🌼 බුද්ධ කේන්දරය 🙏🙏🙏

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Ara mage kendare Ruchaka yogaya tiyeda.. eka ahaganna bari una
    කුජ 10 ස්වක්ෂේත්‍රව තීබීම හොඳයි. ඒත් නවාන්ශකයේ (කන්‍යා) සතුරුව දුර්වල නිසා රුචක යෝගය කිවුවට තේරුමක් නෑ. එහෙම බැලුවම හැම කේන්දරයකම යෝග තියෙනවා. අර යෝගය මේ යෝගය කියලා මිනිස්සුන්ට මානසික අල්ලස් දෙන්නේ business එකට ජෝතිෂ්‍යය කරන අය. ජෝතිෂ්‍යය කියන්නේ මම බොහොම ගරු කරලා සලකන ශාස්ත්‍රයක්. ඒක business එකක් කරගන්න මට අවශ්‍ය නෑ.

    ලලිත් කරුණාරත්න ලියපු එකක් නේද?
    එයත් ලියලා ඇති. මම දැකලා නෑ. මේ ලිවුවේ Elakiri Lovtus. Ⓒ 2023 Lovtus All Rights Reserved :cool:
    ------ Post added on Feb 4, 2023 at 3:30 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කුජ 10 ස්වක්ෂේත්‍රව තීබීම හොඳයි. ඒත් නවාන්ශකයේ (කන්‍යා) සතුරුව දුර්වල නිසා රුචක යෝගය කිවුවට තේරුමක් නෑ. එහෙම බැලුවම හැම කේන්දරයකම යෝග තියෙනවා. අර යෝගය මේ යෝගය කියලා මිනිස්සුන්ට මානසික අල්ලස් දෙන්නේ business එකට ජෝතිෂ්‍යය කරන අය. ජෝතිෂ්‍යය කියන්නේ මම බොහොම ගරු කරලා සලකන ශාස්ත්‍රයක්. ඒක business එකක් කරගන්න මට අවශ්‍ය නෑ.

    එයත් ලියලා ඇති. මම දැකලා නෑ. මේ ලිවුවේ Elakiri Lovtus. Ⓒ 2023 Lovtus All Rights Reserved :cool:
    ------ Post added on Feb 4, 2023 at 3:30 PM
    පට්ටයි එහෙනම්.
     
    • Like
    Reactions: Lovtus
    එකම උපන් දිනේ එකම වෙලාවෙ දෙන්නෙක්ට හෝ කිහිප දෙනෙක්ට එන්න පුළුවන් නේද? එතකොට ඒ හැමෝගෙම කේන්දරේට කියන්නෙ එකම දේවල්ද? මෝඩ ප්‍රශ්නයක්ද දන්නෙ නෑ. 🥴
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා (වැරදි ඇදහීම් වලින් යුත්) ජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්: සාමුද්‍රිකා ශාස්ත්‍රය (අත්බැලීම හෝ ශරීරයේ අවයව බලා ශාස්ත්‍රකීම, නිමිතිකීම) අසනිපාතාදී මහත් නිමිත්තෙන් ශුභාශුභ කීම, උත්පාතය කීම, ස්වප්න (සිහින) ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, (රෙදි ආදිය මීයන් කැපූකල ශුභාශුභ කීම, මූෂික ශාස්ත්‍ර, (ගිනි දෙවියා පිදීම එනම්) ගිනිපිදීම, හැඳියාගය, (ගිනිපූජා මාර්ගයක්) දහවියා යාගය, කුඩුයාගය, හාල් යාගය, ගිතෙල් යාගය, තෙල් යාගය, මුව යාගය. (අබ ආදිය කටේ දමා මන්ත්‍ර කියා ගින්නට පිඹීම හෝ දැමීම). ලේ යාගය, අංග විද්‍යාය, (ශරීරය හෝ ඇඟිලි පූරුක් බලා ගුණ අගුණ කීම) වාස්තු විද්‍යාය, (ගෙයක බඩු ආදියේ ගුණ දොස් පෙන්වීම), නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්තිකරණ විද්‍යාව (සිවල්රුත) භූත විද්‍යාව (යක්ෂයින් දමනය කරණ විද්‍යාව), බිමගෙයි වාසය කරන්නන් විසින් ඉගෙනගතයුතු මන්ත්‍රය, සර්ප මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑකල පිළියම් කිරීමේ විද්‍යාය, (පක්ෂි) කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය යනුයි. එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරණ මිථ්‍යා (වැරදි ඇදහීමෙන් යුත්) ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය ‘මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

