🔪 සත පහක් දෙන්නෙ නෑ... සත පහක්...!!

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    🔪 සත පහක් දෙන්නෙ නෑ... සත පහක්...!!

    සත පහකින්වත් මැති ඇමැති පඩි වැඩි කරන්න දෙන්නේ නැහැ

    මැති ඇමැතිවරුන්ගේ වැටුප් ශත පහක්‌වත් වැඩි කිරීමට තමන් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    මෙය මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කරන වෙලාවක්‌ නොවන බවත් රටේ ජනතාවට තිබෙන ජීවන වියදම සහ අනෙකුත් ප්‍රශ්න සමග ආදර්ශයක්‌ දිය යුතුව ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඉකුත් සෙනසුරාදා 4 දා සවස පොළොන්නරුවේ පැවැති රැස්‌වීමකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

    පක්‍ෂ නායකයන් සියලුම දෙනා එකට එක්‌වී ඇමැතිවරුන්ගේ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ පඩි වැඩි කිරීම සඳහා තීන්දුවක්‌ ගත් බව හිතවත් රජයේ ඇමැතිවරයකු ප්‍රකාශ කර තිබෙනු තමා මාධ්‍ය මගින් දැනගත් බව කී ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ගේ පඩි ශත පහක්‌වත් වැඩි කිරීමට තමන් ඉඩ නොදෙන බව කීවේය. කොතැනක තීන්දු ගත්තද එය කැබිනට්‌ මණ්‌ඩලයට ආයුතු බව කී ජනාධිපතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයේදී එය සම්මත කිරීමට තමන් ඉඩ දෙන්නේ නැතැයිද පැවැසීය.

    2015 වසරේ සිට මේ අවුරුදු 3 1/2 ක කාලය තුළ මැති ඇමැතිවරුන්ගේ වැටුප් දීමනා වැඩිකර තිබෙන බව කී ජනාධිපතිවරයා එය තම වැටුප මෙන් පස්‌ ගුණයක්‌ පමණ බවත් වැටුප් තවත් වැඩි කරන්නට කතා කරන්නේ ඒ අතරතුර බවත් කීය. ජනාධිපතිවරයාගේ මාසික වැටුප මිලියන ගණනක්‌ විය හැකි යෑයි ඇතැමුන් සිතා සිටින නමුත් දීමනා කිසිවක්‌ නැතිව තමන්ට ලැබෙන්නේ මසකට රුපියල් 95,000 ක්‌ බවද හෙතෙම කීවේය. පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ලබන වැටුප් දීමනා පිළිබඳව හෙළිදරව් කිරීම ගැන හෙට අනිද්දා ඔවුන් තමන්ට බනින්නට ඉඩ ඇතැයි කී ජනාධිපතිවරයා බැන්නාට කමක්‌ නැතැයිද කීවේය.

    Source
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මං මේ කල්පනා කරන්නේ හිටපු රජ්ජුරුවෝ මහේන්ද්‍ර රාජපක්ස මැතිදුන් 95000 කැ පඩියෙන් ළමයි 3යි වියදම් අධික ගැනියෙකුයි කොහොම බලාගත්තද කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවු අප්පා මෙත්පල්...
    95න් කොහොම ජිවත් වෙනවද මන්ද...
    දැන් කාලේ බස් කොන්දලත් මසේට ලක්සේ පන්නල හොයනවා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    ඔව් ඉතින් සත පහකින් නෙවේ ඊට වඩා වැඩි ගානකින් වැඩි කරලා දේවි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ජනාධිපතිවරයා සිය වැටුප සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය සාවද්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ප‍්‍රසන්න රණතුංග පවසනවා. ජනාධිපතිවරයා ඊයේ (04) පොළොන්නරුවේදී ප‍්‍රකාශ කළේ තමන්ට අනූ පන්දහසක වැටුපක් පමණක් හිමිවන බවයි.

    මීට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග කියා සිටියේ මෙම ප‍්‍රකාශයෙන් ජනාධිපතිවරයා ජනතාව නොමග යවා ඇති බවයි.

    එහිදී "ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් කරන්නේ..එතකොට එතුමට ලැබෙන අනූපන්දහසෙන්ද ඔය සංග්‍රහ වියදම් කරන්නේ.. දුරකතන බිල් ගෙවන්නේ...එහෙම කියනවා නම් මුළු රටම දන්නවා ඒක බොරුවක් කියලා. එතුමා ඔයිට වඩා වගකීමකින් ඔය වගේ ප්‍රකාශ සිද්ධ කරන්න ඕනේ. ඔය ප්‍රකාශය ජනතාව නොමග අරින්න කරපු එකක්. ඒ නිසා ජනතාවට ඇත්ත කිව්වා නම් හොඳයි." යනුවෙන් සඳහන් කළා.

    පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ති‍්‍රවරුන්ගේ වැටුප රුපියල් දෙලක්ෂ අසූදහසක් පමණ වන බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර ප‍්‍රසන්න රණතුංග පැවසුවේ. කෙසේවෙතත් ආණ්ඩුවේ ඇමතිකම් නොදරන මන්ත්‍රිවරුන්ට සංවර්ධන කමිටුවල සභාපතිවරු හැටියට රුපියල් ලක්ෂ 05කට වැඩි මුදලක් ලැබෙන බවද සඳහන් කළා.

    පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ට වඩා රාජ්‍ය ඇමතිවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වැටුප වැඩි බවයි ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ. මන්ති‍්‍රවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ජනාධිපති ඉඩ ලබා නොදෙන බවට කළ ප‍්‍රකාශය ද මෙහිදී එම පෙරමුණේ පැසසුමට ලක්වුණා.

    පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රජයේ අවදානය යොමුව ඇති බව පළමු වරට අනාවරණ කළේ නෙත් නිවුස් තුළින්. පසුව මේ පිළිබඳ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මං මේ කල්පනා කරන්නේ හිටපු රජ්ජුරුවෝ මහේන්ද්‍ර රාජපක්ස මැතිදුන් 95000 කැ පඩියෙන් ළමයි 3යි වියදම් අධික ගැනියෙකුයි කොහොම බලාගත්තද කියල

    ඒ වඩිය විතරයිනේ මචං... ඇයි වරප්‍රසාද දීමනා කොච්චරක්ද
    ලයිට් බිල = 0
    ටෙලිපෝන් බිල = 0
    ප්‍රවාහන පහසුකම් (උඩින්,බිමිම්, දියෙන්) = 0
    බෙහෙත් හේත් = 0
    කාර්යාල + ලිපිද්‍රව්‍ය = 0
    වාහන
    ආරක්ෂාව
    එකී නොකී කීයක් දේවල්ද...?

    අපිට එහෙමෙයි, බඩ බුරුලෙන් ගියත් රු 500 කට විතර තට්ටුවෙනවනේ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රජයේ අවදානය යොමුව ඇති බව පළමු වරට අනාවරණ කළේ නෙත් නිවුස් තුළින්. පසුව මේ පිළිබඳ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

    ඔය නෙත් නිව්ස් එක රිෆර් කරන් හැමෝම කියනවා... ජනාධිපති පවා කියවනවා... ඒත් අහන අහන එකා අකමැතියිලු.. පක්ෂ නායකයො ඔක්කොමලා කැමති උනානම් ඒකට ඔය යෝජනාව ඉදිරිපත් කලේ මොකාද දන්නේ නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ වඩිය විතරයිනේ මචං... ඇයි වරප්‍රසාද දීමනා කොච්චරක්ද
    ලයිට් බිල = 0
    ටෙලිපෝන් බිල = 0
    ප්‍රවාහන පහසුකම් (උඩින්,බිමිම්, දියෙන්) = 0
    බෙහෙත් හේත් = 0
    කාර්යාල + ලිපිද්‍රව්‍ය = 0
    වාහන
    ආරක්ෂාව
    එකී නොකී කීයක් දේවල්ද...?

    අපිට එහෙමෙයි, බඩ බුරුලෙන් ගියත් රු 500 කට විතර තට්ටුවෙනවනේ...

    :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්දා... කැබිනට් එකෙනුත් අනුමත වෙලා එනකම් විධායකය දන්නේ නැ මේ දේවල්.... හරකා වගේ තප්පුලනවා පත්තරෙන් දැකලා.... මූ නම් රියල් ග්‍රාමසේවක.... ඇත්තටම ජනතාව ගැන හිතනවනම් මීට වඩා වගකීමෙන් මුලින්ම මේව කප්පාදු කරන්න තිබ්බනේ......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ මන්දා... කැබිනට් එකෙනුත් අනුමත වෙලා එනකම් විධායකය දන්නේ නැ මේ දේවල්.... හරකා වගේ තප්පුලනවා පත්තරෙන් දැකලා.... මූ නම් රියල් ග්‍රාමසේවක.... ඇත්තටම ජනතාව ගැන හිතනවනම් මීට වඩා වගකීමෙන් මුලින්ම මේව කප්පාදු කරන්න තිබ්බනේ......

    උඹට හිතෙන්නෙ නැද්ද මේක තිර පිටපතකට අනුව වෙන දෙයක් කියලා.

