July 8, 2024 එහෙම කිව්වේ. පරණ news date නැතුව දාලා පඩි වැඩිකරන්නේ 2025 ජනවාරි. දැන් රාජ්‍ය ආදායම වැඩි කරගෙන තියෙන්නේ . මෝඩ ජෙපි ගොන් ආතල්
කාලකන්ණි ජෙප්පෝ වැඩ වර්ජන කරලා ඉස්කෝල වහල රු.25,000 පඩි වැඩි කරන්න ඉල්ලුව 2024 මැයි, ජූනි , ජූලි වල. 2025 ඉඳන් පඩි වැඩි කරනවා කිව්වාහම දැන් ලියන හෑලි බලපන්කො
රජයේ සේවකයින්ගේ මූලික වැටුප රු.25,000කින් ඉහළ දමන ලෙස ආණ්ඩුවට බල කරන්න වැඩ වර්ජනයක් කැඳවයි
2 months ago 7.9 K
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් 25000 ක දීමනාව සමස්ථ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවාවන්ගේ සියලුම නිලධාරීන්ට ශ්‍රේණි භේදයකින් තොරව ලබා දෙන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ බවත් එහෙත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ දමා නොමැති බවද එම සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහකළ බවත් එහෙත් සාකච්ඡාවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකළ බවද හෙතෙම පැවසීය.
මේ නිසා වැටුප් වැඩිවීමක් ඉල්ලා අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙන බවත් මේ අනුව අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම දින දෙක තුළදී සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල් සේවකයන් හා කාර්යාල කාර්ය සහායක සේවාවල පිරිස් සේවයෙන් ඉවත්වන බවද ඔහු සඳහන් කළේය.
July 3, 2024 at 12:00 pm | lanka C news
රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ බවත් එහෙත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ දමා නොමැති බව ද එම සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කළ බවත්එහෙත් සාකච්ඡාවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකළ බවද පැවසීය.
මේ නිසා වැටුප් වැඩි වීමක් ඉල්ලා අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙන බවත් මේ අනුව අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම දින දෙක තුළදී සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල් සේවකයන් හා කාර්යාල කාර්ය සහායක සේවාවල පිරිස් සේවයෙන් ඉවත්වන බවද සඳහන් කළේය.
– ඉන්දික තේවාවිතාරණ
-
https://lankacnews.com/විසිදාහකින්-පඩි-වැඩි-කරන/
රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20000කින් වැඩි කරන්නැයි ඉල්ලයි
- 29 05 2024 - 09:00 - 1201 views - ඉන්දික හේවාවිතාරණ
රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(29දා) සිට ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
මේ අනුව පළමු ක්‍රියාමාර්ගය ලෙස රාජ්‍ය හා අර්ධ රාජ්‍ය, වතු හා ශිෂ්‍ය ප්‍රජාව ඒකාබද්ධ වී කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වනබවඑම සංගමයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
දෙවන ක්‍රියාමාර්ගය ලෙස ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වන බවත් ඉන්පසුව වැඩවර්ජන ක්‍රියාමාර්ග පැවැත්වීමටත් සැලසුම් කර තිබෙන බවදපවසා සිටියේය.
රාජ්‍ය සේවය තුළ පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිස ගැටලු රැසක් ඇති වී තිබෙන බවත් මේ නිසා පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ඉල්ලා හා රාජ්‍ය දේපළ විකිණීම නවතා දමන ලෙස හා අධ්‍යපාන ප්‍රතිසංස්කරණ සිදුකරන මුවාවෙන් අධ්‍යාපනය විකුණා දැමීමට සිදුකරන සැලසුම් අහෝසි කරන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ග සිදුකරන බවද සඳහන් කළේය.
රාජ්‍ය සේවයේ ඉහළ ශ්‍රේණිවල පිරිස්වලට පසුගිය කාලය පුරාම මූලික වැටුප් හා දීමනා ඉහළ දමා තිබෙන බවත් එහෙත් පහළ ශ්‍රේණිවල පිරිස්වලට 2016 වසරින් පසු මූලික වැටුප් ඉහළ දමා නොමැති බවත් පසුගිය කාලය තුළදී යම් යම් දීමනා ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කළ බවද පවසා සිටියේය.
මේ නිසා රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවත් පහළ ශ්‍රේණිවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට දැනට හිමිවන වැටුප මේ වන විට ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.
-
https://www.ada.lk/breaking_news/රාජ්‍ය-සේවක-මූලික-වැටුප-රුපියල්-20000කින්-වැඩි-කරන්නැයි-ඉල්ලයි/11-409880