    “සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් (වැරදි ඇදහීම් වලින් යුත් ජීවිකාවෙන්) ජීවිකාව කෙරෙත්. එනම්: මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණිලක්ෂණය, දඬු ගැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩලක්ෂණය, ඇඳුම්වල ශුභ අශුභ කියන වස්ත්‍ර ලක්ෂණය, කඩු ලකුණුය, ඊ ලකුණුය, දුනු ලකුණුය, ආයුධ ලකුණුය, ස්ත්‍රීලකුණුය, පුරුෂ ලකුණුය, පිරිමි ළමයින්ගේ ලකුණුය, ගෑනු ළමයින්ගේ ලකුණුය, දාසයින්ගේ ලකුණුය, දාසීන්ගේ ලකුණුය, ඇතුන්ගේ ලකුණුය, අශ්ව ලකුණුය, මීහරක් ලකුණුය, ගොන් ලකුණුය, දෙනුන්ගේ ලකුණුය, එළුලකුණුය, බැටළු ලකුණුය, කුකුළු ලකුණුය, වටු ලකුණුය, කබරගොයින් ආදීන්ගේ (ගොධා) ලක්ෂණය - (කර්ණිකා ලක්ෂණය) හිස් කන් ආදී ආභරණ ලක්ෂණය, කැසුබුලක්ෂණය මෘග ලක්ෂණය යනුයි මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරණ මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
    ------ Post added on Feb 4, 2023 at 2:00 PM
    බුදුන් වහන්සේ ගැන වර්ණනාව නම් යහපත්, නමුත් වර්තමානයේ පාසැල්වල ළමයින්ට උගන්වන්නේ ඉහත සඳහන් ශිල්ප හා ශ්‍රාස්ත්‍රයන්ට වඩා දියුණු, අනර්ඝ දේවල් වෙන්නැති.. :rolleyes2: :sleep:
     
    • Like
    Reactions: Lovtus

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඕක බුදුහාමුදුරුවන්ගෙ කේන්දරේ නෙවෙයි. බුදුහාමුදුරුවන්ගෙ ජීවිත කතාවට ගැලපෙන විදියට පස්සෙ කාලෙක ජොතිශ වේදියො හදාගත්ත එකක්. ස්ටෙලාරියම් ඇප් එකෙන් හරියටම බලන්න පුලුවන් වසර දහස් ගානක ග්රහ පිහිටිම් ඒත් ඒකට අනුවත් මෙහෙම ග්රහපිහිටීමක් තිබිල නෑ ඒකාලෙදි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    ලංකාවෙ කේන්දරේ බලලා ලංකාව විනාස වෙන්නෙ කවදද කියපන්.
    එළකිරි වෙබ් සයිට් ඒකේ කේන්දරේ බලලා යයිට් ඒකට අපල තියෙනවද සයිට් ඒක මැරෙන්නෙ කවද්ද කියපන්.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    කුජ 10 ස්වක්ෂේත්‍රව තීබීම හොඳයි. ඒත් නවාන්ශකයේ (කන්‍යා) සතුරුව දුර්වල නිසා රුචක යෝගය කිවුවට තේරුමක් නෑ. එහෙම බැලුවම හැම කේන්දරයකම යෝග තියෙනවා. අර යෝගය මේ යෝගය කියලා මිනිස්සුන්ට මානසික අල්ලස් දෙන්නේ business එකට ජෝතිෂ්‍යය කරන අය. ජෝතිෂ්‍යය කියන්නේ මම බොහොම ගරු කරලා සලකන ශාස්ත්‍රයක්. ඒක business එකක් කරගන්න මට අවශ්‍ය නෑ.