    අපි දිගටම මේ කම්මුතුවාදී ආණ්ඩුව කොන්ටිනිව් කොරමු එජාප කොච්චර මුරණ්ඩු තීන්දු ගත්තත් අපේ ලොකු උන්නැහැ ඒවට ඉඩ දෙන්නෙ නැහැ. මේක දරදඬු එකක් නෙවෙයි මොන තීරන ගත්තත් ඒවා වෙනස් කරන්න නම්‍යශීලීයි කියල මතයක් ඇති කරන්නකළ දෙයක්වගේ පේන්නෙ නැද්ද...?

    ඉස්සරහට ඡන්දෙකුත් එනවද කොහෙද...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹට හිතෙන්නෙ නැද්ද මේක තිර පිටපතකට අනුව වෙන දෙයක් කියලා.

    අපි දිගටම මේ කම්මුතුවාදී ආණ්ඩුව කොන්ටිනිව් කොරමු එජාප කොච්චර මුරණ්ඩු තීන්දු ගත්තත් අපේ ලොකු උන්නැහැ ඒවට ඉඩ දෙන්නෙ නැහැ. මේක දරදඬු එකක් නෙවෙයි මොන තීරන ගත්තත් ඒවා වෙනස් කරන්න නම්‍යශීලීයි කියල මතයක් ඇති කරන්නකළ දෙයක්වගේ පේන්නෙ නැද්ද...?

    ඉස්සරහට ඡන්දෙකුත් එනවද කොහෙද...

    මටත් හිතෙන්නේ මේක රගපැමක්..... තිර පිටපත සාර්ථකයි... බැරි වෙලාවත් දැන් හුටන් මේක අයින් කරා කියල පෙන්නන්න පුලුවන් උනානම් ගොඩම තමයි..... විද්වත් අදහස් වලින් කිරිය පිටාර ගලයි......
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    මටත් හිතෙන්නේ මේක රගපැමක්..... තිර පිටපත සාර්ථකයි... බැරි වෙලාවත් දැන් හුටන් මේක අයින් කරා කියල පෙන්නන්න පුලුවන් උනානම් ගොඩම තමයි..... විද්වත් අදහස් වලින් කිරිය පිටාර ගලයි......
    Agreed
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹට හිතෙන්නෙ නැද්ද මේක තිර පිටපතකට අනුව වෙන දෙයක් කියලා.

    අපි දිගටම මේ කම්මුතුවාදී ආණ්ඩුව කොන්ටිනිව් කොරමු එජාප කොච්චර මුරණ්ඩු තීන්දු ගත්තත් අපේ ලොකු උන්නැහැ ඒවට ඉඩ දෙන්නෙ නැහැ. මේක දරදඬු එකක් නෙවෙයි මොන තීරන ගත්තත් ඒවා වෙනස් කරන්න නම්‍යශීලීයි කියල මතයක් ඇති කරන්නකළ දෙයක්වගේ පේන්නෙ නැද්ද...?

    ඉස්සරහට ඡන්දෙකුත් එනවද කොහෙද...

    ඒක ඉතින් ශ්‍රී ලාංකීය දේශපාලනයේ හැටි.
    හින්දි ෆිල්ම් වල කන්සෙප්ට් එකම තමා...

    හීරෝ පොර කරන්න අනිත් උන් පහලට ඇදලා දානවා... ප්‍රධාන නලුවා තමන්ගේ කෙල්ල ගොඩ දාගන්න කරන ඕනම කුජීත වැඩක් ජෝක් එකක්. හැබැයි තව තැනක කෙල්ලෙක්ට අවට මිනිස්සුන්ට කරදර කරන උන්ට විරුද්ධ වෙන වීරයෙක්... මේ දෙබිඩි බව මෙහෙ පොලිටික්ස් වල එමටයි. මෛත්‍රී කරන්නෙත් ඒක. තමන්ගේ දුව පුතා කරන ඒවා ගැන නොදන්නවා වගේ ඉඳලා පුලුවනෑ හයියෝ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක ඉතින් ශ්‍රී ලාංකීය දේශපාලනයේ හැටි.
    හින්දි ෆිල්ම් වල කන්සෙප්ට් එකම තමා...

