පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට නම් සංක්‍රමණිකයින්ට වසර 5ක් වෙනුවට නව නීති යටතෙ වසර 10ක කාලයක් එක්සත් රාජධානියේ ජීවත් වීමට සිදුවනු ඇත.
දායකත්වය මත පදනම් වූ පුරවැසිභාවය
" Contribution based Citizenship " නම් සුදුසුකම් ආකෘතියක් හඳුන්වා දීමට නියමිතයි.
නව "Contribution based Citizenship" යන්නෙන් අදහස් වන්නේ ආර්ථිකයට සහ සමාජයට සැබෑ ලෙස දිගු කාලයක දායකත්වයක් පෙන්විය නොහැකි නම්, පුරවැසිභාවයට අයදුම් කිරීමට පෙර පුද්ගලයින්ට දශකයක කාලයක් එක්සත් රාජධානියේ ගත කළහොත් පමණක් පුරවැසිභාවයට සුදුසුකම් ලැබීමයි.
හෙදියන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ AI තාක්ෂණවේදීන් වැනි ඉහළ කුසලතා (High skilled workers) ඇති ශ්‍රමිකයන් කිහිපයක් ඉහළ දායකත්වයක් ලබා දෙන පුද්ගලයින් ගනයට ඇතුළත් වන ලෙස නම් කරන බවත්, ඉහල දායකත්වයක් දෙන අයට පමණක් මෙම කාලය අඩු කරන බව ස්වදේශ කටයුතු කාර්යාලය පවසයි.
මෙසේ හදිසියේම බ්‍රිතාන්‍යය තුල ශුද්ධ සංක්‍රමනය අඩු කිරීමට පියවර ගෙන ඇති රජය Care worker visa නැවැත්වීමටත් ,
බහුතර Skilled visa ලබා ගැනීමට නම් උපාධි මට්ටම අනිවර්යය කිරීමත්,
සෑම වීසා එකකටම නව ඉංග්‍රීසි භාෂා සුදුසුකම් මැනීමක්ද ( English language requirements ) හඳුන්වා දෙනු ඇත.
රජය පවසන පරිදි ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි බොහෝ Adult Dependant Visa ලැබූ අය බ්‍රිතාන්‍යයට පැමින ඇති බවත්, නව ඉංග්‍රීසි භාශා සුදුසුකම් සීමාව යටතේ ඉංග්‍රීසි කතා කරන්නන් පමනක් බ්‍රිතාන්‍යයට මෙලෙස ඇතුල්වනු ඇති බවත් , බ්‍රිතන්‍යය සමාජය සමග ඔවුන්ව මුහු කිරීමට පහසු වන බවයි.
මෙසේ නීති තද කිරීමෙන් බ්‍රිතාන්‍යය තුල රැඳී සිටින්නන්ගෙ ප්‍රමාණයත්, පුරවැසිභාවය ලබන්නන්ගේ ප්‍රමාණයත් අවම කරගැනීමට හැකි බවත්, ඉතා සුදුසු අය පමණක් බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ලබනු ඇති බවත් රජය පවසයි.
ශුද්ධ සංක්‍රමණය කප්පාදු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ සකස් කරන ආගමන ධවල පත්‍රිකාව මගින් අද ශ්‍රීමත් කියර් ස්ටාර්මර් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් මෙම පියවර ප්‍රකාශයට පත් කර ඇත .