    එයත් ලියලා ඇති. මම දැකලා නෑ. මේ ලිවුවේ Elakiri Lovtus. Ⓒ 2023 Lovtus All Rights Reserved :cool:
    ------ Post added on Feb 4, 2023 at 3:30 PM
    Habai eken mata bohoma wasi una... wife ge ammala ehema sahenna kamathy una .. eyage kuja 8.. mage eken kapenawalu
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    මොකෝ නැත්තේ . top rated උන් ඉන්නව.
    ඕව විතරක් නෙවෙයි හදි හූනියම්, මන්ත්‍ර , හැරගිය අය ගෙන්වීම, ආදර සම්බන්දතාගොඩ දැමීම කරන උනුත් ඉන්නව. 5 star rated :baffled:

    https://www.fiverr.com/categories/lifestyle/astrology-psychics?source=gig_sub_category_link

    8zCKHmq.jpg
    යකෝ හුලේවාලි ගුරෙක් හොයා ගත්තා නං ගොඩනේ.
    මුන් වෙරිෆයි කරන්නේ කොහොමද මේක ජොබ් එක ඉවර උනාම
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මොකෝ නැත්තේ . top rated උන් ඉන්නව.
    ඕව විතරක් නෙවෙයි හදි හූනියම්, මන්ත්‍ර , හැරගිය අය ගෙන්වීම, ආදර සම්බන්දතාගොඩ දැමීම කරන උනුත් ඉන්නව. 5 star rated :baffled:

    https://www.fiverr.com/categories/lifestyle/astrology-psychics?source=gig_sub_category_link

