නිදා ගත්තා එහෙම කට්ට කාලේ උදේ කෙල්ලගේ ස්කුල් එක ලගට ගිහින් කෙල්ල මිට් උනා කෙල්ල සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා අහෝ දුකකි අවුරුදුක් විතර දුක්වින්දා කෙල්ල කැම්පස් ගියා මට කැම්පස් යන්න රිසල් මදි උනා ... ඔන්න ඔහොම තමයි A/L කාලේ ආදරය සුන්දර වෙලා ගියේ ....