අලුත් වයවස්තාවක රාජ්‍යයේ ස්වභාවය මොකද්ද ?වැදගත්ම ප්‍රශ්නේ ඒක නේද
අනිවාර්යෙන්ම වැදගත්ම ප්‍රශ්නය මේක තමයි. ලංකාවේ මිනිස්සු ඉතිහාසය පුරාම ඒකාධිපතියෙක් යටතේ ඉඳලා වහල් මානසිකත්වය අදටත් තියාගෙන ඉන්නවා. බහුතරයක් මිනිස්සු විශ්වාස කරන්නේ කවුරු හරි වැඩකාරයෙක් ඇවිල්ලා මේ රට ගොඩදාන්න ඕන කියන එකයි. දියසෙන් කතන්දරේ ඇත්ත ඕකනේ. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය හොඳයි කියලා බහුතරයකට හිතෙනවා. තනි මිනිහෙකුගේ අභිමතයට අනුව රට පාලනය කරන්න ජනාධිපති කෙනෙක් පත්කර ගන්නවා. මහජන නියෝජිතයෝ පත් කරගැනීමත් ඊට දෙවෙනි නෑ. මහජනතාව දේශපාලනයට මැදිහත් වෙන්නේ මැතිවරණයකදී විතරයි. ඒ අතරතුර මැදිහත් වෙන්න කිසිම අවස්ථාවකුත් ලබාදීලා නෑ මේ පවතින ක්‍රමය යටතේ. මිනිස්සුන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය හුදු මැතිවරණය කියන තැනට සීමාවෙලා තියෙන්නේ. අවුරුදු හයකට නියෝජිතයෙක් පත්කර ගත්තාම ඒ අවුරුදු හය පුරාවට ඌට කැමති විදියකට ඕන ගේමක් ගහගෙන ඉන්න පුළුවන්. එහෙම බැලුවාම පක්‍ෂය මාරු කළොත් මන්ත්‍රී ධූරය අහෝසි වෙන විදියට නීති සම්පාදනය කර තිබීම වටිනා දෙයක්. මැතිවරණයක් තියලා අවුරුද්දක් යද්දී පාර්ලිමේන්තුවේ බහුතර මතය රටේ බහුතර ජනමතය ට විරුද්ධව යාම මේ ක්‍රමයේ තියෙන ලොකුම විකෘතියයි. ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදීත් මහජන නියෝජිතයාගේ අභිමතය පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඌ ඒක බිස්නස් එකක් කරගන්නවා.
ඒ නිසා මැතිවරණ තිබ්බත් නැතත් මහජනතාවට යම් මට්ටමකින් වත් දේශපාලනය ට මැදිහත්වෙන්න අවස්ථාව ලැබෙන ක්‍රමවේදයක් අවශ්‍යයි. ජනතාව පත්කරගත්ත නියෝජිතයා ජනාධිපති වුනත් මන්ත්‍රී කෙනෙක් වුනත් ඌ ජනතා මතයට එරෙහිව කටයුතු කරනවා නම් ඌව පන්නලා දාන්න අවස්ථාවක් ජනතාවට තිබියයුතුයි (අඩු ගානේ අවුරුදු දෙකකට පස්සේ වත්). නීතිපති දෙපාර්තමේන්තුව වගේ තැන් එක පුද්ගලයෙකුගේ අභිමතයට නැටවෙන රුකඩ ආයතන නොවිය යුතුයි. අගවිනිසුරු ඇතුළු විනිසුරන් පත්කිරීමට ජනාධිපතිට තියෙන බලය අනිවාර්යෙන් අහෝසිකළ යුතුයි.
පවතින මැතිවරණ ක්‍රමයේ ඉඳලා මේ කියපු සියලු දේවල් වෙනස් කරලා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕන.
--
ps. ජනාධිපතිගේ සහ සියලුම මන්ත්‍රී වරුන්ගේ අනවශ්‍ය වරප්‍රසාද නැති කරලා හොරෙකුට දේශපාලනේට එන්න හිතෙන තත්වය වෙනස් කිරීමත් බෝම වැදගත් .