    8zCKHmq.jpg
    අපෙ මාමා කෙනෙක් මීට අවුරුදු අටකට කලින් පත්ත්රේ තිබුන ඇඩ් එකකකට කතා කරලා ඔහොම ශාන්තිකර්මයක් කරා. රුපියල හතලිස්දාහක් බැන්කුවට දාලා රිසිට එක යවලා, අරුන් ෆෝන් එකෙන් ටික වෙලාවක් මතුරලා දැන් හරි කියලා. ආතුරයන්ම් මැරුනා අසනීපෙ වැඩිවෙලාම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    අපෙ මාමා කෙනෙක් මීට අවුරුදු අටකට කලින් පත්ත්රේ තිබුන ඇඩ් එකකකට කතා කරලා ඔහොම ශාන්තිකර්මයක් කරා. රුපියල හතලිස්දාහක් බැන්කුවට දාලා රිසිට එක යවලා, අරුන් ෆෝන් එකෙන් ටික වෙලාවක් මතුරලා දැන් හරි කියලා. ආතුරයන්ම් මැරුනා අසනීපෙ වැඩිවෙලාම
    එහෙනම් කිල්ලට අහුවෙන්න ඇති.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ගෞතම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ වෙසක් මස පුර පසොළොස්වක පොහෝ දිනෙක (564 BC) කටක ලග්නයෙන්, විසා නැකතෙන් උපන් බව පිළිගෙන තිබේ.
    ග්‍රහ පිහිටීම් මෙසේය ; රවි - මේෂ (10), චන්ද්‍ර - තුලා (4), කුජ - මකර (7), බුධ - මේෂ (10), ගුරු - කටක (1), ශුක්‍ර - වෘෂභ (11), ශනි - තුලා (4), රාහු - කටක (1), කේතු - මකර (7).
    View attachment 196357
    ජන්ම පත්‍රයක සතර කෙන්ද්‍රය (1,4,7,10) ම බලවත් වේ. බුද්ධ කේන්ද්‍රයේ සතර කෙන්ද්‍රයේම ග්‍රහයන් 4 දෙනෙකු උච්ච බලයෙන් සිටීම (ගුරු, ශනි, කුජ, රවි) අද්විතීය කරුණකි. බැලූ බැල්මට මෙය චක්‍රවර්ති රාජ යෝගයකි. එහෙත් කටක ලග්නයේ අධිපති සඳු සතුරු රාශියක (තුලා) නෛසර්ගික පාපියකු සමඟ (ශනි) සිටීමෙන් එකී චක්‍රවර්ති රාජ යෝගයේ බල බිඳී ඇත. ලග්නාධිපති හෝ චන්ද්‍රයා දුර්මුඛ වු විට රාජ යෝග නොයෙදෙන බව ජෝතිෂ්‍ය සිද්ධාන්තයකි.
    භාග්‍යස්ථාන අධිපති ලග්නයේ උච්ච් වී සිටියි. තවද බුධ 10 වැන්නේ බලවත්ව සිටියි. කරුණු එසේ හෙයින් මෙය රාජ යෝගයක් නොව අංගසම්පුර්ණ ඥාන යෝගයකි.
    ජලයට බලපවත්වන චන්ද්‍රයා 4 සිටිමින් ජල රාශියක් වූ ලග්නය (කටක) පූර්ණව දකියි. ජලය පිරුණු පොකුණක් අසල උපත සිදුවිය. 4 වැන්න යනු මාතෘ ස්ථානය යි. මාතෘ කාරක චන්ද්‍රයා සතුරු රාශියක් වූ 4 වැන්නේ පාපියකු සමඟ පාපින්ගේ දෘෂ්ටි ලබමින් පීඩිතව සිටීම ජන්මියාගේ මවට මාරක අපලයකි. උන්වහන්සේගේ උපතින් දින 7ක් ගිය තැන මවු තොමෝ කළුරිය කළාය. උත්පත්තිය සිදුවුණේ විසා නැකතින් බැවින් දන්නා කථාවට අනුව සිතුවොත් මහාමායා දේවිය දෙමාපියන් බැලීමට මාළිගයෙන් පිටව ඇත්තේ සා නැකතෙනි. සා නැකතින් ගමන් ගියොත් මාරක වේය යන්න ජෝතිෂ්‍යයේ සඳහන් කරුණකි. තවද 4 හි ශනි, චන්ද්‍රයා සමඟ වීමෙන් කුමරු ඉපදුනේ බලවත් ජන්ම ඒරාෂ්ටකයෙනි.
    ශනි 4 වූවත් උච්ච බලයෙන් යුතුවිය. තවද 4 අධිපති සිකුරු 11 හි ස්වක්ෂේත්‍රව සිටියාය. ශනි බලවත්ව 4 සිටීම සහ 4 බලවත් වීම යනු සුවිසල් වාසස්ථාන ලැබීමේ පිහිටීමකි. බෝසතුන්ට එවැනි වාසස්ථාන තුනක් තිබූ බව කියැවේ. එහෙත් චන්ද්‍රයා 4 සිටීමෙන් ඒවා කලින් කල වෙනස් වීමට ද අහිමි වීමට ද හේතුවෙයි.
    පිතෘස්ථානය නියෝජනය වන්නේ 10 නි. 9 න් ද පියා ගැන බැලිය යුතුයි. රවි යනු පිතෘකාරක ග්‍රහයා වෙයි. බුද්ධ කේන්ද්‍රයේ පිතෘස්ථානයේ පිතෘ ග්‍රහයා උච්ච ය. පිතෘස්ථානය අධිපති කුජ ද 7 උච්චව හිඳිමින් 10 දකියි. 9 අධිපතියා ද ලග්නයේ උච්ච වී 10 දැකීමෙන් මේ පිහිටීම් වඩ වඩාත් තීව්‍ර කරයි. එබඳු ජන්මියකුගේ පියා රජකු හා සමාන බලයෙන් යුතුවීම ශාස්ත්‍ර නියමයි. ඇත්තෙන්ම බෝසතුන්ගේ පියා රජෙකි. සුද්ධෝධන මහරජතුමා ය.
    සහෝදරස්ථානය වන 3 වැන්න අධිපති බුධ, 10 පාපියකු වන රවි සමග පීඩිතව සිටිමින් ද සහෝදර කාරක ග්‍රහයා වන කුජ උච්ච නමුත් පාපී කේතු සමඟ සිටිමින් ද සහෝදර ඵල හානි කර තිබේ.
