😟 සැමියා, දරුවන් සහ බිරිය බේරා ගන්න අලියා සමග සටනක් 😟

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අඩෝ පව් බන් මේ පැල අටව ගන්නත් මේ මිනිස්සු මේ ලමයි එක්ක කොච්චර දුක් විදින්න ඇතිද බන්. පුලුවන් නම් සෙට් වෙලා මේ මිනිස්සුන්ට බෙලෙක් ටිකක්වත් අරන් දෙමුකෝ බන්.මේ කිට්ටුව ඉන්න කෙනෙක් ගිහින් බලපල්ලා මචන්. එකෙක් බැහැපල්ල්කෝ වැඩේට. මේ පිනම ඇති
    මෙක කියවලා අහක බලන් යන්න බෑ බන්
     
    Last edited:

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    මේ අහිංසක මිනිස්සුන්ගෙ නායකයා තමන් කියල තමන්ගෙ හදවතට දැනෙන මනුස්සයෙක් නායකයෙක් වෙනකම් කොච්චර කල් බලන් ඉන්නද දෙවියනේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,001
    113
    මේ වගේ සිද්ධි දකින අනිත් උන්ට ඉගෙන ගන්න තියෙන පාඩම ආදයමට අනුව පවුල සැළසුම් කරගන්න. අනික තමයි කොන්ඩම් මිලදී ගන්න ලැජ්ජා වෙන්න එපා. අන්තිමට දුක් විඳින්නේ අසරණ දරුවන්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අඩෝ පව් බං.බලපං මූණවල් වල තියෙන අසරණ කම.ඒ උනාට ඔය තත්වෙ ඉද්දි ළමයි හතරක් හදන්නෙ ඇයි?ළමයි කොච්චර පව්ද?හරියට කන්න අඳින්න වත් නැතුව ඇති.ලංකාවෙ අඩු ආදායම්ලාභී පවුල් වලට උපත් පාලනය කියල දෙන්න ඕන.නැත්තම් නීතියක් ගේන්න ඕන එක ළමයෙක්ට වඩා හදන්න තහනම් කරලා.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,782
    1,493
    113
    මචංල, පුලුවන් කෙනෙක් ඉන්නව නම්,
    මෙයාල ඉන්න කිට්ටුව හෝ ආසන්න ප්‍රදේශයක මේ පවුලෙ අයට උදව් කරන්න මූලිකත්වය ගන්න..
    ඒළකිරියෙ අපිත් පුලුවන් විදියකින් support කරමු...
    මේ වගේ සමහර post වල බැංකු ගිණුම් අංක දානව. මේකෙ නැහැ.
    මම නම් ඒ් වගේ අවස්ථා වල රුපියල් 1000ක් හරි දානව..
    Math ekagai wadeta
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    images
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Math ekagai wadeta
    me ayata bank account ekawat tiyeda kiyala sure naha ban. puluwan kenek innwanam hoyan gihin me thread ekema danna wisthara set wela podi kamarayakwat hadanna ekathu karamau. lamai 3 dhenek inna nisa eka loku pinak wei machanla

    දරුවන්ට පවා කෑම බීම ද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රාතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිටවීමට කැමති අයෙක් සිටී නම් 0719020306 හෝ077 5053200 දුරකතන අංක ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.

    menna number eka dala tibuna post eke. call ekak aran wisthara ahaoallko
     
    • Love
    Reactions: Stimulus mind

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේ මිනිස්සුන්ගෙ විස්තර දන්නවද බන්, පොඩි ගෙයක් හරි හදලා දෙන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද, පුලුවන් නම් මට විස්තර හොයා ගන්න ක්‍රමයක් කියන්නකො
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    ඇයි බන් ඔය මිනිස්සු ළමයි හදන්නෙ තමන්ට දරාගන්න බැරි ගානට? අනික වයසත් 25 ක කෙල්ලෙක්. දැන් බලහන්කො. පවු නේ මිනිස්සු
     

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    පවු ඉතින්.
    රාජපක් දේශය තමයි ඔය. සීනි මුදලාලි කෙනෙක් උනා නං මොනවහරි කරන්න තිබුණා.
    Sahathika eththa machan 🙏

    E minissunge mune thiyana ahinsaka bawaw😔
    ------ Post added on Sep 19, 2021 at 2:23 PM

    image_de672c66d1.jpg


    නිවසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිද වල්අලියාගෙන් බේරා ගැනිමට වන එම වල්අලියා සමග ඔට්ටු වු පියකු අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ශෝචනීය පුවතක් හම්බන්තොට නාගර්වැව ප්‍රාද්ශයෙන් වාර්තා වීය.