    හීරෝ පොර කරන්න අනිත් උන් පහලට ඇදලා දානවා... ප්‍රධාන නලුවා තමන්ගේ කෙල්ල ගොඩ දාගන්න කරන ඕනම කුජීත වැඩක් ජෝක් එකක්. හැබැයි තව තැනක කෙල්ලෙක්ට අවට මිනිස්සුන්ට කරදර කරන උන්ට විරුද්ධ වෙන වීරයෙක්... මේ දෙබිඩි බව මෙහෙ පොලිටික්ස් වල එමටයි. මෛත්‍රී කරන්නෙත් ඒක. තමන්ගේ දුව පුතා කරන ඒවා ගැන නොදන්නවා වගේ ඉඳලා පුලුවනෑ හයියෝ

    හුටන්ගෙ නොහැකියාව නැත්නම් ආණ්ඩුවට හෙණ ගැහුවත් පොරට ප්‍රතිරූපයක් හදාගන්න අවස්ථාව තිබුණා... කොහෙද ඉතින් අගමැතිට සර් කියන විධායකයට ඒ තරම් හයියක්.... හැම දේම හත්පොලේ ගාගන්නව මිසක.... පොර ජනතාවගේ පැත්තෙන් හිටගන්න උවමනාව තියෙන එකෙක් උනත් පොනිල් අනෙන් අල්ලලා උන්ගෙ පැත්තේ පොලිටම ගන්නවනේ....
     
    මෙතන වෙන්නෙ බල තල හකුලගෙන ඔහේ ඉන්නව. එක එක අය තීරණ ගන්නව ඒවයින් රටට කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් අවාසි වෙන දේවල් වලට විතරක් විරුද්ධ වෙනව... අනේ මන්දා ඉතිං
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හුටන්ගෙ නොහැකියාව නැත්නම් ආණ්ඩුවට හෙණ ගැහුවත් පොරට ප්‍රතිරූපයක් හදාගන්න අවස්ථාව තිබුණා... කොහෙද ඉතින් අගමැතිට සර් කියන විධායකයට ඒ තරම් හයියක්.... හැම දේම හත්පොලේ ගාගන්නව මිසක.... පොර ජනතාවගේ පැත්තෙන් හිටගන්න උවමනාව තියෙන එකෙක් උනත් පොනිල් අනෙන් අල්ලලා උන්ගෙ පැත්තේ පොලිටම ගන්නවනේ....

    මෛත්‍රීට
    චන්ද පදනමක් නෑ.. රනිල්ට ජන ප්‍රසාදයක් නෑ...
    ඒ මදිවට මිනිස්සු ලොකු කම්පිටිෂන් එකකින් පරද්දපු හිටපු ජනපති නැවත පොරපිටියට...
    මෛත්‍රීට සෙට්ල් වෙන්න විදිහක් නෑ.. මෛත්‍රී හිතන්න ඇත්තේ කාම් එකේ වැඩ කරන්න ලැබෙයි කියලා... රනිල්නම් ප්ලෑන් කරන්න ඇත්තෙම දැන් තියෙන තත්වේ. මහින්දත් ආපහු එන්න හිතන්න නැතුව ඇති. මහින්දගෙන් ගොඩ යන්න හිතාගෙන ඉන්න අය නිසා මහින්ද නැවත එන්න හිතුවෙ සමහරවිට මහින්ද පක්ෂෙ දුන්න ගමන් ඔක්කොම වැරදි රාජපක්ෂලා කලේ කියල අත හෝදගන්න සෙටාර් එකක් සිටිය නිසා වෙන්නත් පුලුවන්.
    අන්තිමට උනේ කාගේ කාගෙත් වෙස් ගැලවුනු එක විතරයි 2015ජනවාරි 8 න්.
    කාටවත් කොන්දක් නෑ බැඳුම්කරයෙන් හරි මෙගා ඩීල් වලින් හරි චීනෙන් හරි දූෂණයට ලක්වුනු ධනය නැවත රජයට පවරා ගන්න..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙතන වෙන්නෙ බල තල හකුලගෙන ඔහේ ඉන්නව. එක එක අය තීරණ ගන්නව ඒවයින් රටට කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් අවාසි වෙන දේවල් වලට විතරක් විරුද්ධ වෙනව... අනේ මන්දා ඉතිං

    බලතල හකුලා ගෙන ඉන්නවා කියන්නේ වක්‍රව දූෂණයට වංචාවට සහයෝගය දෙනවා කියන එක.එදා මහින්දට චෝදනා කලා ෆයිල් හංගන් ගේම් ගහනවා කියලා.. අලුත් ආරකින් අද වෙන්නෙත් ඒක.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බලතල හකුලා ගෙන ඉන්නවා කියන්නේ වක්‍රව දූෂණයට වංචාවට සහයෝගය දෙනවා කියන එක.එදා මහින්දට චෝදනා කලා ෆයිල් හංගන් ගේම් ගහනවා කියලා.. අලුත් ආරකින් අද වෙන්නෙත් ඒක.

    :yes::yes: නරකම දෙය තමයි නොරටුන් මේ ගේම් එකට කෙලින්ම සම්බන්ධ වීම. අපිට අපේ රටේ ඉඳගෙනම විදේශිකයන් එක්ක තරඟ කරන්න වේවි එදිනෙදා අවශ්‍යතාවලට පවා.