    කුටුම්භස්ථානය 7 වෙයි. 7 අධිපති 4 නම් පතිවත ජීවිතය කරගත් මහත් ගුණවත් භාර්යාවක් ලැබීමට යෝගයකි. 7 අධිපති ශනි 4 උච්ච බලයෙන් සිටීමත්, විවාහකාරක සිකුරු ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව සබඳතා පෙන්වන අයස්ථානය වුද 7 ත්‍රිකෝණය වූද 11 සිටිමින් 4 දැකීමත් එකී යෝගය ප්‍රහර්ෂවත් කර තිබේ. සිදුහත් බෝසතුන්ට අනුපමේය ගුණසම්පන්න සුශීලවත් භාර්යාවක් හිමිවිය. ඇය නම් උතුම් යශෝදරාවයි. කුජ 7 බලවත් වූ බැවින් ඉක්මන් විවාහය ද නරක නවාංශකයක වියහැකි බැවින් හා රවි ගේ දෘෂ්ටිය ලද බැවින් විවාහයෙන් වෙන්වීම ද නියමයි. කුජ 7 වැන්නේ විවාහයට එතරම් ගුණ නැති බව ඉතා ප්‍රකට කරුණකි. කුජ උච්ච බලයෙන් සිටි බැවින් කණවැන්දුම් නොවී වෙන්වීම සිදුවිය. උපතේ සිට සොළොස්විය දක්වා ගුරුගේ මහදශාව විය. දශාවට අනුව මහානුභාව සම්ම්පන්න ජීවිතය විය. විවාහය සිදු වුයේ සෙනසුරු දශාව ලබද්දීය. කටකයට සෙනසුරු විවාහකාරකයා වෙයි. එහෙත් අසුබයා බැවින් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් නොවෙයි. දරුවා ලැබුණේ විවාහයෙන් අවුරුදු 13කට පසු විසිනම වියේදීය. ඒ පුත්‍රස්ථානාධිපති කුජ ගේ අතුරු දශාවේදී ය.
    දාරකස්ථානය හිමි කුජ පාපියකුගේ රාශියේ පාපියකු සමඟ සිටියි. නපුංසක බුධ පහ දකියි. දරුඵල අඩු කරන යෝගයකි. එහෙත් පුත්‍රකාරක ගුරු ලග්නයේ උච්ච වීම බලවත් පිරිමි දරුවකු හිමිවීමේ බලවත් ලකුණකි. බෝසතුනට රාහුල නම් සුරතල් පුතෙකු සිටියේය.
    ලග්නයේ ගුරු ග්‍රහයා සිටීමෙන් ජන්මියාට අංගසම්පුර්ණ පිරිපුන් ශරීරයක් හිමිවෙයි. උන්වහන්සේගේ ගුරු ග්‍රහයා ලග්නයේ උච්ච ව උත්තම බලයෙන් යුතුව සිටි හෙයින් සියළු පුරුෂ ලක්‍ෂණයෙන් පරිපූර්ණ බබළන රූපකාය විය. බලවත් ඒරාෂ්ටකයෙන් ඉපදී ළදරු කල නොමැරී බේරුනොත් කවර ආකාරයක හෝ ශ්‍රේෂ්ටයකු වන බව ජෝතිෂ් ශාස්ත්‍රයේ දැක්වෙයි. සොළොස්වියේ සිට වයස අවුරුදු 35 දක්වා වූ සෙනසුරු මහදශා කාලය තුල ගිහිගෙය හැර වනගත වීම, දුෂ්කරක්‍රියා කිරීම ආදී සියලු දේ සිදුවිය. අවුරුදු 35 දී බුධ ගේ මහදශාව ලබද්දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වූ සේක. කේන්ද්‍රයක 11 වැන්න යනු සමාජ සම්බන්ධතා සහ එම සේවා පෙන්වන ස්ථානයයි. සිකුරු සමාජය නියෝජනය කරන ග්‍රහයා යි. එකොළොස් වැන්නේ සිකුරු ස්වක්ෂේත්‍ර බලයෙන් සිටීමෙන් උන්වහන්සේ කෙරෙහි පැවති ජාති, ආගම්, කුල ගෝත්‍ර පංති භේද කිසවක් නොසලකා සියල්ලන්ට සම කරුණාවෙන් තම සුඛ විහරණය පවා නොතකා අනුකම්පා සහගතව පිහිට වීමේ මහඟු ගුණය මොනවට පෙන්වයි.
    ශනි 4 වැන්නේ සිටනවුන් දැඩි සිත් ඇති ධෛර්යමත් සියල්ල සම සිතින් දැරීමට සමත් පුද්ගලයෝය. 4 ශනි උච්ච බලයෙන් වීම මෙම ගුණය වඩා තීව්‍ර ලෙස බුදුන් වහන්සේ තුල තිබිණ. මාරක ස්ථානය වන 8 වැන්නාධිපති උච්ච වීම දීර්ඝායුෂ දෙන යෝගයකි. එවැන්නෝ කොපමණ දුක් වින්දත් දීර්ඝායුෂ නොවළඳා නොමැරෙති.
    මේ ආකාරයෙන් බුදුරදුන්ගේ මුළු ජීවිත කාලය ගෙවී ගිය ආකාරය ජෝතිෂ්‍ය සිද්ධාන්ත මඟින් ඉතා ශුක්ෂ්ම ලෙස විවරණය කල හැකිය. ගිලනුන්ට උපස්ථාන කළ අවස්ථා, තවුතිසා දෙව්ලොව වස් වැසීම, පාරලෙය්‍ය වනයේ හුදෙකලාව වස් වැසීම, ජේතවනාරාම වැනි මහා විහාර පුජා ලැබීම, නින්දා අපහාස වලට ලක්වීම, විෂම පුද්ගලයන් දමනය කිරීම, අතීසාර රෝග වැළඳීම හා පරිනිර්වාණය යන මේ සියල්ල ග්‍රහබලාබල අනුවත් දශාඵල අනුවත් ඉතා මැනවින් විග්‍රහ කල හැකියි. මෙය ජෝතිෂ් ශාස්ත්‍රයේ විශ්වසනීයත්වය තහවුරු කරවන වැදගත් අවස්ථාවකි.
    ග්‍රහ බල. එතකොට කර්ම එල.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එකම උපන් දිනේ එකම වෙලාවෙ දෙන්නෙක්ට හෝ කිහිප දෙනෙක්ට එන්න පුළුවන් නේද? එතකොට ඒ හැමෝගෙම කේන්දරේට කියන්නෙ එකම දේවල්ද? මෝඩ ප්‍රශ්නයක්ද දන්නෙ නෑ. 🥴
    සථානය වෙනස් නිසා වෙනස් වෙන්න ඕන

