🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ගෘහස්ථානය (4-සිවුවැනි භාව කොටුව)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,126
    21,672
    113
    සබැඳී ලිපි

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ලග්නය ↑

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ධනස්ථානය (2-දෙවැනි භාව කොටුව)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බන්ධුස්ථානය (3-තෙවැනි භාව කොටුව)

    --
    කේන්ද්‍ර සටහනක හතර වැනි භාව කොටුව යනු කේන්ද්‍රස්ථාන හතරෙන් (1, 4, 7, 10) එකක් වේ. ගෘහස්ථානය, මාතෘස්ථානය, සුඛස්ථානය වැනි පර්යාය නාම වලින් හැඳින්වෙන මෙම කේන්ද්‍රස්ථානයෙන් පදිංචි ගෘහය, නිශ්චල හා චංචල දේපොළ, මවු, මවුපියන්ගෙන් උරුම වශයෙන් ලැබෙන දේ, මවු පාර්ශවයේ නෑදෑ පරපුර පිළිබඳ විස්තර වැනි දේ පිළිබඳ නිවේදනය කරයි.

    home.JPG

    තවද යමෙකුගේ සාමාන්‍ය ඉගෙනීම, ස්ථිර වාසස්ථානයක් හිමිද යන වග සහ ජීවිතයේ අන්තිම කාලය කෙසේ ගතවන්නේද යනු සිවුවැනි භාවය පරීක්‍ෂාවෙන් දැනගත හැකියි. සිත පිළිබඳ කියැවෙන ප්‍රමුඛ ස්ථානය වන්නේ ද මේ හතරවෙනි කොටුවයි. ශරීරයේ නම් පපුව වේ.
    සිවු වැන්නේ ශුභ ග්‍රහයන් යෙදී ශුභයන් ගේ දෘෂ්ටි ද යහපත් ලෙස ලැබී ඒ ග්‍රහයන් ගේ දශාවන් ද නිසි කලට යෙදෙන්නේ නම් එවැනි තැනැත්තා ප්‍රීතියෙන් හා නියම සැපයෙන් තම නිවසේම වාසය කරන බව නිසැක වශයෙන් කිව හැකිය. ඔහුගේ මවු ද නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂය වළඳන්නීය. මවු පාර්ශවයේ නෑදෑයන්ගෙන් බොහෝ ඇප උපකාර ලැබෙනු ඇත.
    දුෂ්ට ග්‍රහ බලපැම් ආදියෙන් සිවුවැන්න දුර්වල නම් එබඳු තැනැත්තා ට කිසිකලෙකත් ස්ථිර වාසස්ථානය ක් උරුම නොවේ. දේපොළ හානිය සිදුවී දූෂ්‍ය වූ සිත් ඇති වේ. නෑදෑ විරෝධය ද එල්ලවේ. බොහෝවිට උපන් ගම් බිම් වලින් ද පිටමං වීමට සිදුවේ. ජීවිතයේ අවසාන කාලය අවාසනාවන්ත ලෙස ගතවේ.
    මේ හේතුන් නිසා කෙනෙකුගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කිරීමේදී සිවු වැනි භාවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතුය. එහි යෙදෙන රාශිය, ඒ රාශියේ අධිපති ග්‍රහයා, එහි සිටින ග්‍රහයන් ගේ යථා තත්වයන් (සංයෝග ආදිය) ද වැටී ඇති දෘෂ්ටිවල ස්වභාවය ද ප්‍රවේශමෙන් සලකා බැලීම අතපසු නොකළ යුතුය.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,672
    113
    10 kotuve inna grahayath mekata balapaanava neda ?>
    ඔව්. 8, 10, 12 තැන්වල ඉන්න ග්‍රහයන්ගේ බලපෑම 4 ට තියෙනවා.

    TFS 👍
    ඇත්ත
    මගේ 4 ශනි+චන්ද්‍ර තියෙන්නේ.ආයේ ඉතිං කියන්න දෙයක් නෑ උබට.
    මනුස්සයෙක්ට ලැබෙන්න හොදම නැති combination එකක්. :yes:
    ශනි - චන්ද්‍ර එකම රාශියක නම්, ඉපදිලා තියෙන්නේ ජන්ම ඒරාෂ්ටකයෙන්. ශනි - චන්ද්‍ර සංයෝගය 1, 2, 6, 8, 12 වගේ තැනක යෙදිලා ඉපදුන කෙනෙකුගේ කේන්ද්‍රය දුර්වල නම් කුඩා කාලයේදීම ජීවිතය පවා නැතිවෙන්න පුළුවන්. බලවත් ඒරාෂ්ටකයෙන් ඉපදිලා නොමැරී ජීවත් වෙනවා නම් ඒකෙන් කියන්නේ කේන්ද්‍රය බලවත් කියන එකයි. ඒ වගේ අයට පසුකාලයේ ලබන ඒරාෂ්ටක වලින් දරුණු අපල සිදුවෙන්නේ නැහැ. වෙනත් අවයෝග වලින් පවා වැඩි බලපෑමක් වෙන්නේ නැහැ. ජීවිතයේ අග භාගය වගේ වෙද්දී උපන් තත්වයෙන් සිය දහස් ගුණයකින් දියුණුවට පත්වෙන්න ඉඩ තියෙනවා. කොහොමත් ශනි - චන්ද්‍ර සංයෝගය කොතැනක තිබුණත් ඒ වගේ අයගේ ඔරොත්තු දීමේ ශක්තිය අනිත් අයට වඩා වැඩි බව කියන්න පුළුවන්.
    ------ Post added on May 10, 2023 at 11:00 AM
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර

    මේක නම් ඇත්ත මචං
    :yes:
    ඒත් මචං ජිවිතේ හොදම කාලේ ඕක සෙට් වුනාම පට්ට දුකක් තිබ්බා.
    දැන් ඉතිං කරන්න දෙයක් නෑ.
    පින් පව් තමයි. 🙏:)