    කුරුළු උයන ගම්මානය, නාගර්වැව, හම්බන්තොට ලිපිනයේ පදිංචි සිව් දරු පියකු වන 35 හැවිරි කේ.පී.ජී.අනුර මහතා මෙලෙස වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

    බිරිද වන 25 හැවිරිදි ඒ.නිලූකා දමයන්ති මහත්මිය එම බිහිසුණු අත්දැකීම මෙලෙස විස්තර කළාය.

    අපි ඉස්සර වෙලා පදිංචි වෙලා හිටියේ ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේ. එම ඉඩම් අලි කළමානාකරණ රක්ෂිතයට යනවා කියලා අපිට නාගර්වැව අද ඉන්න මේ ඉඩම් ලබා දුන්නා. මේ ඉඩම් වලට හැමදාම අලි එනවා. එදාත් එළිවෙනකම්ම අපි අලි එළවලා පාන්දර ටිකක් නිදා ගත්තා. නිදාගෙන වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ පාන්දර 6.30ට විතර ඇති එක සැරේම ගේ පිටිපැත්තෙන් වහලට ගැහුවා. එතකොට මායි මහත්තයයි දරුවෝ තුන් දෙනයි නිදාගෙන හිටියේ. මට හයියෙන් කෑ ගැහුණා. මහත්තයා නැගිටලා දොර ඇරලා බලන්න හදනකොටම අලිගේ බිත්තිය පෙරළුවා. අපි ඔක්කොම ගේ ඇතුළෙ හිරවෙලා.

    කරකියා ගන්න දෙයක් නැතිව අපි ගේ ඇතුළේ ඉදන් කෑ ගැහුවා. අලියා ගේ වහලයි බිත්තියයි කඩලා ගේ ඇතුලේ හිටිය අපේ පැත්තට හොඩේ දමන කොට මහත්තයා අලියා පැත්තට පැනලා අපිට දුවලා යන්න කිව්වා. අලියා මහත්තයා පස්සේ එළවද්දි මන් දරුවෝ තුන්දෙනා අරන් ගෙයින් එළියට පැනලා දිව්වා.ඒත් එක්කම අලියා මහත්තයාට ගැහුවා.මහත්තවා විසිවෙලා ගිහින් බිම වැටුණා.අලියා නැවත් ඇවිත් ගේ කැඩුවා. එතකොට අහල පහළ අයත් ඇවිත් කෑ කෝ ගහලා අලියා එළවා ගත්තා.ජිවිතේ අපි පුදුම තරම් බය වුනේ එදා තමයි.

    අලියා පැත්තට පැන්නේ නැත්නම් අලියා දරුවෝ තුන්දෙනත් එක්ක අපිව ගේ ඇතුලෙම මරා දමනවා.අලි ප්‍රහාරයන් මහත්තයගේ කකුල් දෙකයි අතයි කැඩිලා. එයා දැන් රෝහලේ.අපි කුළී වැඩ කරගෙන ජිවත් වෙන්නේ.අපිට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නෑ.එක පුතෙක් පන්සලක නවත්තලා තියෙන්නේ.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එක කාමර කෑල්ලක් හදා ගන්න අපිට පිහිටක් වෙන්න.

    මට අවුරුදු 10,7,4 හා අවුරුදු එක හමාරක දරුවෝ හතර දෙනෙක් ඉන්නේ.එක කාමර කෑල්ලක් හදාගන්න උදව්වක් කලොත් ඒක ලොකු පිනක් යැයි ඇය පැවසුවාය.


    image_8cd6342547.jpg


    image_3a56883517.jpg


    image_3f676b861e.jpg




    Source: දිලීප් ජයසේකර
    lankadeepa.lk
    [ https://www.lankadeepa.lk/news/සැමියා--දරුවන්-සහ-බිරිය-බේරා-ගන්න-අලියා-සමග-සටනක්/101-599265 ]
    Good post 🙂🙏
    ------ Post added on Sep 19, 2021 at 2:24 PM