    ඕක බුදුහාමුදුරුවන්ගෙ කේන්දරේ නෙවෙයි. බුදුහාමුදුරුවන්ගෙ ජීවිත කතාවට ගැලපෙන විදියට පස්සෙ කාලෙක ජොතිශ වේදියො හදාගත්ත එකක්. ස්ටෙලාරියම් ඇප් එකෙන් හරියටම බලන්න පුලුවන් වසර දහස් ගානක ග්රහ පිහිටිම් ඒත් ඒකට අනුවත් මෙහෙම ග්රහපිහිටීමක් තිබිල නෑ ඒකාලෙදි.
    ඒ කියන්නේ ජෝතිශ වේදියෝ ග්‍රහ වළල්ල කරකවලා තියෙනවා. :lol: මේක වැරදි නම් ඔය කියන app එකෙන් බලලා නිවැරදි බුද්ධ කේන්දරේ මෙතන දාන්න ඕන. පුළුවන්ද වැඩේ කරලා දෙන්න. එතකොට හැමෝටම ඇත්ත දැනගන්න පුළුවන් වෙනවනේ.
    ------ Post added on Feb 4, 2023 at 7:56 PM
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    සථානය වෙනස් නිසා වෙනස් වෙන්න ඕන

    ඒ කියන්නේ ජෝතිශ වේදියෝ ග්‍රහ වළල්ල කරකවලා තියෙනවා. :lol: මේක වැරදි නම් ඔය කියන app එකෙන් බලලා නිවැරදි බුද්ධ කේන්දරේ මෙතන දාන්න ඕන. පුළුවන්ද වැඩේ කරලා දෙන්න. එතකොට හැමෝටම ඇත්ත දැනගන්න පුළුවන් වෙනවනේ.
    ------ Post added on Feb 4, 2023 at 7:56 PM
    ඉපදුන වෙලාවයි , අවුරුද්දයි දවසයි දන්නවද?
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉපදුන වෙලාවයි , අවුරුද්දයි දවසයි දන්නවද?
    දැන් ඕක දැනගෙන නෙමෙයිද කේන්දරේ වැරදියි කිවුවේ? 🧐
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    දැන් ඕක දැනගෙන නෙමෙයිද කේන්දරේ වැරදියි කිවුවේ? 🧐
    ඉපදුනා කියන කාල පරාසය අනුමාන කරලා හෙව්වලු හම්බුනේ නැල්ලු
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉපදුනා කියන කාල පරාසය අනුමාන කරලා හෙව්වලු හම්බුනේ නැල්ලු
    ලූ??
    rep.JPG
    ඔය comment එකේ ලූ යන්නක් නම් පෙන්න නෑ කොහෙවත්. අතැඹුලක් සේ සියල්ල දැනගෙන කියලා තියෙන්නේ. නැද්ද?
    app එකෙන් හරියටම බලලා වගෙයි කතාව